අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පිළිබද හරිහැටි අධ්‍යයනයක් නොකොට ළග සිටින කවුරුන් හෝ විසින් ලබා දුන් දිරච්ච ලණුවක් කා තමන් ව්‍යාජ ගණන් හිලව් ඉදිරිපත් කළ බවට චෝදනා කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් පවුලකට රුපියල් 65000ක දීමනාවක් ලබා දෙන ලෙසට ප්‍රකාශ කළ බවකි.
නමුත් තමන් කීවේ රුපියල් 60000ක දීමනාවක් ලබා දෙන ලෙසත්, එසේ නොහැකි නම් ආහාර වියදම් වශයෙන් පමණක් හෝ පවුලකට මාසිකව රුපියල් 20000ක් ලබා දෙන ලෙසත්ය.
ඒ සියල්ලම ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මත පදනම්ව ප්‍රකාශ කළ බවද ඒ මහතා කීය.










