• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුමාර් ගුණරත්නම්ලා නෙළුම් පොකුණ ළඟට වී මෝදිට හූ කිව්වාම හරිද? Sri Lanka Latest News

April 10, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කුමාර් ගුණරත්නම්ලා නෙළුම් පොකුණ ළඟට වී මෝදිට හූ කිව්වාම හරිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෝවියට් කඳවුරේ සහ ඇමෙරිකානු කඳවුර අතර තිබූ බල අරගලය තුළ ලෝකයේ බලගතු රාජ්‍යය සංකල්පය තුලනය වී තිබුණි. එකී කඳවුරු දෙක සක්‍රීයව පැවතුණු සමයේදී ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පාර්ශ්වය විසින් සිදුකළ බලහත්කාරයන් වන කියුබාව, උතුරු කොරියාව හා වියට්නාම් ආක්‍රමණයන්ද සූවස් ඇළේ අර්බුදය හරහා ඊජිප්තුවට පහරදීම අප්‍රිකානු කලාපයේ සූරාකෑම පමණක් නොව යටත් විජිත පාලනයන් බිඳවැටී ඉන්දියාව බුරුමය වැනි පූර්ණ නිදහස් රාජ්‍යයන්ද බිහිවිය. එහෙත් බටහිර කඳවුරේ කුමන්ත්‍රණයන් හා සෝවියට් නිලධාරිවාදයේ දුර්වලකම් මත සෝවියට් කඳවුරේ බිඳවැටීමත් සමගම යළිත් ඒකපාර්ශ්වික බල ධ්‍රැවීකරණය සිදුවිය. ඉන් පසුව දශක දෙකක් පමණ ඇමෙරිකාව ප්‍රමුඛ නැටෝ කල්ලිය විසින් තෙල් හා ඛණිජ සම්පත් කොල්ලය වෙනුවෙන් ලේ සෙලවූ ආක්‍රමණ ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය වැනි රටවල් ආක්‍රමණය කළේය. බලය තුලනය නොවනවිට සිදුවීම් සිදුවූයේ එසේය. තවත් අතකින් ස්වාධීන පාලනයක් ගෙනගිය ඇෆ්ගනිස්තානයට 1979 දී සෝවියට් හමුදා කඩා වැදීම වළක්වාලන ලද්දේද ඇමෙරිකාව විසිනි. බලය තුලනය වනවිට සිදුවීම් එසේ සිදුවිය. මෙම රික්තකය පවතින සමයේදී එතෙක් පසුගාමීව සිටි චීනය සහ ඉන්දියාව යෝධ පිමි ඉදිරියට තබමින් ලෝක ආර්ථිකයේද බලශක්තියේද විද්‍යාවේද මිලිටරි බලයේද විශාල පංගුවක් අත්පත් කරගෙන නව බලවතුන් ලෙස නැගී සිටියේය. ඉන් පසුව ඔවුන් දෙදෙනාද නව යටත්විජිත ක්‍රමය නව ආරයකින් ක්‍රියාත්මක කළේ රටවල් ණය උගුලක හිරකර පාලනය කරමිනි.Sri Lanka Latest News

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය මේ වනවිට ලංකාවට අහිමිවූ මහානර්ඝ සම්පතකි. නමුත් එය දැන් ඉන්දියාව සතුවී ඇත. බලශක්තිය ඉන්දියාවට ලබා නොදෙන්නැයි කෑ මොර දෙන කුමාර් ගුණරත්නම්ලාට ත්‍රිකුණාමල තෙල් ටැංකි මගහැරී ඇත. 2012 සිට 2019 තෙක් තෙවතාවක් ලංකාවට මෝදි එන විට ‘හූ’ කියන්නට අමතක විය. ශ්‍රී ලංකාව යටත්කර ගෙන සිටි බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් 1920 දශකයේ ඉදිකරනු ලැබූ මෙම තෙල් ටැංකි අක්කර 827ක වපසරියක විහිදුණු, මෙටි්‍රක් ටොන් 10,000 බැගින් ධාරිතාවෙන් යුතු තෙල් ටැංකි 100කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත වේ. මෙම තෙල් යළි ශ්‍රී ලංකාවට අයත් වූයේ 1956 බලයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජයේ ක්‍රියාකලාපයෙනි. 1987 වනතුරු ත්‍රිකුණාමලය තෙල්ටැංකිවල අයිතිය හිමිවූයේ අපටය. එහෙත් ඉන්දියානු ආක්‍රමණශීලී පිළිවෙත ඉදිරියේ දණනමා යටත් වූ ජේ.ආර්. ජයවර්ධන 1987 ජූලි 29 වැනිදා ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කළේය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අතර හුවමාරු වූ ලිපියේ 2(iii) වගන්තිය අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සමූහය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට එකඟ විය. නමුත් 2003 වසරේ පෙබරවාරි 07 දා රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ අස්සන් කළ ගිවිසුමක් මත වසර 35ක බදු පදනම යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට (Lanka IOC) භාර දෙනු ලැබූ බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

2017 දී යළිත් රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ මෙම ටැංකි 99ම වසර 99 දක්වා බදු පදනම මත ඉන්දියාවට ලබාදීමට එවක අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් මලික් – සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවක පැවති ආණ්ඩුව එකඟ විය. එසේ ලංකාව සතුවූ මහා පරිමාණ ධනෝපායන මාර්ගයක් ඉන්දියාවට දී ඇති මොහොතක මෝදි ලංකාවේ දෙදින සංචාරයක නිරත වූ අතර පෙරටුගාමීන් ද එකල මේ රටේ ජීවත් විය. කිසිදු විරෝධයක් හූ හඬක් නොමැතිව මෝදි ලංකාවේ තමන්ගේ වැඩකටයුතු ඉටුකර ගත්තේය.
ලංකාව නැවතත් ඉංදියාවේ ණය උගුලේ සිරවූයේ, ගෝඨාභයගේ අතිශය දුර්වල පාලනය තුළය. 2021-22 වනවිට ලංකාව සහමුලින්ම බංකොලොත් වූ රාජ්‍යයක් බවට පත්වූ අතර ඉන් වඩාත්ම වාසිසහගත තත්ත්වයක් බවට හරවා ගනු ලැබුවේ කලාපීය ආර්ථික හා දේශපාලන බලවතා වන ඉන්දියාවයි. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස යළිත් ඉන්දියාව ඉදිරියේ දණනමා ක්‍රෙඩිට් ලයින් ක්‍රමයට ඩොලර් බිලියන 4.1ක අති විශාල ධනස්කන්ධයක් ලබාගත්තේ රට සදාකාලික මර උගුලක පටලවාය. බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යාමට පෙර කොළඹදී සියලු ගිවිසුම් අස්සන් කළ අතර, ඒවා පිළිබඳ මේ රටේ කිසිදු විරෝධයක් හෝ කතිකාවක් නොතිබිණි. අපට කොහෙන් හරි තෙල් ගහන්න සල්ලි ආවා වැනි හැඟීමක් සමස්ත සමාජයට මෙන්ම කුමාර් ගුණරත්නම්ලාටද තිබිණි. ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය මුදල් අමාත්‍යාංශයේ වාර්තා අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 100.18කි. මෙය ඩොලර් බිලියන 57.3ක් වන දේශීය ණයවලින් සහ ඩොලර් බිලියන 37.04ක් වන විදේශීය ණයවලින්ද ඩොලර් බිලියන 5.86ක් වන රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් රජයේ ඇපකරවලින්ද සමන්විත වේ. මින් ඉන්දියාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය ක්‍රෙඩිට් ලයින් හරහා ඩො. බිලියන 4.1ක්ද විදේශ ණය ප්‍රතිපත්තිය යටතේ තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 2807ක්ද වේ. රට බංකොලොත් කිරීමෙන් පසුව ඉන්දීය රජයෙන් අතිවිශාල ණය කන්දක් ලබාගත් අතර ඒවා ගෙවීමට මගක්ද ලංකාවේ පාලකයින් නිර්මාණය කර තිබුණේද නැත. කලාපීය බලවතා තමන්ගේ අසල්වැසි රටවල් යටත් කරගනු ලබන්නේ එකී රටවල පාලකයන් විසින් රටක් වළපල්ලට දැමීමෙන් පසුවය. ලංකාවටද බංග්ලාදේශයටද සිදුවූයේ එකම සංතෑසියමය.

අප දැන් මේ හා සමාන ලෙස භූ දේශපාලනයේ නිරතවන තවත් කලාපීය බලවතෙක් වන චීනය දෙසට හැරෙමු. විශාල මුදල් ප්‍රමාණයක් ණයට ගැනීමට රජයන් පොලඹවාගෙන ඒවා ආපසු ගෙවීමේ ගැටලු ඇතිවූ විට ඔවුන්ගෙන් එකී ණය ප්‍රමාණය අත්පත් කරගනු ලබන්නේ හම්බන්තොට වරාය අත්පත් කරගත් ආකාරයටය. චීනය රටකට මැදිහත්වීමට පෙර එම රටේ පාලකයා පිළිබඳ හොඳ අධ්‍යනයක නිරත වේ. මුදලට රට පාවාදෙන අදූරදර්ශී ආත්මාර්ථකාමී පාලකයන් සමග මිතුරු වී ප්‍රථමයෙන් විශාල ණය ප්‍රමාණයක් ලබාදී ඒ හා සමාන කොමිස් මුදලක්ද පිරිනමයි. එවැනි දැවැන්ත ණය ප්‍රමාණයක් වසර සිය ගණනක් ගත වුවද දුර්වල පාලකයන්ට ගෙවිය නොහැක. මහින්ද රාජපක්ෂ වැනි පාලකයන්ගේ මඩිස්සලය තරකර ගැනීම උදෙසා ලබාදෙන මෙම ණය කන්දට හිරවූ ලංකාව උගන්ඩාව, ඇන්ගෝලාව, බුරුමය, කෙන්යාව, ජිබුටි වැනි රටවල් සමූහයක් මේ වනවිට ලොව පුරා විහිදී ඇත. කොල්ලකාරී ආකාරයෙන් ආසියානු රටවලට හා අප්‍රිකාවට ණය දෙන බවට චීනයට මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.

චැතම් හවුස්හි සංඛ්‍යා ලේඛනවලට අනුව ඇන්ගෝලාව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක වැඩිම ණය ප්‍රමාණය ලබාගෙන ඇති අතර, සැම්බියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් සහ කෙන්යාව ඩොලර් බිලියන 6ක් ණය වී තිබේ. මේ සියලු රටවලට එම ණය මුදල් ආපසු ගෙවීම දුෂ්කර වී තිබේ. ඒ වෙනුවෙන් ඉඩම් හෙක්ටයාර් ලක්ෂ ගණනින්ද විශාල ඛණිජ සම්පත් නිධිද ගුවන් තොටුපළවල් වරායවල්ද චීනය අත්පත් කරගෙන ඇත. එම රටවල දේශපාලුවන් මේ වනවිට ප්‍රකෝටිපතියන් බවට පත්වී ඇත.
ලෝක බලතුලනය හමාර වීමත් සමගම චීනය සහ ඉන්දියාව නව බලවතුන් ලෙස ඉස්මතු වූයේ දශක දෙකක් වැනි කාලයක් තුළය. ඉන්දියාව මේ වනවිට කලාපීය බලවතාගේ ස්වරූපයෙන් ඔබ්බට ගොස් නව ජාත්‍යන්තර බලවතෙක් ලෙස මතුවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ නව සාමාජිකත්වය අපේක්ෂාවෙන් ඉන්දියාව සිටින්නේ ලොව හතරවැනි හමුදා බලයද අතැතිවය. ඉන්දියාවේ සහ චීනයේ ආර්ථික වර්ධනයත් සමගම ඔවුන්ගේ මුදල් මත යැපෙන දුර්වල රාජ්‍යයන් ගණනාවක් කලාපය තුළ හා ඉන් පිටත බිහිවිය. නිසි දැක්මක් නැති පාලකයන්ගේ නොපනත්කම් මත කඩාවැටුණු රාජ්‍යයන් ඔවුන්ගේ නව වෙළෙඳ හා ආර්ථික කොලනි බවට පෙරළාගනු ලැබීය. ශ්‍රී ලංකාවද සියවස් ගණනාවක් තිස්සේ ඉන්දීය බලපෑමට ලක්වූ රාජ්‍යයකි. 1977 දී බලයට පත් එජාප පාලනයේ සිට 2024 දී අවසන් වුණු රනිල් රාජපක්ෂ හවුල් පාලනය දක්වාම අපේ රට ඉන්දීය මර උගුලේ සිරකර ඔවුන්ගේ පාලනය සුරක්ෂිත කරගනු ලැබීය. ඔවුන් කිසි දිනෙක මේ රටේ මතු පරම්පරාව ගැන කල්පනා නොකළෝය. රට දිනෙන් දින ණය මරඋගුලේ හිරකර දවස ගෙවා දැමීය. චීනය සහ ඉන්දියාව තමන් ලබාදුන් අතිවිශාල ණය කන්දට හිලව් ලෙස රටවල් සතු භූමිය, වරායවල්, ගුවන් තොටුපළවල් ඇතුළු ආර්ථික මර්මස්ථාන ගිවිසුම් ගතව අත්පත් කරගනිමින් සිටී. දශක හතරක ශාපලත් පාලනයන් විසින් කළ විනාශකාරී දේශපාලනයේ සියලු පව් ජාතික ජන බලවේගයට පවරා අතපිස දමා ගැනීමට යම් පිරිසක් උත්සාහ කරමින් සිටී. මෝදි හා අනුරගේ ගිවිසුම් යනු පෙර කල සිදුකළ අමනකම්වල ප්‍රතිවිපාකයන් මිසක අන් කවරක්ද? මේ රටේ බලශක්තිය ඉන්දියාව සතුකර ගත්තේ මීට දශකයකට පෙරය. ඒ සමයේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටි කුමාර් ගුණරත්නම්ලා, නාගමුවලා අද මෝදිට හූ කිව්වද ඵලක් නැත. වර්තමාන පාලකයන් සාම්පූර් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පනහට පනහ ලෙස හෝ ක්‍රියාත්මක කිරීම ගැන සතුටු විය යුතුය. වෙනත් පාලනයක් තිබුණා නම් එයටද හිමිවන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකිවලට සිදුවූ සංතෑසියමය. කෙසේ වුවද ණය කන්දක හිරවූ අප ලෝකයටම දනගසා ඇත. කළයුතු වන්නේ රටක් ලෙස දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය නැගීසිටියා සේ ලංකාව නගාසිටුවාලීම මිස නෙළුම් පොකුණ ළඟට වී මෝදිට හූ කීම නොවේ.

රසල්ගේ කොලම

SendShareShare
Previous Post

මන්ත්‍රී වෙලා මාස 5යි! අවුරුදු 38න් ජීවිතය හැර ගිය කවුද මේ මාලිමාවේ කෝසල? Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් ගහපු බදු ගැන කතා කරන්න අනුර කැදවපු පක්ෂ නායක රැස්වීමේදී මොකද වුණේ? ඉතා ඉක්මණින් විශේෂඥ දැනුම ඇති දූත කණ්ඩායමත් අමෙරිකාවට යවන්න! විපක්ෂ නායක සජිත් රට බේරගන්න යෝජනාවලිය ආණ්ඩුවට ඉදිරිපත් කරලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.