• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆාස්ට් රනින් ස්ලෝ බෝලිං! Sri Lanka Latest News

March 2, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 විසර්ජන පනත් කෙටුම්පතේ අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී අයවැයට පක්ෂව ඡන්ද 155ක් හිමිවූ අතර, විරුද්ධව හිමිවූයේ ඡන්ද 46ක් පමණි. Sri Lanka Latest News

2025 වසර වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගිය 17 වැනිදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පෙබරවාරි 18 සිට පෙබරවාරි 25 දක්වා දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.

අයවැය කාරකසභා විවාදය මේ දිනවලදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර, එය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වූ දින 7 තුළදී නිවැරැදිව තර්කානුකූලව අදහස්, යෝජනා, විකල්ප, විවේචන, අයවැය සම්බන්ධයෙන් ඉදිරිපත් කළේ කවුරුන්ද කියා සොයාබැලීම කාලෝචිතය.

එය රටේ ආර්ථික දිශානතියට ඉතා වැදගත් වන ආකාරයෙන් අදහස් ඉදිරිපත් කිරීම සිදුකළාද යන්න වෙනමම සලකා බැලිය යුතුව ඇත.
අයවැය විවාදය විරුද්ධ පක්ෂයේ විවාදයක් වුවද එය නිසියාකාරව අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදී විරුද්ධ පක්ෂය විසින් නිසියාකාරයෙන් ඉටුකළාද? ඊට ආණ්ඩු පක්ෂයෙන් ලැබුණු ප්‍රතිචාර කෙබඳුද යන්න පිළිබඳ සොයාබැලීමත් කාලෝචිතය.

පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා නම් කියා සිටියේ ‘ෆාස්ට් රනින් ස්ලෝ බෝලිං’ ආකාරයෙන් අයවැය කාරකසභා අවස්ථාවේදී විරුද්ධ පක්ෂය කටයුතු කළ බවයි.

පන්දුව එවීමට වේගයෙන් දුවගෙන එන තරමටම පන්දුව එවන විට පන්දුව වේගවත් නොවන බව වාගේම විරුද්ධ පක්ෂය ආණ්ඩුවට ප්‍රහාර එල්ල කළද එය ප්‍රබල ප්‍රහාර හෝ ප්‍රබල තර්ක නොවන බව බිමල් රත්නායක විසින් පෙන්වා දෙන ලදී.

විරුද්ධ පක්ෂයේ මෙම කාර්යභාරය සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් එල්ල කරනු ලබන චෝදනා සාධාරණද? අසාධාරණද? එය වෙනමම සලකා බැලිය යුතු කාරණයකි.

ඊට ප්‍රතිචාර දක්වමින් විරුද්ධ පක්ෂය කියා සිටින්නේ ෆාස්ට් රනින් ස්ලෝ බෝලිං වී ඇත්තේ ආණ්ඩුව බවයි.
එසේ ප්‍රකාශ කරනු ලබන බිමල් රත්නායක අමාත්‍යවරයාට විරුද්ධ පක්ෂය චෝදනා කරනු ලබන්නේ දෙවැනි වර කියවීමේ විවාදයේ ආණ්ඩු පක්ෂයේ පිළිතුරු කතාව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස බිමල් රත්නායක ඉදිරිපත් කිරීම සම්ප්‍රදාය නොවන බවයි.

එම පිළිතුරු කතාව මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් නොකරන්නේ නම් එය අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යුතු බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

තමාගේ කතාවට පෙර මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විනාඩි 40ක් කතා කළ බවත්, කාරකසභා විවාදය සඳහා මුදල් අමාත්‍යාංශයට දින දෙකක් වෙන්කර ඇති බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් මෙම සංවාදය දෙපැත්තට බෝලය පාස් කරගැනීමක් සිදු නොකොට හරවත් සංවාදයක් වෙනුවෙන් පෙළගැසෙනවා නම් එය අයවැය විවාදයේ ඉදිරි දිනවලට ඉතා වැදගත් වනු ඇත.

අයවැය විවාදය අතරතුර සිදුවූ වැදගත්ම සිදුවීමක් වශයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ කාර්යභාරය ආණ්ඩුව පක්ෂය විසින් යම් ඇගයීමකට ලක්කිරීම හැඳින්විය හැකිය.

පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාවේ කටයුතු කාර්යක්ෂම කරගැනීම සඳහා යම් නිලධාරීන් ප්‍රමාණයක් අවශ්‍ය බව මීට පෙර ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පෙන්වා දෙන ලදී.

එම කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත්, එය කඩිනමින් ඉටුකිරීම සඳහා කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් කාරකසභාවේ කටයුතු හොඳින් සිදුකරගෙන යනු ලබන ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට උපදේශකයන් කුමකටද වැනි දෙයක් බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම තුළ ඔහු විසින් හර්ෂ ද සිල්වා මුදල් කාරකසභාවේ සිදුකරනු ලබන කාර්යභාරය යම් අගය කිරීමකටද ලක්කර ඇත.
බිමල් විසින් එසේ හර්ෂ අගය කිරීම යහපත් දේශපාලන ප්‍රවණතාවකි. හර්ෂ ද සිල්වා මීට පෙර පැවැති ආණ්ඩුව සමයේදීද පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාවේ සභාපති වශයෙන් යම් මෙහෙයක් ඉටුකළ බව බොහෝ දෙනා දන්නා කාරණයකි.

විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු වුවද තම කාර්යභාරය වඩා හොඳින් නිවැරැදිව සිදුකරනවා නම් එය අගය කිරීමට ආණ්ඩුවේ අමාත්‍යවරයකු නිහතමානී වීම අගය කළ යුතුය. ඒ අනුව බිමල් විසින් හර්ෂව පැසසීම යහපත් ප්‍රවණතාවකි.

වර්තමානයේ රටට අවශ්‍ය වී ඇත්තේ එවැනි දේශපාලන සම්ප්‍රදායකි. එය හර්ෂ – බිමල් පමණක් අතර නොව මුළු ආණ්ඩු පක්ෂය හා මුළු විපක්ෂය අතරද ඇතිවුවහොත් එය රටේ ඉදිරි ගමනට මහත් වූ බලපෑමක් වනු නොඅනුමානය.

නමුත් එවැනි තත්ත්වයක් ඇතිවන බවක් නම් ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් බොහොමයක් ජනතා නියෝජිතයන්ගේ කතාවලින් නම් පෙනෙන්නට නැත.

බොහෝ දෙනකු තවමත් අදහස් ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තුව දේශපාලන වේදිකාවක් සේ සලකාගෙනය.
දේශපාලනමය වශයෙන් අදහස් ඉදිරිපත් කළාට වරදක් නැත. නමුත් අයවැය විවාදයේදී වඩාත්ම වැදගත් වන්නේ ඉදිරි වර්ෂයේදී රටේ ආර්ථිකය හැසිරවිය හැකි කාරණා, එනම් ඉලක්කගත ආර්ථිකයකට ගමන් කරමින් රටේ පොදු මහජනතාවට ලබාදෙනු ලබන පහසුකම්, ග්‍රාමීය ආර්ථිකය නැංවීම ඇතුළු කාරණා ගැන අවධානය යොමුකරමින් අදහස් ඉදිරිපත් කිරීමයි.

රටේ ආර්ථිකය නැංවිය හැකි නිෂ්පාදිත ආර්ථිකය බදු නිවැරැදිව අයකර ගැනීමට හැකි බදු සංශෝධන යන කරුණු ගැන මාර්තු 21 දක්වා පැවැත්වෙන අයවැය විවාදයේදීවත් ආණ්ඩු පක්ෂයෙන් හා විරුද්ධ පක්ෂයෙන් කරුණු ඉදිරිපත් වීම වඩාත් සුබවාදී වේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් ගමන් බිමන් ඇතුළු වියදම් ලේකම් ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් කිහිපදෙනකු ඉදිරිපත් කරන අයුරු දක්නට ලැබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මන්ත්‍රීවරයා කියා සිටියේ වියදම් අඩුකළ පමණින් රටක් සංවර්ධනය නොවන බවයි.
එම කතාවෙහි යම් සත්‍යයක් ඇත. වියදම් කිරීම කළමනාකරණය කරගනිමින් වියදම් වූ මුදලින් කොපමණ ඵලදායිතාවක් රටට ගෙනැවිත් තිබෙනවාද යන්න ගැන අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ.

රාජ්‍ය නායකයෝ විදෙස් සංචාරවලට යා යුතුය. එසේ නොමැති වුවහොත් ජාත්‍යන්තර වශයෙන් රටට අවාසි සිදුවිය හැකිය. ඔන්ලයින් තාක්ෂණයෙන්, සූම් මීටින්වලින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ප්‍රායෝගිකව ශක්තිමත් කරගැනීම එතරම් පහසු නොවේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරවලට වැඩි වියදමක් දරා ඇති බවට යම් චෝදනාවක් එල්ල වනවා නම් ඊට නිසි පිළිතුරක් ලබාදීමට වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින නාමල් රාජපක්ෂ සහ ඩී.වී. චානක කටයුතු කළ යුතුය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වියදම් වැඩි නම් ගෑස් සිලින්ඩරයෙන් මැතිසබයට ගොස් සිටින රවී කරුණානායක, ෆයිසර් මුස්තාෆා යන මන්ත්‍රීවරුන් පිළිතුරු ලබාදිය යුතුය.

මහින්ද හෝ රනිල් වෙනුවෙන් එවැනි පිළිතුරක් නොලැබෙන්නේ නම් ඔවුන් දෙදෙනාගේ විදෙස් සංචාර රටට බරක් වූ බවට මාලිමා ආණ්ඩුව විසින් සිදුකරනු ලබන චෝදනා ජනතාවට පිළිගැනීමට සිදුවේ.

ඒ වාගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර 3ටම රුපියල් මිලියන 1.8ක මුදලක් වැයවූ බව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ප්ලේන් එකේ ෆුඩ්බෝඩ් එකේ ගියත් එවැනි අඩු මුදලකට රටවල් 3කට යන්නේ කෙසේද කියා දිලිත් ජයවීර මතුකරන ප්‍රශ්නයට ආණ්ඩුව විසින් පිළිතුරක් ලබාදිය යුතුව ඇත.

එම නිසා ලැයිස්තුවල වියදම් කතාකිරීම යම් සීමාවකට ලක්කර ඉන් අනතුරුව ඉදිරි වර්ෂයේදී රටේ ආර්ථිකය ඉහළ නංවන ආකාරය ගැන සාකච්ඡා කරනවා නම් එය රටේ ආර්ථිකයට බලපානු ඇත.

ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ වියදම් ගැන අදහස් දැක්වීමේදී බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන දැක්වූ අදහස්වලටයි.

ජනාධිපතිවරයකු උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කළ යුතු නිසාත්, රාජ්‍ය නායකයකු ගනු ලබන තීරණ මුළු රටේම අනාගතයට මෙන්ම වර්තමානයේදී රටටම බලපානු ලබන නිසා ජනාධිපතිවරයකුට පහසුකම් ලබාදීම ගැන ඕනෑවට වඩා ප්‍රශ්න කිරීම අනවශ්‍ය බව ප්‍රසාද් සිරිවර්ධන විසින් පෙන්වා දෙන ලදී.
ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය නායකයකු ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පහසුකම් කප්පාදු කිරීමකට තමා කිසිසේත්ම එකඟ නොවන බවයි.
රටක් පාලනය කිරීමේදී ජනාධිපතිවරයකුට වගකීම් රැසක් නිසියාකාරව සිදුකළ යුතු බවත්, එයට ගැටලු ඇතිවන ආකාරයෙන් ජනාධිපතිවරයාගේ වියදම් අඩුකොට මුදල් ඉතිරි කළහොත් එම ඉතිරි කළ මුදලට වඩා පාඩුවක් රටට සිදුවන බවත් ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

අනවශ්‍ය වියදම් රටට අවශ්‍යම නැත. නමුත් එම වියදම් සිදුකිරීම අත්‍යාවශ්‍යම කාරණයක් නම් එමගින් රටට, රටේ පොදු මහජනතාවට බලපාන කරුණු සිදුවෙනවා නම් වියදමට වඩා වටින්නේ එම වියදම් කිරීමෙන් රටට අත්කරගත් ප්‍රතිඵල නොවේද?

එම නිසා මෙම වියදම් ගැන කතාකිරීමේදී එහිදී අත්කරගත්, අත්කර නොගත් කරුණු සහ ළඟාකර ගත්, නොගත් ඉලක්ක ගැනද කතාකරනවා නම් එය රටට වඩාත් සුබදායක වනු නොඅනුමානය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි – ලයිට් බිලත් වැඩිවෙන හැඩයි !Sri Lanka Latest News

Next Post

අලි ප්‍රශ්නෙට හරියටම උත්තරේ දුන්නේ ඇමැතිතුමාද? විපක්ෂ නායකතුමාද? Sri Lanka Latest News

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.