මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ නගර සභා ප්‍රදේශීය සභා 22 බලය ලබාගැනීම සදහා මෙරට පිළිගත් දේශපාලන පක්ෂ එකසිය අසූ හයක් ස්වාධීන කණ්ඩායම් විසිහතරක් මැතිවරණ තරඟ බිමට එක්විමට නාම යෝජනා පත්‍ර භාර දුන් අතර ස්වාධීන කණ්ඩායම් 06 ක් හා පිළිගත් දේශපාලන පක්ෂ 52 ක නාම යෝජනා ප්‍රතික්ෂේප වී පිළිගත් දේශපාලන පක්ෂ 134 ක හා ස්වාධීන කණ්ඩායම් 18 නාම යෝජනා භාරගත් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් නන්දන උඩවත්ත මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය .Sri Lanka Latest News
මහනුවර මහ නගර සභාවේ නාම යෝජනා 06 ක් හා පන්විල ප්‍රදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා 06 ප්‍රතික්ෂේප වී ඇති අතර නාවලපිටිය,හා යටිනුවර ප්‍රදේශීය සභාවල කිසිදු නාම යෝජනාවක් ප්‍රතික්ෂේප වී නොමැත.
මහනුවර පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම විශේෂ සිදුවීමකි.
දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරටත් සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මහ නගර සභාව ,කඩුගන්නාව නාවලපිටිය,ගම්පොළ, වත්තේගම යන නගර සභා ඇතුළු ප්‍රාදේශීය සභා 18 ක බල ප්‍රදේශ වල ඡන්ද දායකයින් 12,2558 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත .
සමස්ත දිස්ත්‍රික්කය පුරා කොට්ඨාස 368 ක ඡන්ද මධ්‍යස්ථාන 937 ක් පිහිටුවා තිබේ.









