• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තාලෙට රහට ගහන ඕරා…

June 14, 2020
in Heart
Reading Time: 1 min read
A A
තාලෙට රහට ගහන ඕරා…
Share on WhatsAppShare on Facebook

කලක් ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගිටාර් වාදන ශිල්පියෙක් ලෙස සිය දක්ෂතා පෙන්වූ ඔහු ඉන් මිදී තමන්ගේම සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගන්නේ වෙනස් ගමනක් යෑමේ අරමුණින්. මේ වන විට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී අනන්‍යතාවක් හිමිකරගෙන සිටින ‘ඕරා’ සංගීත කණ්ඩායමේ නියමු රන්ශ්‍රී ජයවර්ධන නොහොත් ‘රණා’ ‘ඕරා’ සමඟ යන ගමන පිළිබඳව අප සමඟ අදහස් දැක්වූයේ මේ අයුරින්.
කොහොමද ‘ඕරා’ බෑන්ඞ් එක හැදෙන්නෙ?
අපි බිග් බ්‍රදර්ස් කියන බෑන්ඞ් එක හැදුවට පස්සෙ මට හිතෙනව එකොස්ටික් පැත්තට ගියොත් හොඳයි කියල. මට මගේම කියල සද්දයක් හදාගන්න ඕනාවට, මගේ හිතේ තියෙන ආසාව ඉෂ්ට කරගන්න ඕනෙ කියල හිතල තමයි මේ බෑන්ඞ් එක හදන්නෙ.
කොයි කාලෙද බෑන්ඞ් එක හැදෙන්නෙ?
2013 නොවැම්බර් තමයි බෑන්ඞ් එක හදන්නෙ.
බෑන්ඞ් එකේ සාමාජිකයො කවුද?
මම බෑන්ඞ් එකක් හදනව කියල ආරංචි වෙලා එක එක යාළුවො කරපු යෝජනා අනුව ගත්ත අය තමයි බෑන්ඞ් එකට සම්බන්ධ වුණේ. බෑන්ඞ් එක පටන්ගන්නකොට හිටපු කට්ටිය නෙමෙයි දැන් ඉන්නෙ. එක එක ප්‍රශ්න මත කට්ටිය වෙනස් වුණා. දැන් බෑන්ඞ් එකේ ඉන්න අයගෙන් ලීඞ් ගිටාර් වාදනය කරන්නෙ ප්‍රශාන්. ඔක්ටපෑඞ් වාදනය කරන්නෙ බේබි. ඩ්‍රම්ස් රංග, බේස් ටි්‍රෂෝන්, කීබෝඞ් චතුරංග. ගායනයෙන් සම්බන්ධ වෙන්නෙ රුචික සහ අංජු.
ඇයි ඉලෙක්ටි්‍රක් පැත්තෙන් අයින් වෙලා එකොස්ටික් පැත්තට යන්න හිතුනෙ?
එකොස්ටික් පැත්තට තමයි දැන් ලෝකෙ තියෙන රැල්ල හැදිල තියෙන්නෙ. ඒ සවුන්ඞ් අහන්න තමයි මිනිස්සු කැමැති. මම හරි වෙලාවෙදි ඒ පැත්තට යොමුවුණා. දැන් අපිට ලැබෙන ප්‍රතිචාරවලිනුත් අපිට තේරෙනව අපි ගත්ත තීරණය හරි කියල. දැන් අපිට පේනව කලින් ඉලෙක්ටි්‍රක් වාදනය කරපු බෑන්ඩුත් එකොස්ටික් පැත්තට එන්න උත්සාහ කරනව.
බෑන්ඞ් එකේ නම කොහොමද හැදෙන්නෙ?
බෑන්ඞ් එකේ කලින් හිටපු කළමනාකරු සනත් ජයසුන්දර බිරිද තමයි බෑන්ඞ් එකට නම දාන්නෙ. එයා සිංහල ගුරුවරියක් හොඳ තේරුමක් තියෙන නමක් බලල තමයි බෑන්ඞ් එකට දැම්මෙ.
ලංකාවෙ ජනප්‍රියම බෑන්ඞ් එකක සාමාජිකයෙක් විදිහට වැඩ කරල තමන්ගෙම බෑන්ඞ් එකක් හදාගත්ත එක කොහොමද දැනෙන්නෙ?
මම සීයට දහස් වාරයක් සන්තෝෂ වෙනව ඒ ගත්ත තීරණය ගැන. ඒක ගැන මම සෑහෙන්න තෘප්තිමත්. අපිට ලැබෙන ප්‍රතිචාරවලිනුත් අපිට ඒක තේරෙනව.
කවර් සින්දු කරන්න හිතුනෙ ඇයි?
අපේ බෑන්ඞ් එකේ සින්දු මේ වෙනකොට 15ක් විතර මේ වෙනකොට පටිගත කරල තියෙනව. නමුත් මේ කාලෙ හැටියට මිනිස්සුන්ට අලුතෙන්ම දෙයක් දෙනව වෙනුවට දන්න සින්දුවක් වෙනස් විදිහකට දෙන්න ඕනෙ කියන අදහසින් තමයි අපි ඒක කළේ. අපි මුකුත් නොකරන ඉන්නව කියන්නෙ අපි අපේ රසිකයන්ට කරන අසාධාරණයක්. ඒ හින්ද තමයි එහෙම කවර් එකක් කළේ. ඒක යූටියුබ් ඔස්සේ බලල තියෙන ප්‍රමාණයෙන් තේරෙනව ඒ වෙනසට මිනිස්සු කැමතියි කියල. ඒ රසයට දැන් වෙනම ඕඩියන්ස් එකකුත් හැදිල තියෙනව. මට දැන් එන ඉල්ලීම් අනුව තව කීපයක් එහෙම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ෆෙයාෆස්ට් සයිබර් රක්ෂණයෙන් ඔබගේ ව්‍යාපාරයටත් නිවෙසටත් නිසැක රැකවරණයක්

Next Post

කොරෝනා ඉවර නෑ: චීනයේ බීජිං නුවර පැත්තක් යළි වහයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.