• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නයෝමි ස්පා යන්න පටන් අරන්ද? Sri Lanka Latest News

March 16, 2025
in Heart
Reading Time: 2 mins read
A A
නයෝමි ස්පා යන්න පටන් අරන්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලසීමාව තුළ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ස්පා එකක් පැත්තේ ගැවසුණා. ඇත්තටම නයෝමි එක පාරටම ඒ වගේ තැනකට ගියේ ඇයි කියලා සමහරු හිතනවා ඇති. ඒ සිතුවිල්ල නිවැරැදි කරගන්න අපි ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා සමග කතාබහ කළා. Sri Lanka Latest News

පහුගිය දවස්වල නයෝමි ස්පා පැත්තේ ගිය බව ආරංචියි.

අම්මෝ… මොනවද මේ අහන්නේ…?
එතකොට ඒ කතාව බොරුවක්ද?
ස්පා පැත්තේ පහුගිය දවස්වල ගියා. හැබැයි ඉතින් වින්ඩි චරිතය වෙනුවෙන්.
කොහොමද ඒ අත්දැකීම?
ඒ ගෙවන කාලය වෙනස්ම අත්දැකීමක්. මම ස්පාවලට ගිහින් නැහැ. ඒත් ‘රාඟ’ ටෙලිනාට්‍ය කණ්ඩායමත් සමග ස්පා කිහිපයකට ගියා. එය වෙනස්ම අත්දැකීමක්.

වින්ඩි චරිතයට ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් දෝෂාරෝපණ ලැබුණා නේද?
ඇත්තටම ප්‍රේක්ෂකයන් පුදුම වෙලා තිබුණා මම එවන් චරිතයක් කරපු එක ගැන. වින්ඩි වගේ චරිත මේ සමාජයේ කොයි තරම් ඉන්නව ඇද්ද? ඉන් එක් චරිතයක් තමයි මම රඟපාන්නේ. ඇත්තටම මම එවැනි චරිත රඟපාන්න කැමැති නැහැ. යම් සීමාවක ඉඳගෙන තමයි මම ඒ චරිත නිරූපණය කරන්නේ ප්‍රේක්ෂකයන්ට රස විඳින්න පුළුවන් විදියට. දැන් ප්‍රේක්ෂකයන්ට තේරුම් ගන්න පුළුවන් වින්ඩි චරිතය මොන විදියටද ගලාගෙන යන්නේ කියලා.
විශිෂ්ට නිර්මාණයක අඩ නිරුවත් චරිතයකට ඇරයුමක් ලැබුණොත්?
මම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි එවන් විශිෂ්ට නිර්මාණවල එවැනි කැපකිරීමක් කරපු සියලු ශිල්පිනියන්ට මගේ තියෙන්නේ පුදුම ගෞරවයක්. මොකද, ඒ කැපකිරීම, ඉවසීම හැම කෙනකුටම කරන්න බැරි නිසා. ‘චමත්කා’ ‘හුස්ම’ චිත්‍රපටයේ ඉතා සාර්ථක විදියට ඒ චරිතයට පුදුම සාධාරණයක් කරලා තියෙන්නේ. ඇත්තටම මට නම් බැහැ ඒ කැපකිරීම කරන්න. මොකද ඒ ආත්ම ශක්තිය මට නැති නිසා.
ඇත්තටම මේ වින්ඩි ගහන ඩබල් ගේම මොකක්ද?
වින්ඩි ළමා නිවාසයක හැදිලා එක පාරටම එන්නේ ස්පා එකක වැඩකරන්න. ඒ වගේ ලොකු මුදලක් ලැබුණම ඇය බලන්නේ සියල්ලගෙන්ම ආරක්ෂා වෙලා ඒ ලැබුණු මුදල රැකගන්න. මහ මුහුදෙන් දිය දෝතක් ගත්තට වරදක් නැහැ නේද?
සමාජයේ බොහෝ දෙනා ස්පා දකින්නේ වැරැදි ආකල්පයකින් නේද?
ස්පා කියන්නේ සම්බාහන ආයතනයක්. සමහර වැරැදි සිදුවීම් සිදුවන තැන් ඇති. නමුත් එහෙම දෝෂාරෝපණය කරන අයම ස්පාවලට යනවා. ඒකනේ හතු පිපෙනවා වගේ හැම තැනම ස්පා තියෙන්නේ. කෙල්ලෙක් ස්පා ගිහින් ඉන්නවා දැක්කොත් ඒ කෙනා දිහා බලන්නේ වැරැදි කෝණයකින්. නමුත් ඇය ගෙවන ජීවිතයේ ඇතුළාන්තය දිහා කිසිම කෙනෙක් හරි විදියට බලන්නේ නැහැ.
නයෝමිගේ ආදරණීය ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ මීට වඩා වෙනස් චරිත නේද?
ඔව්. ඒ මගේ පෙනුමත් සමග. ඒ වගේම මම ගොඩක් රඟපෑවේ අහිංසක ගැමි චරිත නිසා. ප්‍රේක්ෂකයන් මාව ඒ විදියට දැක්කා. නමුත් මම රංගන ශිල්පිනියක් නිසා සීමාවක ඉඳගෙන විවිධ චරිත රඟපානවා.
පුංචි කාලේ දැකපු එක හීනයක් සැබෑ වුණා නේද?
ඇත්තටම ඔව්. මම පොඩි කාලේ අම්මා ගොඩක් දුක් වින්දා. ඒ නිසා මම හිතාගත්තා දවසක අම්මට ලස්සනම ලස්සන මුළුතැන්ගෙයක් හදලා දෙනවා කියලා. මොකද ඕනෙම ගෘහණියක් වැඩිපුරම කාලය ගතකරන්නේ මුළුතැන්ගෙයි. මට ගොඩක්ම සතුටුයි මම උපයපු මුදලින් අම්මා වෙනුවෙන් ඒ සිහිනය ඉටුකරන්න ලැබීම ගැන.
මේ දවස්වල නයෝමිගේ යෙහෙළියන් කරකාර බඳිනවා. ඔබේ සිහිනය කොයි වගේද?
ඒක කාලයත් එක්ක සිදුවේවි. මම දැන් පෙම්වතියක්. මාව තේරුම් ගත්ත ආදරවන්තයෙක් මට ලැබුණා. ගෙදරින් එහෙම ලොකු බලකිරීක් නැහැ. මොකද මම වැරැදි තීරණ ගන්නේ නැහැ කියලා අම්මා තාත්තා දන්නවා. හැම දේම හොඳ විදියට අනාගතයේදී සිදුවේවි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බටලන්දට මොකද කරන්නේ? තීන්දුව අනුර අතේ! බිමල් ‘මව්රට’ට කියයි! I Sri Lanka Latest News

Next Post

බටලන්ද වධකාගාරයේ ප්‍රධාන සාක්ෂිකරුවා ඩග්ලස් පීරිස් මැරිලා කියලා ප්‍රචාරය කළාට මැරිලා නැහැලු! අන්න එයා ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.