මිනිසුන් ලක්‍ෂ ගණනාවක් බිලි ගෙන තවමත් පැතිරෙන මාරාන්තික වසංගතය හැඳින්විය යුත්තේ කොරෝනා වෛරසය ලෙසින් නොව චීන වෛරසය ලෙසින් යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවඥාවෙන් කියයි. එසේ කිවයුත්තේ වෛරසය චීනයෙන් බෝ වී පැතිරෙන්නට පටන් ගත් නිසා යැයිද ට්‍රම්ප් කියයි.
ජගත් සමාජයට විශාල හානි පැමිණවූ විනාශකාරී වෛරස් රෝග ගණනාවක්ම බිහි කළ බවට චීනය ඉතිහාස ගත වන බව බොහෝ දෙනකුගේ මතයයි. යුරෝපීය ජනගහනයෙන් සියයට පනහටත් (50%), හැටටත් (60%) අතර සංඛ්‍යාවක් වර්ෂ එක් දහස් තුන් සිය හතළිස් හතේ (1347) සිට එක දහස් තුන්සිය පනහ (1350) දක්වා තුන් අවුරුදු කාලය තුළ පරලොව යැවු කළු මරණය නමැති චීන වෛරසය ගැන යුරෝපීයයෝ තවමත් කතා කරති.
සෑම දස වසරකට වරක්ම යළි යළි බෝවී පැතිරුණු කළු මරණය නැවතුණේ දහනම (19) වැනි සියවසේදී බැක්ටීරීයා නාශකයක් සොයා ගැනීමෙන් පසුවය.
චීනයේ ජියැන්සි සහ සෙජියෑං යන ප්‍රදේශවල ඇති වූ සාගතයකින් අනතුරුව එක් දහස් තුන්සිය තිහේ (1330) දී බෝවුණු වසංගතයක් පසුව බෙයිජිං,හුබෙයි, හුනාන් ග්වැග්fදාං ග්වැංසි, හෙනන් සහ සුයියුවාන් යන පළාත් දක්වාම පැතිර ගියේය. ඒ අවදිය චීනය සේද මාවත ඔස්සේ යුරෝපය සමග වෙළෙඳ ගනුදෙනු කළ යුගයයි. ඒ නිසා වෙළෙඳාම සමග චීනයේ වසංගතයද යුරෝපයට ගියේය.
වර්තමානයේ ෆෙඩෝසියාව නමින් හැඳින්වෙන ක්‍රිමියන් අර්ධද්විපයේ වරායට ජානි බෙග් නමැති රජතුමා කළු මරණය නමැති වසංගතය ආසාදිත වී මිය ගිය සොල්දාදුවන්ගේ මළ සිරුරු දමා වසංගතය නාවුකයන් මගින් ඉතාලියටද පතුරුවා හැරියේය. අනතුරුව වසංගතය යුරෝපය දක්වාම පැතිර ගියේය.
වසංගතයේ දෙවැනි පියවර එක් දහස් අට සිය පනස් පහේ (1855) දී චීනයේ යූනාන් පළාතෙන් ඇරඹී නැව් මාර්ග ඔස්සේ හොංකොං, ඉන්දියාව සහ එක්සත් ජනපදයටද පැතිරිණි. වසංගතයෙන් චීනයේ විසිලක්‍ෂයක්ද (20,00,000) ඉන්දියාවේ කෝටියක්ද (1,00,00,000) යන පරිදි මිනිස්සු එක් කෝටි විසිලක්‍ෂයක් (1,20,00,000) ඊට බිලි වූහ. චීනයේ ගුයිහූ පළාතෙන් එක් දහස් නමසිය පනස් හතේ (1957) ජනවාරි මාසයේ බෝවූ ආසියානු උණ වසංගතය ඇමෙරිකාව සහ ලෝකයේ රටවල් ගණනාවක පැතිරී විසි ලක්‍ෂයකට (20,00,000) වැඩි පිරිසක් මියගියෝය.
හොංකොංවලින් එක් දහස් නමසිය හැට අටේ (1968) දී වෛරසයක් බෝවී හොංකොං උණ, ලෙසින් ව්‍යාප්ත වූ මාරාන්තික වසංගතය මාස කීපයකින් ලෝකය පුරා පැතිරී ලක්‍ෂ දහයක් (10,00,000) පමණ දෙනා මිය ගියහ. ඉන් අඩක්ම (50,00,000) හොංකොං වැසියෝය.
චීනෙන් දෙදහස් නමයේ (2009) ලෝකය පුරා පැතිර ගිය ඌරු උණෙන්, හය කෝටි දසලක්‍ෂක් (6,10,00,000) දෙනා ආසාදිතයෝ වූහ. ඉන් හයලක්‍ෂයක් (6,00,000) මිය ගියහ.
චීනයේ ග්වැග්fදාං පළාතෙන් දෙදහස් තුනේදී (2003) පැතුරුණු සාස් වෛරසයෙන් ලක්‍ෂ ගණනාවක් මිය ගියහ. දැන් චීනයේ වුහාන් නගරයෙන් මතු වූ කොවිඞ්-19 ගණන් පදං නැතුව ලෝකය පුරා මානව ප්‍රජාව බිලි ගනිමින් තව තවත් පැතිරෙයි. කොරෝනා වසංගතය මිනිස් බිලිවලින් නොසෑහී ලෝකයේ සමස්ත ආර්ථිකයද ගිලගනිමින් සිටියි. සමස්ත ලෝක ප්‍රජාවම දිවා රෑ නොබලා කොරා්නා මාරයා සමග සටනේය.
“සෑම වෛරසයක්ම, රෝගයක්ම, වසංගතයක්ම චීනෙන්ම බෝවෙන්නේ ඇයි? ඉන්දියාව වැනි රටවල එසේ නැත්තේ ඇයිද?” යන්න සමස්ත ලෝක ප්‍රජාවගේම, බුද්ධිමතුන්ගේද ප්‍රශ්නය වී තිබේ. දැන් විදා්‍යාඥයෝ මේ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්නාහ. එහෙත් අවාසනාව නම් මේ පිරිස් තවමත් අඳුරේ අතපත ගානවා මිස ඊට හේතු කාරක වන ප්‍රශ්නයේ ආරම්භය, මුල සොයා පරීක්‍ෂණ නොපැවැත්වීමයි. එහෙත් මේ වනවිට පැහැදිලිවම ප්‍රත්‍යක්‍ෂ වී ඇති කරුණ නම් වසංගතවලට මූලික හේතුව සත්ව මාංශවලට චීන්නුන්ගේ තියෙන පෙරේතකමය. වවුලන්, සර්පයන්, කබල්ලෑවන් වැනි සතුන්ගේ මාංශ භක්‍ෂණයට ඇති කෑදරකමය. වන සත්ව මාංශ වෙනත් මාංශ වර්ග සමග එකට විකිණීම නිසා සාස් සහ කොවිඞ්-19 වසංගත පැතිර තිබේ. මාංශ වෙළෙඳාම උදෙසා වනසත්ව ගොවිපොළවල් දිළිඳු ගැමි ජනතාවගේ ආර්ථිකව වර්ධනය කිරීම උදෙසා එක් දහස් නමසිය හත්තෑ ගණන්වලදී (1970) සියාවෝ පිං විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයකි. මේ වන විට මාංශ සඳහා වනසතුන් ඇතිකිරීමේ කර්මාන්තය හිණිපෙත්තටම නැග චීන දෛනික පැවැත්මේ කොටසක් බවට පත්ව තිබේ. එච්.අයි.වී. ඒඞ්ස් ඉබෝලා කුරුලු උණ ඌරු උණ වැනි අතිශය භයානක වසංගත වනසත්ව මාංශ භක්‍ෂණයෙන් හට ගන්නා බව පහැදිලි වී ඇත.
වර්තමානයේ දී චීනය වාණිජ රටක් වශයෙන් ඉස්මතු වී ලෝකය පුරා භාණ්ඩ අලෙවි කිරීමෙන් චීනයේ බෝවෙන දේශීය වසංගත රෝග ලෝකය පුරාම පැතිරයන්නට පටන් ගෙන තිබේ. ඒ සඳහා හොඳම සහ ආසන්නතම සාධකය ලක්‍ෂ සංඛ්‍යාත ජනීජනයා ඝාතනය කෙරෙමින් ආර්ථිකය බිංදුවටම හින්දමින් ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඞ්-19 වසංගතයයි.
කොරෝනා වැනි තවත් වෛරසයක් චීනෙන් ප්‍රසූත කෙරෙන්නට ඇඹරෙන දඟලන බවට සමාජ මාධ්‍ය මගින් මේ වන විට අසන්නට ලැබෙමින් තිබේ.
සමස්ත ලෝකවාසී ජනතාව සිහිබුද්ධියෙන් කල්පනා කළ යුතු කාලය එළඹ තිබේ. සමස්ත ලෝක ප්‍රජාවම පෙළ ගැසිය යුතු අවස්ථාව උදාවී තිබේ. චීනය සමස්ත ලෝකවාසීන්ම අවදානම් තත්ත්වයට පත්කරද්දී, මරණයෙ fදාරටුවට තල්ලු කරද්දී තවත් මුනිවත රකිමින් බකන් නිලාගෙන බඩ උලාගෙන සිටිය යුත්තේ දැයි අපි අපෙන්ම අසා ගත යුත්තෙමු.
ඉතිහාසය අපට ඔළුවට ටොකු ඇන ඇන පැහැදිලිවම උගන්වා ඇත්තේ චීනය සමග ගනුදෙනු සහ සම්බන්ධතා යනු මානව සංහතියේ ගෙල මිරිකා දැමීමේ පාඩම බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
ලෝකවාසීනි, චීනය සමග තවත් ගනුදෙනු කළ යුත්තේ දැයි යන්න ගැන අප දෙවරක් කල්පනා කළ යුතුව තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ











