• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනාගත දෙවිවරු! Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
අනාගත දෙවිවරු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘අනාගත දෙවිවරු’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නෙමු. Sri Lanka Latest News

නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘අනාගත දෙවිවරු’. ඉස්සර මේ රටේ හිටපු රජවරු කරපු සේවය නිසා ඒ අය දේවත්වයට පත්කරන්න මිනිස්සු කටයුතු කළා. මින්නේරි දෙවියෝ, රංවල දෙවියෝ වගේ දෙවිවරු ඒ විදියට දේවත්වයට පත්වෙච්ච උදවියනේ. ඒ වගේ අනාගතයේ පහළ වෙන දෙවිවරු ගැන කතාවක් තමයි අද කියන්නේ.

චූටි මල්ලි
මේ, ඔයා අර ඉඩම බැලුවද?
පොඩි මල්ලි
බැලුවා බැලුවා… මේ තියෙනවා.
චූටි මල්ලි
බැලුවා බැලුවා මේ තියෙනවා නෙවෙයි. ඔයාගෙ කිසි උනන්දුවක් නෑනේ.
පොඩි මල්ලි
නෑ නෑ බැලුවා බැලුවා. මොකක්ද මේ කරන්න හදන්නේ ඉඩමක් අරගෙන?
චූටි මල්ලි
දේවාල සෙට් එකක් දාන්න. දේවාල කොම්ප්ලෙක්ස් එකක්.
පොඩි මල්ලි
දේවාල දාන්න? මම හිතුවා හෝටලයක්වත් දාන්න අක්කර ගානක ඉඩමක් හොයනවා කියලා. අනිත් එක එහෙම කොම්ප්ලෙක්ස් හදනවද දෙවිවරුන්ට?
චූටි මල්ලි
ඇයි ඔය කතරගම එහෙම තියෙන්නේ. කතරගම මහ දේවාලේ නෙවෙයි මම කියන්නේ. කොතනද අනේ කොම්ප්ලෙක්ස් නැත්තේ. එක දෙයියද ඉන්නේ? දැන් අහවල් දේවාලේ කියලා කිව්වට එතැන ඉන්නවනේ ඔක්කොම දෙවිවරු ටික.
පොඩි මල්ලි
දැන් මේ කොම්ප්ලෙක්ස් එකේ මොකක්ද ඔයා කරන්න හදන්නේ?
චූටි මල්ලි
මෙහෙමනේ. දැන් ගොඩක් අය බණිනවනේ. දෙයියෝ කරයිද, කපුවා හොරා, රත්තරන් තැටිය කෝ කියලා. ඒ නිසා මිනිස්සු දැන් බලනවා අලුත් දෙවිවරු පැත්තට නැඹුරු වෙන්න.
පොඩි මල්ලි
අලුත් දෙවිවරු නෑනේ ඉතින්?
චූටි මල්ලි
අලුත් දෙවිවරු හදන්න ඕනේ.
පොඩි මල්ලි
හදන්න ඕනෙ කියන්නේ?
චූටි මල්ලි
දෙවිවරු කියන්නේ කවුරු හරි හදපු අයටනේ. උදාහරණයක් ගමුකො රංවල දෙවියෝ. එයා ඒ පැත්තේ හිටපු මනුස්සයෙක් කියලනේ කියන්නේ.
පොඩි මල්ලි
ඒ වුණාට ඕවා වස් වදින වැඩ හැබැයි.
චූටි මල්ලි
මේවට මම ස්තෝත්‍ර ඉඳන් ලියලා තියෙන්නේ.
පොඩි මල්ලි
ස්තෝත්‍ර මොකටද?
චූටි මල්ලි
ඇයි අපි සරස්වතී දේවියට වඳින්නේ ස්තෝත්‍රයක් කියලා.
පොඩි මල්ලි
හරි දැන් ඔයා මොන දෙවිවරුද අලුතෙන් හදන්නේ?
චූටි මල්ලි
එක්කෙනෙක් මයිකල් ජැක්සන්.
පොඩි මල්ලි
මයිකල් ජැක්සන්?
චූටි මල්ලි
ඔව්. මයිකල් ජැක්සන් දේවත්වයට පත්වෙලා.
පොඩි මල්ලි
එතකොට එයා කාටද පිහිටවෙන්නේ?
චූටි මල්ලි
නැටුම්වලට, සංගීතයට එහෙම.
පොඩි මල්ලි
පොප් කල්චර් එකේ දෙවියෝ.
චූටි මල්ලි
දැන් තියෙන පොප්, රෙගේ, රිමික්ස්, රැප් ඕවා සරස්වතීට එච්චර තේරෙන්නේ නෑනේ මෙයා.
පොඩි මල්ලි
එතකොට කොහොමද මයිකල් ජැක්සන්ට වඳින්නේ?
චූටි මල්ලි
ස්තෝත්‍රය මෙහෙමයි.
‘කාලාය වර්ණාය සුදේහිතාය
ශල්‍යාය කර්මාය සංශෝධිතාය
සූර්යාය බ්‍රේකාය අධිරංගනාය
නමස්තුතේ මයිකල් ජැක්සනාය…’
පොඩි මල්ලි
ඒ කියන්නේ?
චූටි මල්ලි
කාලාය වර්ණාය සුදේහිතාය කියන්නේ කළු වර්ණය. එයා කළු එක්කෙනෙක්නේ. සුදේහිත කියන්නේ කෙට්ටු. ශල්‍යාය කර්මාය සංශෝධිතාය කියන්නේ ශල්‍යකර්මයෙන් සුදු වුණා කියලා. සූර්යාය බ්‍රේකාය අධි රංගනාය කියන්නේ බ්‍රේක් ඩාන්ස්වල සූර්යයා කියන එක. නමස්තුතේ මයිකල් ජැක්සනාය…

නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘අනාගත දෙවිවරු’. ඔන්න අර දේවාල කොම්ප්ලෙක්ස් එක දාන්න යන දෙන්නගේ කතාව ආයෙත් අහමු.
පොඩි මල්ලි
මේවා ගස් යන වැඩ හරිද.
චූටි මල්ලි
කොහෙද ගස් යන්නේ?
පොඩි මල්ලි
ගාථා වගේ මේවා හදලා…
චූටි මල්ලි
ගාථා නෙවෙයිනේ. ගාථා තියෙන්නේ පාලියෙන්නේ. මේවා ස්තෝත්‍ර. මේවාට තියෙන්නේ සංස්කෘත පසුබිමක්.
පොඩි මල්ලි
එතකොට තව දේවාල හදනවද?
චූටි මල්ලි
ඔව්.
පොඩි මල්ලි
තව කාටද දේවාලයක් හදන්නේ?
චූටි මල්ලි
මයිකල් ජැක්සන්ටත් දේවාලයක් හදන එකේ බොබ් මාලේටත් හදමු. මොකද සංගීත වර්ග දෙකක්නේ. එයාව දේවත්වයෙන් අදහන අයත් ඉන්නවනේ සෑහෙන පිරිසක්.
පොඩි මල්ලි
එතකොට එයාගේ ස්තෝත්‍රය කොහොමද එන්නේ?
චූටි මල්ලි
‘බෆලෝය සෝල්ජාය සුගායනාය
ත්‍රෛලෝක පත්‍රාය අධිකප්‍රියාය
රස්තාය ශ්‍රේෂ්ඨාය රෙගේ රජාය
නමස්තුගේ මහා බොබ් මාලියාය…’
පොඩි මල්ලි
ඒකේ තේරුම මොකක්ද එතකොට?
චූටි මල්ලි
ඒකවත් තේරෙන්නේ නැද්ද අනේ. බෆලෝ සෝල්ජර් කියන්නේ එයාගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච සින්දුවක්නේ. ඒක ලස්සනට ගායනා කරනවා කියන එකයි කියන්නේ බෆලෝය සෝල්ජාය සුගායනාය. ත්‍රෛලෝක පත්‍ර කියන්නේ මොනවද කියලා දන්නවනේ ඉතින්. අධිකප්‍රියාය කියන්නේ ඒකට ගොඩක් ප්‍රිය කරනවා කියලා. රස්තාය කියන එකත් දන්නවනේ. රස්තාය ශ්‍රේෂ්ඨාය රෙගේ රජාය – නමස්තුගේ මහා බොබ් මාලියාය…
පොඩි මල්ලි

නමස්තුගේ මහා බොබ් මාලියාය… තමයි මම නම් දන්නෑ අන්තිමට හිරේ විලංගුවේ වැටුණොත් එහෙම. මිනිස්සු කුපිත වෙලා ආවොත් එහෙම…

නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘අනාගත දෙවිවරු’. යාළුවෝ දෙන්නෙක් සෙට් වෙලා දේවාල කොම්ප්ලෙක්ස් එකක් දාන්නයි හදන්නේ. එක්කෙනෙක් නම් ඒ වැඩේට විරුද්ධයි. ඒ ගැනයි මේ දෙන්නා කතාබහ කරන්නේ.
චූටි මල්ලි
මගේ දේවාල කොම්ප්ලෙක් එකේ ඉන්න තවත් දෙවි කෙනෙක් තමයි ගුග්ලිමෝ මාකෝනි.
පොඩි මල්ලි
ඒ කවුද ඒ?
චූටි මල්ලි
රේඩියෝ එක හැදුවේ…
පොඩි මල්ලි
රේඩියෝවල බහින කලාවනේ දැන් තියෙන්නේ.
චූටි මල්ලි
ඔව්. ඒ හින්දා රේඩියෝවලට බැල්ම ඇල්ම හෙළාගෙන ඉන්න අයටයි මේ දේවාලය හරියන්නේ.
පොඩි මල්ලි
එතකොට මේ දෙවියන්ටත් ස්තෝත්‍රයක් තියෙනවද?
චූටි මල්ලි
ඔව්.
‘වයරං විරහිත යන්ත්‍ර
අධිශබ්දං සන්නිවේදනං
මාකෝනි ගුග්ලිමෝ නාමං
නමාමි සිරසාදරං’
පොඩි මල්ලි
ඒකෙන් මොකක්ද කියන්නේ?
චූටි මල්ලි
ඒ කියන්නේ මේකට වයර් එකක් නෑනේ. වයර්ලස් එකනේ. වයරං විරහිත යන්ත්‍රං කියන්නේ ඒකයි. අධිශබ්දං සන්නිවේදනං කියන එක තේරෙනවනේ. මාකෝනි ගුග්ලිමෝ නාමං කියන්නේ ගුග්ලිමෝ මාකෝනි දෙවියන්ට නමස්කාර කරනවා කියන එකනේ.
පොඩි මල්ලි

ආ හරි හරි… මේ තමයි එතකොට රේඩියෝවලට අධිගෘහිත දෙවියෝ….

නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘අනාගත දෙවිවරු’. ඔන්න අර යාළුවො දෙන්නා දේවාල කොම්ප්ලෙක්ස් එකේ ඉන්න තවත් දෙවි කෙනෙක් ගැන කියනවා.
චූටි මල්ලි
මම තවත් දේවාලයක් හදනවා ක්‍රිකට්වලට අධිපති දෙවියෝ දොන් බ්‍රැඩ්මන් නමින්.
පොඩි මල්ලි
ඒකට නම් අම්මලා එයි හරිය. අනේ මගෙ පුතා ශ්‍රී ලංකා ටීම් එකට ගහන්න ලැබේවා, ශ්‍රී ලංකා ගහන අයට අයි.පී.එල්. ගහන්න ලැබේවා කියලා. ඉතින් ඒ දෙවියන්ටත් ස්තෝත්‍රයක් තියෙනවද මොකක් හරි?
චූටි මල්ලි
‘සුරස්තං බැට් ධාරනාය
වාම හස්තං පන්දුං ධාරනාය
පරමාය දක්ෂාය ලීඩර් වනාය
නමස්තුතේ මහා දොන් බ්‍රැඩ්මනාය…’
පොඩි මල්ලි
ඒකේ තේරුම කොහොමද?
චූටි මල්ලි
‘සුරස්තං’ කියන්නේ දකුණු අත. බැට් ධාරනාය කියන්නේ බැට් එක දරාගෙන ඉන්නවා කියන එක. වාම හස්තං පන්දුං ධාරනාය කියන්නේ වම් අතින් පන්දුව දරාගෙන ඉන්නවා කියන එක. පරමාය දක්ෂාය ලීඩර් වනාය කියන්නේ එයා බැට්ස්මන්ලා අතර ලීඩර් වගේනේ. නමස්තුතේ මහා දොන් බ්‍රැඩ්මනාය කියන්නේ දොන් බ්‍රැඩ්මන්ට නමස්කාර කරනවා කියන එකනේ.
පොඩි මල්ලි
මේකට නම් ගොඩක් ක්‍රීඩකයෝ එයි. ඒකට නම් මම කැමැතියි.
චූටි මල්ලි
ක්‍රිකට්කාරයෝ ඔය දේවාල ගානේ යන හැටියට ඔයා හිතනවද මේකට නෑවිත් ඉඳී කියලා. හෝ ගාලා එයි…

Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

කාටත් කලින් සජබය පුංචි ඡන්දෙදි ගම අල්ලන සටනට ලෑස්ති වෙයි! මෙන්න දිස්ත්‍රික්ක රැසකම නාමයෝජනා මණ්ඩල රැස්වෙලා! සජබෙන් ඡන්දෙ ඉල්ලන්න අපේක්ෂකයෝ පෝලිමේ ඇවිත්! මෙන්න පින්තූර! PHOTOS I Sri Lanka Latest News

Next Post

“කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ…” දෙමටගොඩ මස් කඩේට එරෙහි ‘දවස’ – වේළුවන සටන! මස් වැද්දන් පිහි අමෝරාගෙන පස්සෙන් එලවයි! එම්.එච්. මොහොමඩ් පැය 24න් පොලිසියේ දෙන්නව මාරු කළා! මොහොමඩ්ටත් උඩින් ගිහින් මාරුවීමේ නියෝගය අවලංගු කළා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.