හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බරපතළ චෝදනා එල්ල වී ඇති බටලන්ද ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව සභානායක බිමල් රත්නායක මහතා මව්රට පුවත්පතට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.Sri Lanka Latest News
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් රත්නායක මහතා මේ බව දැනුම් දී සිටියේය.
එමෙන්ම මෙම වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්ද පවත්වන බව කී රත්නායක මහතා, අදාළ වාර්තාව නීතිපතිවරයාට යොමුකිරීමටද තීන්දු කර ඇති බවද සඳහන් කර සිටියේය.
මීට අමතරව මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමටද තීරණය කොට ඇති බවද දැනගන්නට තිබේ.










