• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්පහ උසාවියේදී වෙඩි තියනවා කියලා කිව්වාම ගම්පහට ගේන්නේ නැතිව කොළඹට දැම්මේ ඇයි? සංජීවගේ ඝාතනය ගැන ගම්මන්පිලගෙන් වැඩබලන පොලිස්පතිටත් ලොකු චෝදනාවක්!  VIDEO I Sri Lanka Latest News

February 24, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

අද දින පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.Sri Lanka Latest News

ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධ ද?

ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ සතියට කලින් සතියේ ගම්පහ අධිකරණයට ගෙන ආවාම ඔහුට වෙඩි තැබීමේ සූදානමක් තිබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු නිසා තමන් සංජීව ගම්පහ අධිකරණයට ගෙන එන එක නතර කරලා ඒ වෙනුවට Zoom තාක්ෂණය නැත්නම් විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව සැලසුවා කියලා වැඩ බලන පොලිස්පතිතුමා මාධ්‍ය හමුවක කියනවා. දැන් කවුරුහරි ගනේමුල්ලේ සංජීවට ගම්පහ උසාවියේ දී වෙඩි තබන්න හිටියනම් ඒ් වෙඩි තබන්න හිටියේ සංජීවත් එක්ක තිබෙන තරහකට මිස ගම්පහ උසාවියත් එක්ක තිබෙන තරහකට නොවේනෙ. එහෙමනම් ගම්පහ උසාවියේ තිබ්බ ඒ අවස්ථාව පොලීසිය නැති කරානම් අනිවාර්යයෙන්ම කොළඹට ගෙන එන ඊළග අවස්ථාවේ වෙඩි තියන්න කටයුතු කරනවා කියන එක තේරුම් ගන්න මහ ලොකු බුද්ධියක් අවශ්‍ය නෑ. නමුත් තොරතුරු ලැබුණු පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන කොළඹ දී ගනේමුල්ලේ සංජීව ඝාතනය වෙන්න ඉඩ ඇරලා බලන් ඉදලා තියනවා.

එහෙමනම් පොලිස්පතිවරයට ගම්පහ උසාවියේ උත්සහය වියර්ත වුනාම කොළඹදී ඒ උත්සහය දරාවි කියන එක සිතා ගන්න බැරි වෙන්න විදිහක් නෑ. මොකද ඒ වෑයම සූදානම් කල අය අත් අඩංගුවට ගන්නා තුරුම ඒ අවධානම ඒ විදිහටම තිබෙනවා. එම නිසා ගනේමුල්ලේ සංජීව ඝාතනයට වැඩ බලන පොලිස්පතිවරයා සම්බන්ධයි කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. දැන් කවුද පොලිස්ලතිවරයා ගැන විමර්ශනය කරන්නේ. වැටත් නියරත් ගොයම් කත් නම් කාට කියන්න ද ඒ අමාරුව කියලා අපේ පැරැන්නෝ කිව්වේ මේ වගේ අවස්ථාව වලට තමයි.

සංජීව ඝාතන සැලසුමක් පිළිබඳ තොරතුරු ලැබී තිබිය දී ඒ පිළිබඳ පියවර නොගැනීම ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වහාම ප්‍රශ්න කළ යුතුයි. කාටද පුලුවන් පොලිස්පතිවරයා ප්‍රශ්න කරන්න? පොලිස්පතිව ප්‍රශ්න කරන්න ඉන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. රවී සෙනෙවිරත්න මහතා. පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරක් තමන්ට ලැබී දින 12ක් පුරා කිසිම පියවරක් නොගත් රවි සෙනෙවිරත්න මහතාට තමයි මේ වගකීම පැවරිලා තියෙන්නේ. කකුළුවා පැටියාට කෙලින් යන්න උගන්වමින් කකුළුවා ඇදේට යනවනම් කවදාත් පැටියට කෙලින් යන්න ඉගෙන ගන්න වෙන්නේ නෑනේ. ඒ නිසා රවි සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරේ සිටිනතුරු පොලීසියට තොරතුරු ලැබිලත් ඒ් පිළිබඳව කිසිවක් නොකරන පොලිස් ලෙඩේ නම් කවදාත් හොද කරලන්න ලැබෙන්නේ නෑ කියන ඒක අපි සිහිපත් කරනවා.

පොලිස් ඇමති ජනපතිට බෑ කියයි

පොලිසිය විසින් සැකකරුවන්ව ආයුද පෙන්වන්න රැගෙන යන අවස්ථා වල දී පොලිසියට වෙඩි තබන්න හැදුවාම අපි සැකකරුට වෙඩි තිබ්බාම සැකකරු මිය ගියා කියන එක පොලිසියේ බොහොම පරණ නාටයකයක්. මේ නාට්‍ය අපි මීට කලින් දැකලා තියනවා. එදා විපක්ෂයේ සිටි අනුර දිසානායක මන්ත්‍රිතුමා මේ ගැන මොකද කියන්නේ කියලා අපි පොඩ්ඩක් අහලා ඉමු.

(වීඩියෝව විකාශනය කෙරේ).

මෙතරම් දක්ෂ විධියට ආණ්ඩුව විවේචනය කරපු අනුර දිසානායක මන්ත්‍රිතුමාව ජනාධිපති කිරීමෙන් විපක්ෂයට දක්ෂ මන්ත්‍රිවරයෙකුයි රටට දක්ෂ ජනාධිපති කෙනෙකුයි දෙකම නැති වුණා. දැන් විපක්ෂයට අනුර දිසානායක මන්ත්‍රිතුමා නැති අඩුව පුරවන්න එතුමා විපක්ෂයේ සිටිය දී අසන ප්‍රශ්න ටික අපි ඇසිය යුතුයි.

අනුර මන්ත්‍රිතුමා ඉතා වැදගත් කතාවක් කියන්නේ. ශිෂ්ට සම්පන්න සමාජයක කවුරුවන් ජීවත් විය යුතුද කවුරුන් මිය යා යුතුද කියා තීරණය කරන්න පොලිස්පතිටවත් පොලිස් ඇමතිටවත් දෙන්න බෑ. ඒ් අයිතිය තිබිය යුත්තේ අධිකරනයට පමණයි. කවුද කියන්නේ ? අපි නොවේ. වර්තමාන ජනාදිපති ධූරය දරන අනුර දිසානායක මැතිතුමා. එතුමා එවැනි ස්ථාවරයක් දරමින් එවැනි ප්‍රකාශ කරන අතරේ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මිය යනවනම් ආයුධ පෙන්වීම පිළිබද අනුර දිසානායක මැතිතුමා කියන නාඩගම නාටකය එතුමාගේ ආණ්ඩුව යටතේත් සිද්ධ වෙනවනම් ඒකෙන් නියවෙන්නේ පොලිස් ඇමතිවරයා ජනපතිවරයා කියන දේවත් අහන්නේ නෑ කියන එක නේද? ජනාධිපතිවරයාට පොලිස් ඇමතිවරයාව පාලනය කර ගන්න බෑ කියන එක නේද කියන සාධාරණ ප්‍රශ්නය අපට මතු වෙනවා.

අනුර ජනපතිතුමා කියනවා වගේ මේක නාඩගමක්නෙ. ඇයි දැන් සැකකරුවා අත්අඩංගුවට ගත්තම හැමදාම සැකකරුවන්ගේ ආයුද පෙන්වන්න එක්කගෙන යන්නේ මහ රෑ. මේ පාතාල නායකයන් ආයුධ පාචිච්චි කරන්න හොදටම දන්න අය බව දැනගෙනම ඒ අයගේ මාංචු පොලිසීය ඉවත් කරනවා. ඒ් අයට ආයුධ අතට ගත්තොත් වෙඩි තියන්න ඉඩ තියන බව දැනගෙනම ඒ අය ලවාම ආයුධ ටික අතට ගන්නවා. ඒ වගේම සැකකරුවාට වෙඩි තියද්දිත් අපරාදේ කියන්න බෑ මැරෙන්නම වෙඩි තියනවා.

මේ තත්වය තුල අපි හැමෝගේම ජීවිත අනාරක්ෂිතයි. මේ ආණ්ඩුව පිළිබඳ කර්කෂ විවේචන අපි එල්ල කරන නිසා අපිව ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබෙන නිසා ජනපතිතුමා කතා පවත්වන විට නිතර අපිව මතක් වන නිසා හෙට අනිද්දා ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට මාවත් සැකයි කියලා අත්අඩංගුවට අරන් ආයුද පෙන්වන්න කියලා එක්කගෙන ගිහින් ජීවිතයට සෙල්ලම් පිස්තෝලයකින්වත් වෙඩි තියලා නැති මම පොලිසියට වෙඩි තියන්න හැදූ අවස්ථාවේ ආත්මආරක්ෂාව තකා මාව ඝාතනය කරන්න සිද්ධ වුනා කියලා පොලිස්පතිතුමා මාධ්‍ය හමුවකට ඇවිල්ලා කියන තාලය වැඩි ඈතක නොවෙන්න පුලුවන්. මේ තත්වය තුල මගේ ජීවිතය විතරක් නෙමෙයි ආණ්ඩුව රිදවන මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අනතුරේ කියන ඒක අපි මතක් කරන්න ඔ්නේ.

මේ බරපතල අවදානම ශ්‍රේෂ්ඨාධිකරණය දැක්කා. ඒ නිසා මෙවැනිම සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවේ මියයාම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවක දී ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසරේ දී පොලිස්පතිවරයාට නියෝගයක් කරනවා සැකකරුවන් බැහැරට ගෙන යාම පිළිබඳ මාර්ගෝපදේශ සකස් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය අරගෙන චක්‍රලේඛයක් විදිහට නිකුත් කරන්න. ඒ අනුව එවකට සිටි පොලිස්පතිවරයා 2023 අප්‍රේල් 2 දා ඒ චක්‍රලේඛය නිකුත් කලා. සැකකරුවන් පිටතට රැගෙන යන විට සම්පූර්ණ ගමන වීඩියෝ කරන්න ඕනි කියලා ඒ චක්‍රලේඛයේ තිබෙනවා. ඒහෙනන් ශ්‍රේෂ්ඨාධිකරණයට අනුගතව පොලිස්පතිවරයා කටයුතු කලා නම් මේ සැකකරුවා රැගෙන ගොස් මිය යාම දක්වා වූ සියලුම අවස්ථාවන් ටික වීඩියෝ ගත කර දැන් පොලිසිය ගාව තිබිය යුතුයි. සමහර විට දැන් පොලිස්පතිවරයා කියන්න පුලුවන් තාම විමර්ශන කටයුතු අවසන් නැති නිසා මේ වීඩියෝ පටය ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. අනිකුත් වීඩියෝ පට නම් සට පට ගාලා මාධ්‍ය වලට එනවා. අර කඩවසම් සැක කරුවෙක් අත්අඩංගුවට ගත් වහාම ඒ් වීඩියෝ පට සමාජ මාධ්‍යවල උණු කැවුම් වගේ ගියා. පොලීසියට ලැබුණු වට්සැප් පණිවිඩයක් ගනේමුල්ල සංජීවගේ ඝාතකයා සහ ඝාතනයට කොන්ත්‍රාත් එක දුන්න පුද්ගලයා අතර ගිය වට්සැප් සංවාදේ මේ වන විට මාධ්‍ය වල සමාජ මාධ්‍ය වලට ඇවිත් තියනවා. හරි කමක් නෑ ඒ් වීඩියෝ පටය නිකුත් කරන්න බෑ කියමුකෝ තාම විමර්ශණ කටයුතු ඉවර නැති නිසා එහෙම කතාවක් කියන්න බෑ අනික් ඔක්කොම කතා එලියට ආවාම ඒම කිව්වත් අඩුම තරමේ

විමර්ශන අවසන් වන තුරු ඒ වීඩියෝව ප්‍රසිද්ධ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ චක්‍රලේඛය අනුව කටයුතු කරමින් වීඩියෝ කලා ද නැද්ද කියන එක වහාම පොලිස්පතිවරයා රටට ප්‍රකාශ කළ යුතුයි.

දැන් ආණ්ඩුව කියන්නේ පොලිස් අත්අඩංගුවේ සැකකරුවන් මිය ගිය පළමු අවස්ථාව මේ නොවේ කියලා. එහෙම වුණු නිසා තමයි මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් නිකුත් වුණු චක්‍රලේඛයක් තිබෙන්නේ. එහෙම තිබිය දීත් පොලිස් නාඩගම ඒ අයුරින්ම රඟ දක්වනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කරලා නැති නම් ඒක උසාවියට අපහාස කිරීමක් කියන එක අපි පොලිස්පතිවරයාට සිහිපත් කරනවා.

පොලිස්පති පොලිස් කොමිසම විවේචනය කරන්න කලින් ව්‍යවස්ථාව කියවන්න

පොලිස් කොමිසම තිබෙන්නේ මහජන පැමිණිලි විමර්ශනයට සහ නිලධාරින්ගේ විෂමාචාර පිළිබඳ ක්‍රියාත්මක වීමට මිස පොලිසිය අභ්‍යන්තරයෙන් පාලනය කරන්න නොවේ කියලා පොලිස්පතිතුමා කියනවා. ඒ නිසාම අපට පොලිස් කොමිසම සමග ගැටළු තිබෙනවා කියලා පොලිස්පතිතුමා කියනවා. නීතිඥයෙකු වුණු පොලිස්පතිතුමා ව්‍යවස්ථාවේ පොලිස් කොමිසම සම්බන්ධයෙන් තිබෙන 18අ පරිච්ඡේදයවත් අවම වශයෙන් කියෙව්වා නම් මාධ්‍ය ඉදිරියේ මේ වගේ බොලඳ ප්‍රකාශ කරන්නේ නෑ.

155ඊඊ වගන්තියෙන් මහජන පැමිණිලි විමර්ශනයට අවශ්‍ය බලය පොලිස් කොමිසමට පවරා තිබෙන බව ඇත්ත. නමුත් පොලිස් කොමිසමට තිබෙන්නේ ඒ බලතල පමණක් නොවේ. 155උ වගන්තියෙන් පොලිස්පතිවරයා හැර අන් සියළුම නිලධාරින්ගේ උසස් කිරීම්, මාරු කිරීම් සහ විනය පාලනය පිළිබඳ බලතල පොලිස් කොමිසමට පවරා තිබෙනවා. පොලිස් කොමිසමට පුළුවන් කැමති නම් ඒ බලතල වලින් කොටසක් පොලිස්පතිට පවරන්න. නැතිනම් සම්පූර්ණ බලතලම පොලිස් කොමිසම විසින්ම ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඒ නිසා පොලිස් කොමිසමට පදනම් විරහිතව ඇගිල්ල දිගු කරන්න කලින් ව්‍යවස්ථාව හරි හැටි අධ්‍යනය කරන්න යැයි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස්පතිතුමා නොදැන සිටියාට ඔය වගන්තිය 17 වන සංශෝධනය හරහා ව්‍යවස්ථාවට දාන්න ක්‍රියාකාරි වැඩ කොටස කලේ මාලිමාවේ නායකයින්. ඒ නිසා පොලිස් කොමිසමට පොලිසියේ ස්ථාන මාරු කිරීමේ බලය දීම වැරදියි කියලා හිතනවා නම් ඒකට අභියෝග කරන්න ඕනි ඒවා ව්‍යවස්ථාවට දාන්න කටයුතු කරපු ජනපති සහ විදේශ ඇමතිට මිස පොලිස් කොමිසමට නොවේ.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඇමැති කෙනෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! නාමල්ට හෙට අනිද්දාම වළට යන්න වෙනවා!  VIDEO I Sri Lanka Latest News

Next Post

ජනපති අනුරගේ ලොකුම අභියෝගය විපක්ෂය නෙමෙයි මන්ත්‍රී අනුර! එදා ඔහු කී කතාම අද ඔහුට පාරාවළල්ලක් වෙලා! එදා මන්ත්‍රීවරුන්ට පිස්තෝල ඕනද කියලා ප්‍රශ්න කරපු මාධ්‍ය ආයතනයේ ‘බබයි-බබියි’ අද මොකද කියන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.