• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට කළ යුතු දේ ගෝඨාභය යුරෝපා කොමිසමට පෙන්වා දෙයි (PHOTOS)

June 19, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවට කළ යුතු දේ ගෝඨාභය යුරෝපා කොමිසමට පෙන්වා දෙයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී කොවිඩ් – 19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කළේය.

වසංගතය හේතුවෙන් උද්ගත වූ සෞඛ්‍ය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවාව කඩිනමින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ බව රාජපක්ෂ මහතා පැවසීය. පොලීසියේ සහ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිවැරදිව ආසාදිතයන් පමණක් නොව ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ද හඳුනා ගැනුණු අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණි. ශ්‍රී ලංකාවට වෛරසය සාර්ථකව පාලනය කිරීමට මෙම වැඩපිළිවෙළ ඉවහල් විය.

රට ඉදිරියේ ඇති ඊළඟ අභියෝගය ආර්ථිකය නැවත ගොඩනැංවීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වත්මන් ආර්ථික වර්ධන වේගය ඉතා පහළ අගයක් ගන්නා බවත් ජාතික ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය.

මේ දුෂ්කර අවස්ථාව ජයගැනීම සඳහා ආනයන දැඩිව පාලනය කළ යුතු වෙයි. එසේ වුවත් ශ්‍රී ලංකාව සංවෘත ආර්ථිකයක් බව මින් අදහස් නොකෙරේ.

දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ තම අභිලාෂය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. බොහෝ ආහාර වර්ග දේශීයව නිෂ්පාදනය කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මෙම ක්ෂේත්‍රයේ නවීකරණය කිරීමයි. කාබනික පොහොර, ගුණාත්මක බීජ සහ දියුණු තාක්ෂණය හඳුන්වා දීමේ ඇති වැදගත්කම පිළිබඳව ද එතුමා පෙන්වා දුන්නේය.

නිසි ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් කෘෂි නිෂ්පාදන වලින් 40%ක් පමණ අපතේ යයි. එබැවින් ටින් කිරීම සහ නැවුම් නිෂ්පාදන වේලීම වැනි ක්‍රමවේද දියුණු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ණය කපාහැරීමක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකාවට ප්‍රතිඵලදායක වනු ඇති බව ජනාධිපතිතුමා කීය. තවදුරටත් ණය ගැනීම විකල්පයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ නව ආයෝජන බවයි.

ජනාධිපතිතුමා සූර්ය ශක්තිය සහ සුළං බලය භාවිතයෙන් නිපදවෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි යුරෝපා සංගම් දූත කණ්ඩායමේ අවධානය යොමු කළේය. රටේ තරුණ ප්‍රජාවට නව තාක්ෂණයට දොරගුලු විවර කරදීමේ අවස්ථා පුළුල් කරමින් තොරතුරු පාදක අධ්‍යාපනික ක්‍රමවේදයක් දියුණු කිරීමේ තම අභිලාෂය පිළිබඳව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනයෙහි නිරත වන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. විශ්වවිද්‍යාල වැඩි සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසලමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිය පනත් මේ වනවිට සංශෝධනය කරමින් සිටී.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට ධනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස තම රටවලට මෙම ක්ෂේත්‍රයන්හි දී ශ්‍රී ලංකාවට සහාය වීමේ විවිධ ක්‍රම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

SendShareShare
Previous Post

මහින්දට දිරච්ච ලණු දෙන කෙනෙක් ගැන සජිත් හෙළිදරව්වක් කරයි (VIDEO)

Next Post

ලෝක කුසලානය පාවා දුන්නේ සංගාද-මහේලද-ඩිල්ෂාන්ද-මුරලිද-මාලිද? සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක් (VIDEO)

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.