• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ…” දෙමටගොඩ මස් කඩේට එරෙහි ‘දවස’ – වේළුවන සටන! මස් වැද්දන් පිහි අමෝරාගෙන පස්සෙන් එලවයි! එම්.එච්. මොහොමඩ් පැය 24න් පොලිසියේ දෙන්නව මාරු කළා! මොහොමඩ්ටත් උඩින් ගිහින් මාරුවීමේ නියෝගය අවලංගු කළා! Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පාසල් නොඑන එක ගැන සිසුවකුට අවවාද කරපු නියෝජ්‍ය විදුහල්පතිට සිසුවාගේ ඥාතීන් පොලුවලින් ගහලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදීන්ගේ ජීවිතය ජනතා ප්‍රශ්න අතර පොරබැදි අවස්ථා එමටය. ඒ හා සම්බන්ධ අත්දැකීම් සම්භාරයක් මට ලැබුණේ ‘දවස’ ‘රිවිරැස’ පත්තරවල පෑන් තුඩ මෙහෙයවද්දීය. ‘දවස’ කෙරෙහි ජනතා විශ්වාසය නොමැකී පැවැතුණු අතීත සිද්ධීන් රසවත් වූයේ ඒවායින් ලද ප්‍රතිඵල ගැන ඇතිවන සතුට නිසාමය. ‘දවස’ වැඩක් කළහොත් වරදින්නේ නැතැයි කියන විශ්වාසය එදා ජනතා හදවත් තුළට ඇතුළුව තිබිණි. 1979-1980 දශක අතර කොළඹ දෙමටගොඩ වේළුවන කනිෂ්ඨ විද්‍යාලය පිහිටි භූමියට ආසන්නව පිහිටි ගව ඝාතකාගාරය මෙන්ම ගව ගාල්ද කොළඹින් පිටමං කිරීමේ මවුපිය පිරෝධය ඉදිරියට ගෙන ආවේ ‘රිවිරැස’ සහ ‘දවස’ පත්තර සමූහය බව එදා ඒ අතීතය දන්නා අය අදටත් කතා කරති. වේළුවනය ආසන්නයේ ගව ගාල් පිහිටා තිබුණේ දිනපතා ඊටත් නුදුරින් පිහිටි ගව ඝාතකාගාරයේ මස් කිරීමටය. ගව ඝාතකාගාරයෙන් සිදුවන පරිසර දූෂණය වේළුවන විද්‍යාලයට තදින් බලපාන්නක් විය. එයට විරෝධය දක්වමින් නැගී ආ මවුපිය ගුරු දෙගුරු විරෝධය දේශපාලන සුළිවලට හසුවෙමින් උඩුයටිකුරු වීමට යද්දී එයට යළි පණ දෙන්නට ඉදිරියට ආවේ ‘රිවිරැස’ පුවත්පතය. ‘රිවිරැස’ කර්තෘ සිරිල් ඒ. සීලවිමල මහතාද වේළුවන විදුහලේ ගුරු දෙගුරු සමිතියේ ක්‍රියාකාරිකයකු වී සිටීම ගුරු දෙගුරුන්ට ශක්තියක් වූ හැටි මා අත්දැක ඇත්තෙමි. Sri Lanka Latest News

දිනක් සීලවිමල මහතා මමත් එච්.ඩබ්ලිව්. අබේපාලත් ‘රිවිරැස’ කර්තෘ මණ්ඩලයට කැඳවා පවසා සිටියේ වේළුවන විදුහලට බලපා ඇති පරිසර දූෂණය ශුද්ධ කිරීමට පෑන මෙහෙයවන ලෙසයි. ඒ සමයේ බොරැල්ල දෙමටගොඩ ප්‍රදේශවල දේශපාලන බලය පතුරුවා හැර තිබුණේ එජාපයේ ප්‍රබලයකු වූ එම්.එච්. මොහොමඩ් මහතාය. ගව ඝාතකාගාරය සහ පිට පළාත්වල සිට මස් කිරීමට ගවයන් රැගෙන එන පිරිස් මොහොමඩ්ගේ ඡන්දදායකයන් වීම නිසා කරන දෙයක් ප්‍රවේශමෙන් කරන ලෙසද ‘රිවිරැස’ කතුවරයා අපට උපදෙස් දී තිබිණි. වේළුවන විදුහල ආසන්න භූමියක ගව ගාල පිහිටා තිබෙනු අප මීට පෙර දැක තිබිණි.

දිනක් පොහෝ දිනට පෙර දින ඒ සටන ආරම්භ කිරීමේ වෙඩිමුරය පත්තු කළේ උදෑසන 10ට පමණය. එවක ‘දවස’ කන්තෝරුවේ තිබූ වමෙන් පදවන ජීප් රථයද මේ සඳහා යොදා ගත්තෙමු. ගව ගාල්වල ඡායාරූප ගැනීම සඳහා යෑමට අනෙක් ඡායාරූප ශිල්පීන් බියක් දැක්වූයේ ගව ගාල රකින පිරිස්වලින් පිහි පාරවල් එල්ල වේය යන බිය නිසාය. ඒත් ඒ කිසි දෙයකට බිය නොවූ අබේපාල ඔහුගේ අතින් වසාගෙන ඡායාරූප ගතහැකි නවීණ පන්නයේ කැමරාවද රැගෙන මා සමග ජීප් රථයට ගොඩවූයේ දෙවරක් නොසිතාය. අප දෙදෙනා සැලසුම් කර තිබූ පරිදි එදා ජීප් රථයට නැගී දෙමටගොඩ වේළුවන විද්‍යාලයත් ගව ගාලත් මායිමේ ඇති අතුරු මාර්ගයට හරවන විට දෙමටගොඩ පොලිසියේ අවි ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු අපේ වෙලාවට එම මාර්ගයට හැරෙනු දුටුවෙමු. අපි ජීප් රථය නවතා සුහදව ඔවුන් සමග මිත්‍ර වූයේ අපි හඳුනන උසස් නිලධාරීන්ගේද නම විකුණමින්ය. ඔවුන්ගෙන් අප ඉල්ලා සිටියේ ඔවුන්ට තරමක් ප්‍රමාද වී සෙමින් පාරේ ඉදිරියට එන ලෙසයි. අපට යම් කරදරයක් වුවහොත් අපිව බේරාගෙන ජීප් රථයට නංවා පිටත් කරවන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු.

ඒ අනුව අපි ජීප් රථයෙන් ඉදිරියට ගොස් කම්බි වැටක් කැඩුණු තැනකින් ගව ගාල පිහිටි ප්‍රදේශයට ඇතුළු වුණෙමු. ඒ සමගම දෙපැත්ත කැපෙන පිහි අමෝරාගත් මිනිසුන් දෙදෙනෙක් අප දෙසට දිව ආහ. අප කවුදැයි ප්‍රශ්න කරන්නට පෙර මා ඔවුන්ට කීවේ, අප කොළඹ නගර සභාවේ නියමයක් මත එහි පැමිණි බවත්, පොහෝ දිනට එළිවන්නට පෙර හරකුන් මැරීමේ සූදානමක් ඇද්ද යන්න පරීක්ෂා කිරීමට බවත්, හරක් ගාලේ සිටින හරකුන් සංඛ්‍යාව ගණනය කර ඡායාරූප ලබාගැනීමට බවත්ය. එම බොරුව මා ගොතා කීවේ ඔවුන් රවටා ඡායාරූප ගැනීමේ අදහසින්ය. මඳක් වටපිට බැලූ ඒ මිනිසුන් දෙදෙනා ජීප් රථය දැක රැවැටුණු ආකාරයක් දැකගත හැකි විය. ඒත් වැඩේ ගැස්සී ඔවුන්ට සැක මතුවී ආවේ අබේපාල ගව ගාලේ එක ඡායාරූපයක් ගන්නවා වෙනුවට වේළුවන පාසල එතැනට පේන අන්දම ඡායාරූප ගතකිරීමට යෑම නිසාය. ඒ වනවිටත් අබේපාල ඡායාරූප තුන හතරක් ගෙන අවසන්ය. ඒ මොහොතේ එම ස්ථානයට පිට පළාතක සිට හරකුන් ගෙන එන වෑන් රියක් පැමිණීම ප්‍රශ්නය තවත් දිග්ගැස්සෙන්නට හේතුවක් විය. මෙහිදී ඔවුන්ට ඇතිවූ සැකය මත අප දෙදෙනාට පහර දීමටත්, අල්ලා ගැනීමටත් ළං වෙද්දී පාමුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අප සිටි තැනට දිවවිත් අපිව ඔවුන්ගෙන් බේරාගෙන ජීප් රථයට ආරක්ෂිතව නංවා අපට පලා යෑමට මග සලස්වා දුන්නේය. පසු දින ‘රිවිරැස’ පත්‍රයේ මෙම සිද්ධිය සමග ගුරු දෙගුරුන් විසින් හරක් ගාලත් ගව ඝාතකාගාරයත් ඉවත් කළ යුතු බවට නගන හඬ පත්තර පිටුවක් පුරා පළවිය.

එතැනින් නොනැවතුණු ‘දවස’ ‘රිවිරැස’ පත්තර වේළුවන විද්‍යාලයේ ළමුන් ගැන සහ මවුපියන්ගේ විරෝධතා හඬ දිගටම ගෙන ගියේය. පුවත්පතේ පළවූ ලිපි අතරේ නිහාල් නෙල්සන් ගායනා කළ බයිලා ගීතයකින් කියැවුණු ‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ…’ පදවැලද අදාළ ලිපිය තුළ පළ කළේ කොයි කාටත් දුරදිග හිතන්නටය. එදා අපි දෙදෙනාට හරක් ගාල අසලදී එල්ල වීමට ගිය ප්‍රහාරය වැළැක්වූ පොලිස් රාලහාමිලා දෙදෙනා පසුදා ‘දවස’ කන්තෝරුවට ආවේ ඒ සිද්ධිය නිසා ඔවුන්ට විරුද්ධව පැනනැගුණු ප්‍රශ්නයක් විසඳා ගැනීමට අපෙන් උදව් ඉල්ලාගෙනය. ඒ සිද්ධියෙන් පසු ගව ගාල තුළ සිටි පිරිස් ඒ ගැන මොහොමඩ් ඇමැතිගේ නිවෙසට දිවගොස් පොලිස් නිලධාරීන්ට විරුද්ධව ඇමැතිට පැමිණිලි කර තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ ඇමැතිවරයා ඒ මොහොතේම කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වා ඔවුන්ව පිට පළාතකට මාරුකර තිබිණි. පොලිසිය නිසා බේරී ආ අන්දම මම ඒ මොහොතේම එවක පොලිස්පතිව සිටි සිරිල් හේරත් මහතාට දුරකතනයෙන් දන්වා ඒ මාරුවීම අවලංගු කර දී ඔවුන්ව කන්තෝරුවෙන් පිටත් කර යැව්වෙමි. ඒ ගැන ඔවුන් අපිටත් ‘දවස’ටත් ස්තුති කර ‘දවස’ කාර්යාලයෙන් පිටව ගියේ මාරුව ක්‍රියාත්මක වූවා නම් ඔවුන්ගේ දූ දරුවන් පාසල් ගෙන යෑම ඇතුළු ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවද පවසමිනි.

කෙසේ හෝ ‘දවස’ ‘රිවිරැස’ සටන කෙළවර වූයේ ගව ඝාතකාගාරයත් හරක් මඩුත් දෙමටගොඩින් පිටස්තර ප්‍රදේශයකට ගෙන යෑමෙන් පසුය. මෙම සටනට පන්නරය දුන් එක් ප්‍රධාන පුද්ගලයෙක් මෙහිලා සඳහන් කළ යුතුව ඇත. ඒ, එවක වේළුවන විද්‍යාලයේ හිටපු විදුහල්පති සමානසිංහ මහතාය.

මේ ලිපිය ලියන අතරතුරදී මම දෙමටගොඩ පොලිසියේ උසස් නිලධාරියකුට කතා කර විමසුවේ පසුකාලීනව හෝ ගව ඝාතකාගාරය දෙමටගොඩ යළි ක්‍රියාත්මක වනවාද කියායි. එවිට ඔහු කීවේ මස් මඩුව පමණක් තවමත් එතැන තිබෙන නමුදු එහි ගව ඝාතනයක් සිදු නොවන බවයි. හරක් ගාල්ද ඒ අවට නැති බවද ඔහු පවසා සිටියේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අනාගත දෙවිවරු! Sri Lanka Latest News

Next Post

ලසන්ත ‘සුරනිමල’ ලියන්නේ බ්‍රහස්පතින්දාට! මැරුවෙත් එදා උදේමයි! කවුද ලසන්තව මැරුවේ? බිරිඳ රේන් රටම දන්න නමක් කියයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.