• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමතක කරන්න එපා – ආයෙමත් මතක් කරගන්න! “මහ බැංකු මහා කොල්ලය” ! Sri Lanka Latest News

March 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අමතක කරන්න එපා – ආයෙමත් මතක් කරගන්න! “මහ බැංකු මහා කොල්ලය” ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල කේස් වගේම දැන් නැවත වතාවක් බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. මේකේ එක්තරා තීරණාත්මක ප්‍රශ්නයක් මතුවෙනවා කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී. දොස්තර නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නයක් සමග. අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්නගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන්. ඔබට මතකයි මෛත්‍රීපාල සිරිසේන පිටු 21,000කට අස්සන් කළාය කියලා මාධ්‍ය වාර්තා කළා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා. සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වාගැනීම සඳහා. එතනත් තියෙනවා ප්‍රශ්නයක්. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙක්ද කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය එන්නේ 2016 ඔක්තෝබර් 27 වැනිදා අර්ජුන මහේන්ද්‍රන් පළකර ඇති ෆේස්බුක් සටහනක් සමග. මෙම සටහනට අනුව 2016 ඔක්තෝබර් 27 වැනිදා අර්ජුන මහේන්ද්‍රන් පවසනවා, Sri Lanka Latest News
‘පුද්ගලික සංචාරයක් වැරැදි ලෙස අර්ථකථනය කරමින් මා ශ්‍රී ලංකාවෙන් පැනගොස් ඇති බවට පැතිර යන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යයක් නොමැත. ඉතා ඉක්මනින් මවු රටට පැමිණීමට බලාපොරොත්තු වෙමි…’ කියලා.

මේ පිළිබඳ ඔක්තෝබර් 27 වැනිදා අර්ජුන මහේන්ද්‍රන් මෙහෙම ෆේස්බුක් සටහනක් තියනකොට 2016 ඔක්තෝබර් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතුවෙනවා. හැන්සාඩ් වාර්තා, 2016.10.28, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, පිටුව 1185 සහ 1186. වීරකුමාර දිසානායක තමයි මේ ප්‍රශ්නය අහන්නේ. එවක ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරයෙක්. ඔහු මුලින්ම පාර්ලිමේන්තු එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හැටියට. ඔහුගේ වාදය මෙහෙමයි සිද්ධ වෙන්නේ.

නියෝජ්‍ය කතානායකුමා – ‘ඕඩර් ප්ලීස්. ගරු වීරකුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ මයික්‍රෆෝනය දෙන්න.’
ගරු වීරකුමාර දිසානායක මහතා – ‘ගරු නියෝජ්‍ය කතානාකතුමනි, මම ගරු අගමැතිතුමාගෙන් එක් කාරණයක් අහන්න කැමැතියි. මේ වනවිට මාධ්‍ය තුළ වාර්තා වෙනවා හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමා මේ රටින් පිටවෙලාය කියලා. ඒක ඇත්තද නැත්තද කියලා ගරු අගමැතිතුමාගෙන් දැනගන්න කැමැතියි.’

ගරු රනිල් වික්‍රමසිංහ නැගී සිටියේය.
ගරු නියෝජ්‍ය කතානායකතුමා -Yes, Honorable prime minister
ගරු රනිල් වික්‍රමසිංහ මහතා – ‘ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගිය සුමානේ මට අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා හමුවුණා. ඒ වෙලාවේ එතුමා කිව්වා විවාහ මංගල උත්සවයකට ගිහිල්ලා එනවා කියලා. අර උදයංග වීරතුංග වගේ එතුමා පැනලා ගිහින් නෑ.’
(දිනේෂ් ගුණවර්ධන නැගී සිටියේය)

නියෝජ්‍ය කතානායකතුමා -Honorable Dinesh Goonawardane
දිනේෂ් ගුණවර්ධන කියලා කියන්නේ ඊට වසර කීපයකට පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යවරයා.
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා – ‘ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පොදු ව්‍යාපාරක පිළිබඳ කාරකසභාවේ වාර්තාව ඉදිරිපත් කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂය වෙනුවෙන් එම කාරකසභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ඇතුළු සියලු සාමාජිකයන් හට අපි ස්තුතිවන්ත වෙනවා. මේ පිළිබඳ සම්පූර්ණ විවාදයක් අපි ඉල්ලා සිටිනවා. ලංකාවේ සිදුවුණු විශාලතම මහබැංකු වංචාව ලෙස මෙය පාර්ලිමේන්තුවට වාර්තා කර තිබෙන නිසා, අයවැය විවාදයට කලින් ඒ පිළිබඳ විශේෂ විවාදයක් ලබාදෙන ලෙස අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.’

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ‘අපි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරලා දිනයක් දෙනවා. අපි බය නැහැ. පසුගිය ආණ්ඩුව තමයි කෝප් වාර්තා 30ක් කුණු බක්කියට දැම්මේ. කෝප් වාර්තා 30ක්. කෝ විවාද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කෝප් වාර්තා 30ක් මහින්ද රාජපක්ෂ කුණු බක්කියට දැම්මා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ සභාපතිවරයා ලෙස සිටි විජයදාස රාජපක්ෂ මහත්තයා අස් කළා. ඒවා මතකද? අගමැතිතුමා කිව්ව විදියට අපි තමුන්නාන්සේලාවත් යහපාලනයට ගෙනාවා.’

මේකේ වැදගත්ම කොටස තමයි අර්ජුන මහේන්ද්‍රන් මඟුල් ගෙදර ගියා කියන කතාව.

අර්ජුන මහේන්ද්‍රන් 2016 ඔක්තෝබර් 27 වැනිදා කියනවා පුද්ගලික සංචාරයක් වැරැදි ලෙස අර්ථකථනය කරනවා, රටින් පැනගියා කියලා. රනිල් වික්‍රමසිංහ නැගිටලා පොඩි පම්පෝරියකුත් ගහනවා එතුමා ගියේ විවාහ මංගල්‍යයකට. ආපහු එනවා කියලා. උදයංග වීරතුංග වගේ එතුමා පැනලා ගිහින් නෑ කියලා. අනේ පවු අහිංසකයා. මොන පුඩිය කාගෙන හරි උදයංග වීරතුංග දැන් ලංකාවේ ජීවත් වෙනවා. ඒ පැනලා ගියා කියපු උදයංග වීරතුංග ලංකාවේ ඉන්නවා. උදයංග වීරතුංග වගේ පැනලා යන්නේ නෑ අපේ බුවා, මඟුල් ගෙදර ගිහිල්ලා එනවා කිව්වට බඩු මිසිං.

ලෝකේ දිගම මංගල උත්සවය. 2016 ඔක්තෝබර් මාසයේ සිට 2025 පෙබරවාරි දක්වා ඒ මඟුල තියෙනවා. අර්ජුන මහේන්ද්‍රන්ගේ මඟුල තාම ඉවර නැද්ද කියලා අහන්නේ ඒක නිසා තමයි. කොහොම නමුත් හෙට අනිද්දට දස අවුරුද්දක් සම්පූර්ණ වෙනවා මේ බැඳුම්කර මංකොල්ලය කියන කාරණාවට.

Bharatha Thennakoon යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

160ට දෙනවා කියපු තෙල් කෝ? අඩු කරනවා කියපු ලයිට් බිල කෝ? එදා රටම එකපාර කළුවර වුණේ කොහොමද? එදා අයින් කරනවා කියපු තෙල් මිල සූත්‍රය අයින් කරන්නේ නැත්තේ ඇයි? 2028 ණය ගෙවන්නේ කොහොමද? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න 5ක් අහයි! බලමු දැන් ආණ්ඩුව දෙන උත්තරේ මොකද්ද කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

2025 වසරේ මේ දක්වා මිනිස් ඝාතන 28ක් වෙලා! මේ රජයටත් කොමිසමෙන් මානව හිමිකම් චෝදනා එල්ල වෙයිද? විදේශ ඇමැති විජිත හේරත්ගෙන් සැසියට දිගු කතාවක් – ඒත් PTA පනත ගැන අකුරක් නැහැ! ජිනීවා උගුලේ මාලිමාවත් පැටලෙයිද?

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.