ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමූහය විසින් 2020 මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 3 සඳහා වන මූල්‍ය ප්‍රගතිය ප්‍රකාශයට පත්කොට ඇත.
මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 22.1ක ආදායමක් වාර්තා වූ අතර එය 2019 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 21.3ක ආදායම හා සැසඳීමේදී 3.8%ක ඉහළ වර්ධනයකි.
මෙහෙයුම් වියදම් මෙන්ම ප්‍රාග්ධන වියදම්ද විචක්ෂණශීලීව කළමනාකරණය කිරීම තුළින් 5%, හෙවත් රුපියල් මිලියන 704ක පිරිවැය ඉතිරි කිරීමට සමූහය සමත්විය. ක්ෂය හා ලියාහැරීම්වල වර්ධනය හා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා ප්‍රමිතීන්ට අනුකූලව කල් ඉකුත්වූ ණයගැතියන් සඳහා වෙන්කිරීම් රුපියල් මිලියන 536 කාර්තුව තුළ වාර්තා විය. එසේ වුවද සමූහය පළමු කාර්තුව සඳහා මෙහෙයුම් ලාභය 28.6%ක ප්‍රතිශතයකින් රුපියල් බිලියන 3.2 දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.
Covid-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණ වීම නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයට රුපියල් මිලියන 683ක විනිමය පාඩුවක් දරන්නට සිදුවූ අතර එය පසුගිය වසරේ වාර්තා කළ රුපියල් මිලියන 172ක විනිමය ලාභයට සාපේක්ෂව කැපීපෙනෙන අපගමනයකි.











