කොරෝනා සමයේ සියලු ක්ෂේත්‍ර කඩාවැටෙද්දී දුරකතන සමාගම් පමණක් අධික ලෙස ලාබ ඉපයූ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
කොරෝනා සමයේ නිවාසවල සිරවී සිටි ජනතාව වැඩිවැඩියෙන් අන්තර්ජාල පහසුකම් වෙත යොමු වූ බවත්, මේ හේතුවෙන් දුරකතන සමාගම්වල ලාභය කෝටි ගණනින් ඉහළ ගිය බවත් ඒ මහතා කීය.
ආණ්ඩුවට අවශ්‍ය නම් එම සමාගම්වලට බද්දක් ගසා ජනතාවට ගසන බදු මුදල අඩු කළ හැකිව තිබූ නමුත් ආණ්ඩුව එසේ නොකරන බවද මරික්කාර් මහතා සදහන් කළේය.










