• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සේන උඹ ගැන කියන්න හෝඩියෙ අකුරු මදි! Sri Lanka Latest News

March 11, 2025
in Heart
Reading Time: 2 mins read
A A
සේන උඹ ගැන කියන්න හෝඩියෙ අකුරු මදි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොක්ස් ඔෆිස් චිත්‍රපට එක දිගට හදාපු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මතකද? Sri Lanka Latest News

කාටද අමතක? නිල්ල සොයා ෆිල්ම් එකේ සින්දු ඇහෙනකොට, ඈතින් ඈතට ෆිල්ම් එකේ සින්දු ඇහෙනකොට ඔහු ගැන මතකය තව තව අලුත් වෙනවා.
සේන සමරසිංහ දැන් කෝ? මොනවද කරන්නේ?

ඔහු තම ජීවිතයේ සැඳෑ සමය විවේකීව ගතකරන වගට මෑතකදී මුහුණු පොතේ ඔහුගේ පින්තූරයකුත් එක්ක නිර්මාණය වෙලා තිබුණු පෝස්ටුවක සටහන් වෙලා තිබුණා. මේ අද්විතීය හසළ අත්දැකීම් ඇති සුවිශේෂ නිර්මාණකරු ගැන පුංචියට හරි සටහනක් හදවතින්ම තියන්න ඕනේ කියලා හිතුණේ ඔහුගෙන් සිංහල සිනමාවට සිදුවූ අමිල සේවාව එක මොහොතකට හෝ අමතක කරන්න බැරි නිසයි. ඒ වගේම එහෙම කරන එක ඔහුගේ චිත්‍රපට බලලා සතුටින් ‘ඒක මරු’ කියලා ඇංකෝර් එක දාපු අපි කරන ගුණමකුකමකුත් හින්දයි.

සේන සමරසිංහ මුලින්ම සිනමාවට ආවේ 1973 ‘සදහටම ඔබ මගේ’ ෆිල්ම් එක ප්‍රඩියුස් කරලයි. ඒ ෆිල්ම් එකෙන් ඔහුගේ ඥාති සහෝදරයෙක් වෙච්ච බන්දු සමරසිංහව විකට නළුවෙක් විදියට හඳුන්වා දුන්නා. ප්‍රඩියුසර්ගේ ජොබ් එකට ආයුබෝවන් කියලා සේන සමරසිංහ ඩිරෙක්ටර්ගේ වැඩේට බැස්සේ ඒක ඔහුගේ හිතට වැඩියෙන් රහට දැනුණු නිසා වෙන්න ඇති. ඒකට ආරම්භය ගත්තේ මතකයේ හැටියට කස්තුරි සුවඳ ෆිල්ම් එකෙන්. ඉන් පස්සේ සේනට නිස්කාංසුවක් තිබුණෙම නැහැ. ෆිල්ම ප්‍රඩියුසර්ලා ඔහුගෙන් ෆිල්ම්වලට දින ගන්න ඇඟිලි ගැන ගැන බලන් හිටියා. සේනගේ දිනපොතට විවේකයක් තිබුණෙම නෑ. අමුතු තාලේ කතා හදන මේ ආශ්වාදනීය නිර්මාණකරුගේ ෆිල්ම් ප්‍රේක්ෂකයන්ට මොන තරමට රහ වැටුණද කියනවා නම් හැම ෆිල්ම් එකක්ම දින සියය පැන්නුවා. හවුස් ෆුල් වෙච්ච ෆිල්ම් හෝල් ළඟ හැමදාමත් වාගේ කට්ටිය රොද බැන්දේ ඊළඟ ෂෝ එකට ටිකට් එක ගන්නයි.

ඕඩියන්ස් එක ප්‍රීතියෙන් ඔකඳ කරන කලාව සේනගේ හැම ෆිල්ම් එකකම ටොප් එකට තිබුණා. කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, ඈතින් ඈතට, චංචල රේඛා වගේ ෆිල්ම්වල ඒ ටොප් එක ඕවර් ද ටොප් ලෙවල් එකට තිබුණා. ඒවායේ සින්දුවල රහට මිනිස්සු තවමත් හුඟක් තදින් ඇලුම් කරන්නේ තවමත් ඒ සින්දු පරණයි කියලා කවුරුවත්ම අහකට දාන්නේ නැත්තේ ඒ හින්දයි.

හෙළ සංගීත කලාවේ ප්‍රවීණයන්ව චිත්‍රපට පසුබිම් ගායනයට එක්කර ගත්ත අමරණීය ගෞරවයත් සේනට හිමිවිය යුතු වගත් මෙතැනදී නොකියාම බැහැ. මිල්ටන් මල්ලවාරච්චි, ප්‍රියා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද ඒ අතර විශේෂයි.

වාණිජ චිත්‍රපට කලාවට දැවැන්ත සේවාවක් කළ සේන සමරසිංහයන් ගැන ලියන්න නම් තව බොහෝ දෑ තිබෙනවා. ඒ බොහෝ දෑ කෙටියෙන් කියන්නේ නම් කියන්නට ඇත්තේ එකයි.

‘සේන, උඹ ගැන කියන්න හෝඩියේ අකුරු මදි…’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හාල් ගෙනාවා…! ලුණු ගෙනාවා..! පොල් ගෙනාවා…! ඔන්න දැන් කුකුළු මසුත් ගෙනත්..! VIDEO I Sri Lanka Latest News

Next Post

පන්තියේ සිසුන්ට වේවැල් තුන හතරකින් තලන හොර ටියුෂන් ගුරෙක් ගැන CIDයට පැමිණිල්ලක් ඇවිත්! මාලිමාවේ වේදිකාවටත් නැගලා! අනුර-හරිනි-එරංග එක්කත් ෆොටෝ ගහලා! ආචාර්ය පට්ටමත් හොර එකක්ලු! දැන් රට පනින්නලු ලෑස්ති වෙන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.