• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් ගහපු බදු ගැන කතා කරන්න අනුර කැදවපු පක්ෂ නායක රැස්වීමේදී මොකද වුණේ? ඉතා ඉක්මණින් විශේෂඥ දැනුම ඇති දූත කණ්ඩායමත් අමෙරිකාවට යවන්න! විපක්ෂ නායක සජිත් රට බේරගන්න යෝජනාවලිය ආණ්ඩුවට ඉදිරිපත් කරලා! VIDEO I Sri Lanka Latest News

April 10, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා සමග අද පැවැති සර්ව පාක්ෂික සමුළුවේ දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරට අපනයන කෙරෙහි පනවා ඇති 44%ක ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒ සදහා මුහුණ දීමට අවශ්‍ය සාධනීය යෝජනා රැසක් ඉදිරිපත් කළ බවත් එහි දී පවතින අයිඑම්එෆ් ගිවිසුම සංශෝධනය කිරීම කෙරෙහි වන යෝජනාවක් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ප්‍රතිචාරක බදු 44%ක් ඇමෙරිකා එක්සත් ජනපදය අප රටට පැනවීම යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව අවසානයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

වෙළෙඳ දැනුම සහිත විශේෂඥ කමිටුවක් කඩිනමින් ඇමෙරිකාවට යවන්න

ඇමෙරිකා එක්සත් ජනපදය අප රට ඇතුළු රටවල් රැසකට ප්‍රතිචාරාත්මක බදු පැනවීම දින 90කට කල් දැමුවත් තවදුරටත් ඇති අවදානම් තත්ත්වය ගැන පුළුල් ලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ඇඟලුම් ක්ෂේත්‍රයේ සෘජු රැකියා 350,000ක් හා වක්‍ර ප්‍රතිලාභීන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් ඇමෙරිකා එක්සත් ජනපදය තනි රටක් ලෙස විශාලතම අපනයනය ගමනාන්තය ලෙස මෙරට ඇගලුම් ක්ෂේත්‍රයේ සමස්ත අපනයනවලින් 38%ක් යන බවත් තවත් 28%ක් යුරෝපා හවුලට සහ 13%ක් එක්සත් රාජධානියට යන නිසා කඩිනමින් විශේෂඥ වෙළෙඳ දැනුම සහිත දූත කණ්ඩායමක් ඇමෙරිකාවට ගොස් විධිමත් සාකච්ඡාවක් සිදු කරන ලෙසත් එහි දී ප්‍රශස්ත යෝජනා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහි බලපෑමට ලක්වූ කලාපීය රටවල් සමඟ ක්‍රමෝපායිකව අදහස් හුවමාරු කර ගන්න

එසේම මේ බලපෑමට ලක්වූ අප කලාපයේ වෙනත් රටවල් සමඟ සාකච්ඡා කර ක්‍රමෝපායික අදහස් ලබා ගන්නා ලෙසත් මෙසේ සිදු කරන යෝජනා හා ක්‍රමෝපායික අදහස් සම්බන්ධයෙන් යම් දේශපාලන එකගතාවක් ඇති කර ගැනීමේ වැදගත්කම ද ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සාපේක්ෂ වාසි ලබා දෙන වෙළෙඳ ගිවිසුම් කෙරෙහි යොමුවන්න

අප රටට සාපේක්ෂා වාසි ලබා දෙන නිදහස් වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ද අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් බවත් එහි දී සෘජු විදේශ ආයෝජන අප රටට ගෙන ඒම ප්‍රවර්ධනය කිරීමට විශේෂිත වැඩසටහනක් නිර්මාණය කර විශාලතම සෘජු විදේශ ආයෝජන ගමනාන්තයක් බවට පත් කරන ලෙසට යෝජනා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපනයන ගමනාන්ත විවිධාංගීකරණයට ලක් කරන්න

මේ වන විට අප රටේ අපනයන සීමාසහිත ගමනාන්තයන් කිහිපයකට යා නිසා නිර්මාණය වී ඇති අවදානම් පෙන්වා දී අප රටේ අපනයන ගමනාන්ත විවිධාංගීකරණයේ වැදගත්කම පෙන්වා දුන් බවත් ඊට අමතරව හරිත කේන්ද්‍රීය අපනයන ක්ෂේත්‍රයට මුල පිරීමේ වැදගත්කම පෙන්වා දුන් බවත් මේ බදු පැනවීමේ ක්‍රියාදාමය තුළ අගතියට පත් ආයතනවලට මෙවැනි කරදරකාරි අවස්ථාවල සහන ලබා දීමට අරමුදලක් පිහිටුවීමේ වැදගත්කම ද පෙන්වා දුන් බවත් තවද අපනයනවලට අගයක් එකතු කර වැඩි වටිනාකමක් ලබා දීමත් විපක්ෂ නායකවරයා පැවසීය.

GSP+ සහනය වර්ධනය කර ගන්න කටයුතු කරන්න

යුරෝපා හවුල අප රටට විශාල වැදගත්කමක් ඇති බවත් GSP+ සහනය නිසා අප රටට ඉමහත් ශක්තියක් ලැබෙන බවත් බදු රේඛා 66ක යුරෝපා හවුලේ 85%ක් මේ GSP+ ගණයට අයත් වන බවත් මේ සහන කොන්දේසි සහතිව ලැබී ඇති නිසා යහපත් රාජ්‍ය පාලනයේ වැදගත්කම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත හා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත වෙනස් කිරීම, දූෂණ මර්දන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යන යහපත් රාජ්‍ය පාලන කොන්දේසි මත මේ සහනය ලැබී ඇති බවත් එය යුරෝපා හවුලේ රටවල් 27කට ඩොලර් මිලියන 460ක වෙළෙදපොළක් යටතේ ලොකු ශක්තියක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කොන්දේසි සපුරාගන්න නොහැකි වුවහොත් යුරෝපා හවුලේ වෙළෙදපොළත් අහිමි විය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසත් මේ අගතිගාමී ආර්ථික තත්ත්වයෙන් සැබවින්ම අසහනයට පීඩනයට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බවත් එම නිසා රටේ වැඩකරන ජනතාවට හානියක් නොවන ආකාරයට වෙළෙද ප්‍රතිපත්තිය කළමනාකරණය හා ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙවිය යුතු බව පෙන්වා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පවතින IMF ගිවිසුම වෙනස් කරන්න

එසේම පවතින IMF ගිවිසුමේ පවතින අනතුරුදායක තත්ත්වය පෙන්වා දී 2028 දී විදේශ ණය ගෙවීමට ඉහළ ආර්ථික වර්ධනයක් හා රාජ්‍ය ආදායමක් නඩත්තු කළ යුතු නිසා මේ ගැනත් අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් 2028 ණය ගෙවීමට නම් 2025, 2026 හා 2027 යන රටවල ඉහළ ආර්ථික වර්ධනයක් හා රාජ්‍ය ආදායමක් නඩත්තු කළ යුතු බවත් පවතින තත්ත්වය මත එය අපහසු වන බැවින් 2033 සිට නැවත විදේශ ණය ගෙවීමට IMF එකත් සමග සාකච්ඡා කළ යුතු බවට යෝජනා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මේ යෝජනා ඉදිරිපත් කළ බවත් මේ තුළින් ජනතාව අපේක්ෂා කරන සාර්ථක ආර්ථික ඉලක්ක කරා යා හැකි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

කුමාර් ගුණරත්නම්ලා නෙළුම් පොකුණ ළඟට වී මෝදිට හූ කිව්වාම හරිද? Sri Lanka Latest News

Next Post

අනුර කැඳවූ පක්ෂ නායක හමුවට විපක්ෂයේ සියලු පක්ෂ එයි! සාකච්ඡාව සාර්ථකයි! ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.