• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි – ලයිට් බිලත් වැඩිවෙන හැඩයි !Sri Lanka Latest News

March 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලයිට් බිල වැඩිකිරීම සහ අඩුකිරීම ගැන ආයෙත් වතාවක් කතාබහක් ඇවිල්ලා. දැන් වැස්ස නැති කාලයක් උදාවෙලා තියෙන නිසා ලයිට් බිල වැඩිකරන්න ඕනේ කියලා කියනවා. ලයිට් බිල වැඩිකිරීම මේ තරම් කලබලේට කරන්නේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක්. මොකද ලෝකයේ සුනිත්‍ය බලශක්තිය සම්බන්ධව බලනකොට වැඩිම සුනිත්‍ය බලශක්ති මූලාශ්‍ර ප්‍රමාණයක් තියෙන රටක් විදියට අපිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ලෝකය අද වෙද්දී ක්ෂය නොවන විදුලි නිෂ්පාදනය සඳහා භාවිත කරන දේවල් විදියට පාවිච්චි කරන්නේ එක පැත්තකින් හිරු එළිය, අනිත් පැත්තෙන් ජල විදුලිය, ඉන් පස්සේ සුළං බලය. Sri Lanka Latest News

ඇතැම් රටවල් පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා මුහුදේ රළ මගින් ඇතිකරනු ලබන පීඩනය. මේ කාරණා ටික ඔක්කෝම ලංකාව වටේ තියෙනවනේ. හැබැයි එහෙම මේ කාරණා ටික ඔක්කොම ලංකාව වටේ තියාගෙන අපි තවමත් ඩීසල් බලාගාර පවත්වාගෙන යනවා ලංකාවේ. එතකොට මේවාට විසඳුමක් හොයන්න මෙතෙක් හිටපු දේශපාලකයෝ උත්සාහ කරලා තියෙනවද කියන එක ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. විදුලිබල හා බලශක්තිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරු කීප දෙනෙක් එක්කම අපිට මේ ගැන ඕනේ නම් කතාකරන්න පුළුවන්. මොකද ලංකාවේ විදුලිබලය හා බලශක්තිය උත්පාදනය කරන්න අනවශ්‍ය විදියට මුදල් නාස්ති කරනවා කියලා පහුගිය කාලේ පුරාම විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපතිතුමා වන සංජීව ධම්මික මහත්තයා ඇතුළු පිරිස විශාල හඬක් නගනවා අපි දැක්කා. ඒගොල්ලෝ කියන්නේ ඩීසල් බලාගාර මේ රටට අනවශ්‍යයි, ඩීසල් බලාගාර ලංකාවේ ඇතිකිරීම නිසා තමයි වැඩිපුර ප්‍රශ්න ඇතිවෙන්නේ කියලා. මොකද අපි ඩීසල් ගෙන්වන්නෙත් සල්ලි දීලා. එතකොට ඒ විදුලි ඒකකයක් ගන්නෙත් සල්ලි දීලා. ඒ නිසා අපිට විශාල මුදලක් වැයවෙනවා කියන එක. එතකොට අපිට බැරිද ජල විදුලිය කියන මූලාශ්‍රය භාවිත කරලා මේ වැඩේ පිළිවෙළට කරගන්න? ඇත්තටම ලංකාවේ ජල විදුලිය පාවිච්චි වෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒක පිළිවෙළට වෙන්නේ නැති එක. ඒක පිළිවෙළට වුණා නම් මීට වඩා ඉතා සාර්ථකව විදුලිබල හා බලශක්තිය භාවිත කරන්න පුළුවන් බව අපිට විශ්වාසයි.

විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඇතිවෙන මේ කතාබහ අතරතුරේ අපිට දැන් දැනගන්න ලැබෙනවා පොළොන්නරුව සහ ඒ අවට ප්‍රදේශවලට තදින් වැසි ලැබෙන තත්ත්වයකුත් ආයෙත් ඇවිල්ලා කියලා. ඒ නිසා මෙහෙම විදුලි බිල වැඩිකරන්න අවශ්‍යයිද? අපි දන්නවා විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් එක පැත්තක අයි.එම්.එෆ්. එකේ යෝජනා සහ අයි.එම්.එෆ්. එකත් එක්ක තියෙන එකඟතා ආරක්ෂා වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ජල විදුලිය නිෂ්පාදනය කියන එක. අපි හොඳටම දන්න එකක් තමයි වික්ටෝරියා හෝ රන්දෙණිගල හෝ මේ ජලාශවල ප්‍රධාන පරමාර්ථය ජල විදුලිය නිෂ්පාදනය කිරීම නෙවෙයි. ඒ අයගේ පරමාර්ථය මේ ජලය සම්පූර්ණයෙන් පාවිච්චි කරන්නේ විදුලි නිෂ්පාදනය කරන්න නෙවෙයි. ජලය එක මට්ටමකට ආවට පස්සේ ඒවා ගොවි ජනතාව සඳහා පරිස්සම් කරගන්න ඕනේ නිසා විදුලි නිෂ්පාදනය අඩු වෙනවා. ඒ නිසා එතැනත් ප්‍රශ්නයක් තියෙනවා. ඉන් පස්සේ සූර්ය බලාගාර සංකල්පය අපේ රටේ නිසි ආකාරව ක්‍රියාත්මක වෙන්නේ නෑ.

අපි සූර්ය පැනල රූෆ් ටොප් කියන ක්‍රමවේදය විතරයි ලංකාවේ තියෙන්නේ. ඒ වගේම මේ ලැබෙන විදුලිය ප්‍රධාන ධාරාවට සම්බන්ධ කරගැනීමේ නිසි ක්‍රමවේදයක් සුනිත්‍ය බලශක්ති අධිකාරිවලින් නිසි ආකාරව ක්‍රියාත්මක කරන්නේ නෑ. මේ සියල්ලම එක්ක සුළං විදුලි බලාගාරය සංකල්පය තාම තියෙන්නේ බොහොම ප්‍රාථමික මට්ටමක. අපිට ඉතාම හොඳින් සුළං ලැබෙන ක්‍රමයක් තිබුණා. ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නය විදියට අපි දකින්නේ විදුලිය ගබඩා කරගැනීමේ ක්‍රමවේදයක් අපිට නැති එක. අතිරික්ත නිෂ්පාදිතයක් විදියට විදුලිය ලැබෙන කාලවලත් අපි නිෂ්පාදනය වෙන අතිරික්ත විදුලිය ආරක්ෂා කරගන්න අපිට ක්‍රමවේදයක් නෑ. ඒ වෙලාවට ඒවා ක්ෂය වෙලා යනවා. අපතේ යනවා සහ ඒ කාලයට අපි කරන ප්‍රධාන දේ තමයි විදුලිය නිෂ්පාදනය ජල විදුලියෙන් සිදුවෙනකොට වැඩියෙන් අපි අපේ තාප බලාගාරවල තියෙන අලුත්වැඩියා කටයුතුවලට ඒ කාලය වෙන් කරගන්නවා. විදුලිය නිෂ්පාදනය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි දන්නවා දවසේ එක කාලයක් තියෙනවා විදුලිය නිසි ආකාරව පවත්වාගෙන යායුතු. නිවැරැදිව ආරක්ෂා කරගත යුතු කාලයක් තියෙනවා.

මේ සියල්ලමත් එක්ක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදුලි පරිභෝජනය සහ ඒ සම්බන්ධයෙන් අපි කතා කළා කලින් හිටපු අමාත්‍යතුමන් එක්කත්. ඉන්දික අනුරුද්ධ ඇමැතිතුමන් එක්ක. රාජ්‍ය ඇමැතිවරයා විදියට එතුමා කියන්නේ අපූරු කතාවක්. එතුමා කියනවා මාර්තු විතර වෙද්දී මේ ජලය විෂ්පීකරණයට ලක්වීම වැඩිපුර සිදුවෙනවා. ඒ කාලයට වතුරවලින් අපි ජල විදුලිය නිෂ්පාදනය කිරීම යම් විදියකට අඩු වෙනවා. බක්මහ අකුණුත් එක්ක එන වැස්ස දක්වා තියෙන කාලය කොහොමත් අපේ විදුලි නිෂ්පාදනයේ යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇතිවෙන කාලයක් බව. ඒ කාලයට අපි විදුලිය කළමනාකරණය කරගත යුතුයි. එහෙම නැතුව ඒ කාලයේදී විදුලි බිල වැඩිකරලා හරියන්නේ නෑ කියලා ඔහු කියනවා. ඒ වගේම විදුලිය කොහොමත් එක කාලයකදී වැඩිපුර අමාරුවෙන් පරිස්සම් කරගන්න වෙන කාලයක් වෙනවා. ඒ කාලයට ඔවුන් විකල්පය විදියට භාවිත කළේ පැයක හමාරක කාලයක් විදුලිය විසන්ධි කළා මිසක විදුලි බිල වැඩිකරන්න කටයුතු කළේ නැහැ කියලයි ඔහු සඳහන් කරන්නේ. මේ හිටපු රාජ්‍ය ඇමැතිතුමන්ගේ මතය වෙලා තියෙන්නෙත් රටක් විදියට අපි මෙහෙම බිල වැඩිකරලා, ගණන් වැඩිකරලා යන ක්‍රමවේදයට වඩා නිවැරැදි කළමනාකරණ වැඩපිළිවෙළක් රටකට අවශ්‍යයි කියන එක.
දේශපාලන අධිකාරිය කුමක් කිව්වත් අපි දකින ප්‍රශ්නය තමයි රටකට විදුලි බලය හා බලශක්තිය සම්බන්ධව නිසි පියවරක්, නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි කියන එක. පම්පෝරි ගහනවා පිටරටවලටත් දෙන්න පුළුවන්, ඉන්දියාවටත් කරන්ට් එක දෙන්න පුළුවන් කියලා. නමුත් අපි තවමත් නිසි ආකාරව මේ විදුලි නිෂ්පාදිතය පිළිබඳ සැලසුමක් හදලා නෑ. විශේෂයෙන්ම විදුලි නිෂ්පාදනය වෙනකොට වැඩි කාලයකදී අපි ඒවා එකතු කරගන්න ක්‍රමයක් හදාගෙන නැති එක විශාල ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ලෝකයේ සමහර රටවල් ඒ වගේ විදුලිය නිෂ්පාදනය වෙනකොට ඒවායේ අතිරික්ත විදුලිය ඉතිරි කරගෙන නැති කාලෙට පාවිච්චි කරන්න යොදාගන්නවා. නමුත් දැන් එහෙම එකක් වෙන්නේ නෑ. ඒක හොඳාකාරවම අපිට පේන්න තියෙන කාරණාවක්.

කොහොම වෙතත් අපේ රට මේ යන විදියට ගියොත් විශාල අර්බුදයකට මුහුණ දෙනවා. යම් දුර්භික්ෂයක් ආපු කාලෙකදී පුරෝකථනය කළාම කලින්ම අපිට විදුලිය ගැන ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා අපි විදුලිය නිෂ්පාදනය කරන්න හරි ක්‍රමයක් හදාගත යුතුයි. ආරක්ෂා කරගත යුතුයි. නිසි වැඩපිළිවෙළක් යටතේ මේ විදුලිය පරිභෝජනය රැගෙන යායුතුයි. එහෙම නොගියොත් රටක් විදියට අපිට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වේවි. අද වෙද්දී අපි දන්නවා ඉතියෝපියාව වගේ රටවල් තමන්ගේ ජල විදුලි නිෂ්පාදිතය අලෙවි කරන තැනට දියුණු වෙලා තියෙනවා. ලංකාවට ඒක කරගන්න බැරි වෙන්නේ නිසි කළමනාකරණයක් සහ නිසි ක්‍රමවේදයක් නැතිවීම නිසා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනපති අනුර කළ ඉල්ලීම ගැන විවිධ මත! Sri Lanka Latest News

Next Post

ෆාස්ට් රනින් ස්ලෝ බෝලිං! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.