ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුවට අනුව උපාධිධාරීන් 20000ක් ගුරු වෘත්තියට විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත 3000ක් සහ තවත් උපාධිධාරින් 9000ක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ තවත් 3000ක් දේශීය ආදායම්, රේගු, විදේශ සේවා සහ සංචාරක කර්මාන්තයට ලබා දෙන බව පැවසුවත් මේ වන විට එම රැකියා නොලැබීම නිසා පොල්දූව මංසන්ධියේ දී ඊයේ සහ අද උපාධිධාරීන් උද්ඝෝෂණයක නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව නැවත මතුකරමිනි.
සුනිල් හදුන්නෙත්ති මැතිතුමා පැවසු ආකාරයට මෙන්ම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් ආකාරය රැකියා දෙන දිනය සම්බන්ධ නිශ්චිත කාල වකවානුවක් ලබා දෙන්න හැකි නම් පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණය කරන අයට නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඔවුන් උද්ඝෝෂණයේ නිරත නොවන බවත් 2025 රැකියා විරහිත උපාධිධාරීන්ගේ ස්වර්ණමය යුගය නිර්මාණය වනවා යැයි කිව්වත් තවමත් එය පෙනෙන්නට නැති බවත් රැකියා ලබා දීම ක්‍රියාවට නංවන නිශ්චිත කාල වකවාකුනව සහ වැඩපිළිවෙළ හෙළිදරව් කරන ලෙසත් ඉල්ලා සිටියේය.










