• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

වාහන උපාංග දේශීයව නිපදවීම තුළින් බිහිවූ නව කර්මාන්තයේ පෙරගමන්කරු ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි! Sri Lanka Latest News

February 1, 2025
in Business
Reading Time: 5 mins read
A A
වාහන උපාංග දේශීයව නිපදවීම තුළින් බිහිවූ නව කර්මාන්තයේ පෙරගමන්කරු ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොවිඩ් වසංගත තත්ත්වය සමග මෙරට වාහන ආනයනය කිරීම සදහා පැනවූ සීමා තවමත් පැවතියද බජාජ් බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකල් පසුගිය වසර 03 පුරා මෙරට වෙළෙද පොළට පැමිණියේ දේශීයව අගය එකතු කළ වැඩසටහන යටතේ මෙරටදීම නිපදවූ උපාංග යොදා එකලස් කිරීමෙනි. මේ වන විට දේශීයව නිපදවූ උපාංග යොදා ගනිමින් බජාජ් යතුරු පැදි 40,000කට අධික ප්‍රමාණයක් මෙරට වෙළෙද පොළට නිකුත් කර ඇත. කොවිඩ් වසංගතයෙන් පසු උද්ගතවූ තත්ත්වයන් යටතේ අභියෝග ජය ගැනීමේ කදිම උදාහරණයක් ලෙස මෙය හැදින්විය හැකි අතර එමගින් මෝටර් රථ වාහන කර්මාන්තය නව මගකට යොමු කරවීමට සමත් වී ඇති බව නොරහසකි. Sri Lanka Latest News

බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකල් යළි මෙරට වෙළෙද පොළට

2020 වර්ෂයේදී වාහන ආනයන සීමා පැනවීමත් සමග 2021 වර්ෂයේදී කර්මාන්ත අමාත්‍යංශය විසින් මෙරට රථ වාහන කර්මාන්තයේ දැවැන්ත වෙනසකට තුඩු දෙන සම්මත මෙහෙයුම් පටිපාටියක් හදුන්වා දුන්නේය. මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය හදුන්වා දුන්නේ දේශීයව නීපදවූ උපාංග යොදා ගනිමින් ශ්‍රී ලංකාවේදීම රථ වාහන එකලස් කිරීමේ මහගු කාර්යය සාක්ෂාත් කර ගැනීම සදහාය.

තම සමාගමට ඇති හැකියාවන් අනුව මෙම දේශීයව අගය එකතු කළ වැඩසටහන යටතේ පළමුවෙන්ම මෝටර් සයිකල් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කළේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් විසිනි. පළමුව සියයට 26ක දේශීය උපාංග යොදා ගනිමින් (උපාංග 26ක්) මෙරටදීම බජාජ් CT 100 මෝටර් සයිකලය නිපදවා 2022 වසරේදී මෙරට වෙළෙද පොළට නිකුත් කිරීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් ආතයනයට හැකියාව ලැබුණු අතර එතෙක් බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකලයක් බලාපොරොත්තුවෙන් සිටි ජනතාවට එමගින් අස්වැසිල්ලක් ලැබුණි. මේ වන විට එම මෝටර් සයිකලය සදහා සියයට 36ක දේශීය අගයක් (උපාංග 36ක්) එකතු කරනු ලබයි.

කර්මාන්ත අමාත්‍යංශයේ සම්මත මෙහෙයුම් පටිපාටිය තුළ තවදුරටත් ඉදිරියට යමින් මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේදීම නිපදවූ දෙවන මෝටර් සයිකල් මාදිළිය ලෙස බජාජ් ඩිස්කවර් 125 මෝටර් සයිකලය මෙරටට හදුන්වාදීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් කටයුතු කළේ මෙම මෝටර් සයිකලය සදහා සියයට 32ක දේශීයව නිපදවූ උපාංග (උපාංග 22ක්) යොදා එකලස් කරමිනි. අද වන විට ඩිස්කවර් 125 මෝටර් සයිකලයට සියයට 33ක දේශීය අගයක් (උපාංග 33ක්) එකතු කරනු ලැබේ.

ඉන් නොනැවතුණු ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම වැඩසටහන යටතේ බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය මෙරට වෙළෙද පොළට හදුන්වාදුන් අතර නවතම මෝටර් සයිකල් මාදිළියක් වන එය ඉන්දියාවේ බජාජ් සමාගම විසින් එරට වෙළෙද පොළට නිකුත් කළේද ඉතාම මෑත කාලයේදීය. මෙම මෝටර් සයිකලය සදහා සියයට 28ක දේශීය අගයක් එකතු කර ඇති අතර එහි දේශීයව නිපදවන උපාංග සංඛ්‍යාව 26කි.

සම්මත මෙහෙයුම් පටිපාටිය සහ දේශීයව අගය එකතු කළ වැඩසටහන

ඒ අනුව කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ දේශීයව අගය එකතු කළ වැඩසටහන යටතේ (Local Value Addition Programme) මෙරටට පළමුවෙන්ම සහ වැඩිම මෝටර් සයිකල් මාදිළි ප්‍රමාණයක් හදුන්වාදී ඇත්තේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් ආයතනයයි. මෙම වැඩසටහන යටතේ දේශීයව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් මෝටර් සයිකල් 40,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට නිෂ්පාදනය කර ඇති අතර මෙරට ජනතාවට එම මෝටර් සයිකල් 38,000ක් අලෙවි කර ඇත. ඒ සදහා සාර්ථකව අලෙවියෙන් පසු සේවය ලබා දීමද ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් විසින් සිදු කරනු ලබයි.

මෙම වැඩසටහන හේතුවෙන් දේශීය කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට රුකුලක් ලැබුණු බව නොරහසකි. වැඩසටහන ආරම්භයේදීම ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් විසින් දේශීය කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ඉතා සුළු සංඛ්‍යාවකින් තම මෝටර් සයිකල් මාදිළියට අවශ්‍ය දේශීය උපාංග මිලදී ගැනීම සිදු කළ අතර ඔවුන් ඉන්දියාවේ බජාජ් ආයතනය විසින් නිකුත් කරන ලද තත්ත්වයන්ට අනුකූලය දේශීය උපාංග නිෂ්පාදනය කරන ලදී. එසේම ඔවුනට ඉන්දියාවේ බජාජ් ඔටෝ ලිමිටඩ් වෙතින් පුහුණුවක්ද ලබා දුන්නේය. ඒ හරහා ජාත්‍යන්තර තාක්ෂණය ශ්‍රී ලංකාවට ලැබුණු අතර ජාත්‍යන්තර සම්මත තත්ත්වයන්ට අනුව මෙරටදීම වාහන උපාංග නිෂ්පාදනය කිරීමට අප‌ගේ කර්මාන්තකරුවන්ට හැකියාව ලැබුණි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් මේ වන විට මෝටර් සයිකල් මාදිළි 03ක් මෙරටදීම නිපදවන අතර දේශීය උපාංග ලබා ගැනීමේ කර්මාන්තකරුවන් මේ වන වටි 15කට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇත. දැනට මෙරටට වෙළෙද පොළට නිකුත් කරන බජාජ් මෝටර් සයිකල් මාදිළි තුන සදහා දේශීයව උපාංග 88ක් පමණ නිෂ්පාදනය කිරීම මෙම සැපයුම්කරුවන් විසින් සිදු කරනු ලබයි. එහිදී සදහන් කළ යුතු තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ මෙම සියලු කර්මාන්තකරුවන් කුඩා පරිමාණයෙන් ආරම්භ කළ අතර මේ වන විට ඔවුන් මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබී ඇති බවයි.

ජාත්‍යන්තර තාක්ෂණය ශ්‍රී ලංකාවට හිමි වීම

මෙම කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර තාක්ෂණික දැනුම සහ පුහුණුව හිමිවීමත් සමගම එම කර්මාන්තකරුවන් ඔවුන්ගේ පිරිස් බලය වැඩි කිරීම හරහා මෙරට ජනතාවට නව රැකයා අවස්ථා හිමි විය. තවද මෙම කර්මාන්තකරුවන් භාවිත කළ යන්ත්‍ර සූත්‍ර නවීන යන්ත්‍ර සූත්‍රවලට පරිවර්තනය කෙරුණු අතර ජාත්‍යන්තර වෙළෙද පොළට වාහන උපාංග සම්පාදනය කිරීම දක්වා ඉහළ මට්ටමකට මෙම කර්මාන්තකරුවන් ඔසවා තැබීමට හැකියාව ලැබුණි. තවද ඉදිරියේදී ලෝකයේ පවතින දියුණුතම තාක්ෂණයන් යොදා ගනිමින් (Robotic welding, ED coating වැනි) දේශීයව වාහන උපාංග නිෂ්පාදනය කිරීමට මෙම කර්මාන්තකරුවන් සූදානමින් සිටී. දේශීයව වාහන නිපදවීමේදී ඇතිවන උපාංග අවශ්‍යතාව සපුරාලීමට මෙන්ම දේශීය මෝටර් සයිකල් අවශ්‍යතාව සපුරාලන්නට මෙම වැඩපිළිවෙළ යටතේ එම කර්මාන්තකරුවන් සහ සමාගම් මේ වන විටත් සූදානමින් සිටී.

වාහන උපාංග නිෂ්පාදන කර්මාන්තය බිහි වීම

මෙම වැඩසටහන හේතුවෙන් සිදුවුණු වටිනාම දෙය ලෙස මෙරට තුළ වාහන උපාංග නිෂ්පාදනය නව කර්මාන්තයක් ලෙස ස්ථාවර වීම හැදින්විය හැකිය. ලෝකයේ වාහන නිෂ්පාදකයින්ගේ මගපෙන්වීමට සහ නිර්නායකයන්ට අනුව දිනෙන් දින දියුණු වන මෙම කර්මාන්තය තුළින් මෙරටට පමණක් නොව මෙරට නිපදවන වාහන උපාංග අපනයනය කර විදේශ විනිමය ලබාගැනීම දක්වාද ගමන් කළ හැකිය.

මිලියන සංඛ්‍යාත පිරිසක් සෘජුව හා වක්‍රාකාරව සම්බන්ධ වී සිටින මෙරට මෝටර් කර්මාන්තය කොවිඩ් වසංගත තත්ත්වය නිසා මුළුමනින්ම කඩා වැටී තිබුණු අතර නැවතත් දේශීය අගය එකතු කළ වැඩසටහන යටතේ බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකල් වෙළෙද පොළට පිවිසි නිසා යළි පණගැන්වීම මීට වසර 03කට පෙර සිට ආරම්භ කෙරුණි. එහිදී බජාජ් බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකල් අලෙවි කරනු ලබන අලෙවි ඩීලර්වරු, සේවා සහ නඩත්තු කටයුතු සිදු කරනු ලබන සේවා ඩීලර්වරු මෙන්ම අමතර කොටස් අලෙවි කරනු ලබන අලෙවි ඩීලර්වරු නැවතත් තම ව්‍යාපාර ආරම්භ කරමින් ඩීලර් ස්ථානවල සේවය කළ සේවකයින්ට නැවතත් රැකියා ලබා දීමට හැකියාව ලැබී ඇත.

අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යක් ජනතාවට හිමි වීම

මේ සියලු කරුණු අතරේ මෙරට දේශීයව අගය එකතු කරමින් වාහන නිපදවීමේ වැඩසටහන යටතේ බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකල් මෙරට වෙළෙද පොළට නිකුත් වීමෙන් අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයක් නැවතත් ජනතාවට ලබා දීමට හැකියාව ලැබුණි. සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන්ම භාවිත කරන වාහනය වන මෝටර් සයිකලය අඩු වියදම් මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වී ඇති ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍යය වේ. විශේෂයෙන් බජාජ් මෝටර් සයිකල්වල ඉන්ධන පිරිමැස්ම ඉතාම ඉහළ බැවින් ආර්ථික වශයෙන්ද ඉතාම වැදගත් ප්‍රවාහන මාධ්‍යක් ලෙස මෙය හැදින්විය හැකිය. තරුණයාගේ පළමු වාහනය වන මෝටර් සයිකලය විශ්‍රාමිකයා දක්වා භාවිත තරනු ලබන අතර තවමත් ආනයන සීමා පැවතියද බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකල් මිලදී ගැනීමේ හැකියාව ජනතාවට ඇත.

මේ කරුණු සලකා බැලීමේදී රජයක් ලෙස කර්මාන්තය අමාත්‍යංශය හරහා හදුන්වා දී ඇති මෙම වැඩසටහන ඉතාම ප්‍රගතියක් ලබා ඇත. කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දී ඇති සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ දේශීයව වාහන උපාංග නිපදවීම හරහා බිහිවූ නව වාහන උපාංග කර්මාන්තයද රැකගත යුතු වන්නේ රටේ ආර්ථිකය පිළිබදවද සලකා බැලීමේදී ආනයනයට වඩා මෙරටදීම නිපදවා මෙරටදීම වාහන නිපදවීමෙන් ලැබෙන ප්‍රතිලාභ සහ විදේශ විනිමය ඉතිරි වීම මෙන්ම උපාංග අපනයනය හරහා විදේශ විනිමය මෙරටට හිමිවීම වැනි කරුණු හේතුකරගෙනය.

SendShareShare
Previous Post

මම අරූන් සෙල්වරාජ්! මගේ සීයා රාජසිංහ රජ්ජුරුවෝ! Sri Lanka Latest News

Next Post

මෙන්න පොඩි ජනමත විචාරණයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.