ශ්‍රී ලංකාවේ තෘතීය අධ්‍යාපන සැපයුම්කරුවන් අතර සිටින ප්‍රමුඛයෙකු වන ෂක්‍ඊඔ විශ්වවිද්‍යාලය විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය මගින් දේශීය සහ විදේශීය සිසුන්ට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල මුදල්වලින් ගාස්තු ගෙවීමේ අවස්ථාව මේ සමග උදාවී තිබේ.
බැංකුව විසින් මෙම විශ්වවිද්‍යාලය සඳහා ලබාදී තිබෙන IPG සේවාවන්ට ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් අනුමත කිරීම, වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ සන්නාමවලින් යුතු කාඞ්පත්වලින් කරන සෘජු ගෙවීම් සැකසීම ඇතුළත් වේ.
මෙහිදී මෙම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය ඔස්සේ සිදුකරන අන්තර්ජාල ගෙවීම් ක්‍රියාවලිය සඳහා කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සපයන අතර ඒ සඳහා සම්පූර්ණයෙන්ම ගෙවීම් කාඞ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප්‍රමිති (PCI-DSS) අවශ්‍යතාවයන්ට අනුකූල මාස්ටර්කාඞ් ගෙවීම් සේවාව සපයා තිබේ. මෙය ඉතාමත් ආරක්ෂාකාරී ඊ-වාණිජ විසඳුමක් වන අතර මෙහිදී කාඞ්පතේ තොරතුරු ඉතාමත් ආරක්ෂාකාරීව ගෙවීම් සර්වරයේ සැකසෙන අතර එය වෙළෙඳුන්ගේ පාර්ශ්වයෙන් සැකසීමක් සිදු නොවේ.











