විවාහයකට පෙර හැම කෙනකුටම මතක් වෙන්නෙ පොරොන්දම්. ඒ වගේම විසි පොරොන්දම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ගැළපුණත් හැමදේම හරි යැයි සිතා විවාහය තීන්දු වීම අද වෙනකොට සාමාන්‍ය රටාව බවට පත්වෙලා. එහෙත් විසි පොරොන්දමෙන් පමණක් ජීවිත දෙකක් ගළපන්නට හැකි දැයි යන්න දෙවරක් සිතා බැලිය යුතු යැයි සිතෙන කාරණාද ජ්‍යොතිෂය තුළම පෙන්නුම් කරලා තිබෙනවා. එහෙම විශේෂයෙන් සැලකිය යුතු කාරණා අතර, ප්‍රධාන තැනක් ලබාදිය යුතු යෝග රැසකි. මෙම යෝග ස්ත්‍රී කේන්දරය තුළ ඇත්නම් ඒ විවාහය ගැන දෙවරක් නොව තෙවරක් සිතා බැලීම වටී.
- රවි 7 වැන්නේ සිටියදී යම් ස්ත්‍රියක් උපන්නොත් ඇය අයහපත් ගති පැවතුම් ඇති සැමයාගෙන් වෙන්වන්නියකි.
- කුජ (අඟහරු) 7 වැන්නේ නීච වී හෝ ශනි සමඟ සිංහයේ සිටී නම් කණවැන්දුම් විය හැකිය.
- ශනි 7 නම් මහලු සහකරුවකු ලබයි. නැතහොත් විවිධ රෝගාබාධ ඇති අයකු සහකරුවකු වෙයි.
- රාහු හෝ කේතු 7 වැන්නේ නම් ඇය කුලය, නසන්නට කටයුතු කරයි. සැප ලැබීමේ වාසනාව නැත.
- කුජ, රාහු, රවි, ශනි ලග්නයෙන් 7 වැන්නේ හෝ සඳුගෙන් 7 වැන්නේ නම් සැමියාගෙන් වෙන්වෙයි. කටකයේ රවි කුජ 7 වැන්නේ නම් පරපුරුෂයන් සොයා යයි. සැමියාට ද්‍රෝහී වෙයි.
- පාපී ග්‍රහයකු සමඟ කුජා 1 – 4 – 7 – 12 යන භාවයක සිටියදී කාන්තාවක් උපන්නේ නම් ඇයද සැමියාට ද්‍රෝහී වී පරපුරුෂයන් සොයා යන්නීය.
- ගුරු ග්‍රහයා හෝ සිකුරු 8 වැන්නේ පිහිටි විට ඇයට දරුවන් ලැබෙන්නට පෙර ගබ්සාවන්ට ලක්වන්නීය.
- කුජ 8 වැන්නේ නම් පිරිමින් කෙරේ ලොල්ව ඔවුන් පසුපස යන්නීය.
- ශනි 8 වැන්නේ නම් ඇයට ලැබෙන්නේ රෝගී සැමියෙකි. නැතහොත් ඔහු විවාහයෙන් පසු රෝගී විය හැකිය.
- රවි 8 වැන්නේ සිටින්නේ නම් ඇයට ඇත්තේ උදාසීන කාම සිතුවිලිය.
- රාහු 8 වැන්නේ සිටින ස්ත්‍රිය, සිය කුලය පවා නොතකා කාමයට ලොල් වන්නීය.
- 7 වැන්නේ සිටින අඟහරුට සෙනසුරුගේ අසුබ දෘෂ්ටියක් වැටුණහොත් සැමියා අතැර යයි.
- 7 වැන්න මීනය වූ කාන්තාවකගේ 7 වැන්නේම සිකුරුත් පිහිටයි නම් ඇය එක් විවාහයකයින් සෑහීමකට පත්නොවී විවාහ කිහිපයක් කරගන්නීය.
- කුජ, බුධ, ගුරු, සඳු, කටක රාශියේ හෝ 7 වැන්නේ යෙදෙමින් උපත ලැබූ ස්ත්‍රිය පුරුෂයන් වසඟයට ගන්නා ආකර්ෂණයකින් හෙබි කාන්තාවකි. ඇය විවාහයෙන් පසුවද පිරිමින් වසඟ කරගනු ඇත.
- 7 වැන්නේ සඳු සමඟ කුජ, සිකුරු දෙදෙනා යෝග වී නම් සැමියාගේ අනුදැනුම මත හෝ ඔහුට දැනෙන අයුරින් පරපුරුෂ සේවනයට යොමු වන්නීය. එසේම විකෘති කාමාශාවන්ගෙන් යුතු තැනැත්තියකි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











