• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිසුන් බේරගත්ත මහ මෙහෙයුම් මැද්දේ ඝන කැලෑවේ විලාප දෙමින් සිටි ගැබිනි මවකට දරු ප්‍රසූතිය කළ කැප්ටන් සුරාජ් මුණසිංහ! Sri Lanka Latest News

February 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මිනිසුන් බේරගත්ත මහ මෙහෙයුම් මැද්දේ ඝන කැලෑවේ විලාප දෙමින් සිටි ගැබිනි මවකට දරු ප්‍රසූතිය කළ කැප්ටන් සුරාජ් මුණසිංහ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගිනි අවි අත දරාගෙන රට රකින රණවිරුවන් අතරේ ගිනි අවිය මඳකට පසෙක තබා විශ්වකෝෂයක් බඳුවූ විශ්වයේ දැනුම් සම්භාරයක් මෙන්ම පුරාවිද්‍යා පසුබිම ගැන සිත අවදි කර තොරතුරු ගවේෂණය කළ රණවිරුවන් ත්‍රිවිධ හමුදාවේද සිටි බව මා ලද අත්දැකීම් තුළින් දැන සිටියෙමි. ඒ මගේ මාධ්‍ය ජීවිතය වැඩිපුර ගෙවී ගියේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සිටි අභීත නිලදරුවන් සමග නිරන්තර හමුවීම් රටාව තුළ නිතරම ගැවසීම නිසාය. Sri Lanka Latest News

දැනට වසර විස්සකට පසු මගේ පෑන් තුඩ ඒ අතීතයට ඇදගෙන යන්නේ මා විශාල කාල පරිච්ඡේදයක් තුළ හඳිනගෙන සිටි නාවික හමුදා කපිතාන්වරයකු අතීත මතක සටහන් තුළින් අගැයීමට ලක්කිරීමටය. ‘ලොවේ එකෙක් එක් දේකට වෙයි සමත’ යන ප්‍රස්ථාවපිරුළේ අර්ථය අභිභවා යමින් නාවික හමුදා කපිතාන්වරයකු ලෙස සේවය කළ සුරාජ් මුණසිංහ මගේ ඇසුරට පත්වූයේද 1979 මුල් භාගයේදීය. 1977න් පසු විවෘත ආර්ථිකයට දොර හැරදී ඒ වනවිට අන්ත පරාජයට පත්වූ ගෙවීගිය රජයේ පීඩාකාරී ජන ජීවිතයේ සෝදාපාළුවද අවසන් වූයේ ඒ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව යළි යළිත් සිහිපත් කරන්නේ සතියට දින දෙකක් පනවා තිබූ බත් කෑමේ තහනම අවසන් වූ නිසාය.

එදා මා කියන මේ නාවික හමුදා කපිතාන්වරයා සේවය කළේ හබරණ පිහිටි නාවික හමුදා කඳවුරේය. ඒ කතාවට මුලපුරන්නේ 1978 අග භාගයේදී බව මගේ මතකයේ රැඳී පවතී.

1978 නොවැම්බර් 23 වැනිදා උතුරු – නැගෙනහිර (අනුරාධපුර – පොළොන්නරුව ඇතුළු) ප්‍රදේශවලට බෙංගාලබොක්ක හරහා ක්ෂණිකව කඩාවැදුණු මහා සුළි සුළඟක් මඩකළපුවට තදින් බලපා අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම ප්‍රදේශ පුරා හමාගොස් දිවයිනෙන් බැහැරව අරාබි මුහුදට හමා ගියේ 25 වැනි දිනය. මහා විනාශයක් සිදුකළ ඒ අතීත සිදුවීමේ මතකයන් රැඳි පුද්ගලයන් අදද ජීවතුන් අතර සිටින බව සැබෑය.

එදා ඒ සුළි සුළඟ මුලින්ම ප්‍රහාර එල්ල කර තිබුණේ මඩකළපුව ප්‍රදේශයේ පිහිටි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට බවට මගේ මතකයේ සටහන්ව ඇත. එයින් නොනැවතුණු සුළි සුළඟ දකුණු ඉන්දියාව දෙසට පලාගියේ උතුරු-නැගෙනහිරින් පිහිටි විශාල ගස්කොළන් බිම දමා නිවෙස්වලටද හානි සිදුකරමින්ය. ඒ මහා සුළි සුළඟින් විපතට පත්වූවන් මෙන්ම බිම ඇදදමා තිබූ ගස්කොළන් ඉවත් කිරීමේ මහා පුනරුත්ථාපන මෙහෙයට උර දුන්නේද ත්‍රිවිධ හමුදාවය. උතුරු-නැගෙනහිරට හැමූ ඒ දරුණු සුළි සුළඟින් විපතට පත්වූවන්ගේ සංඛ්‍යාවද විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණී. එවක එම ප්‍රදේශයේ දේශපාලන බලවතෙකු මෙන්ම ඇමැතිවරයකුද වූයේ එච්.ජී.පී. නෙල්සන්ය. ඔහුද දිවා රෑ නොබලා ත්‍රිවිධ හමුදාව සමග එක්ව ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ගනුලැබූ ක්‍රියාමාර්ග ඒ දිනවල පළවූ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත්ව තිබිණි.

ජේ.ආර්. රජය උතුරු-නැගෙනහිර පුනරුත්ථාපන කටයුතු සම්බන්ධීකරණය කිරීමට පත්කළ නිසි බලධාරියා වූයේ එවක ‘දවස’ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ හිටපු මහදිසාපතිවරයකු වන ඩබ්.ජේ. ප්‍රනාන්දු මහතාය. ඩබ්.ජේ., හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේද සමීප හිතවතෙකි. ඔහුට ඒ දේශපාලන හිතවත්කම් තිබුණද කිසි දිනෙක ඔහු ඒ කිසිවකුට දේශපාලනය මත ‘දවස’ මාධ්‍ය හසුරුවන්නට ගියේ නැත. ඒ බව මා ඔහු සමග සමීපව කටයුතු කළ අයකු ලෙස හොඳින් දැන සිටියෙමි. සුළි සුළඟින් විපතට පත් ප්‍රදේශවල සිට කටයුතු කිරීමට ජේ.ආර්. ජයවර්ධන ජනපති විසින් තාවකාලිකව ඩබ්.ජේ. ප්‍රනාන්දු නිසි බලධාරියා ලෙස පත්කළ අවස්ථාවේ ඔහු පදිංචිව සිටි සුලෙයිමන් ටෙරස් නිවෙසේ සිට වැඩ බාරගැනීමට පොළොන්නරුව බලා ගියේද මා සමගය. සුළි සුළඟ හැමූ දිනයේ මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියද හබරණ කැලෑව මැද වූ දුම්රිය මාර්ගයේ නැවතී තිබුණේ දුම්රිය මාර්ගයට ගස් පෙරළීම නිසාය.

පසුදා අලුයම වනවිට ඒ ආරංචිය ලැබී තිබුණේ හබරණ පිහිටි නාවික හමුදා කඳවුරටය. දුම්රිය මගීන් සමග අතරමග ගමනාගමනය ඇනහිට තිබූ දුම්රියේ සිටි පිරිස් බේරාගැනීමටත්, දුම්රිය මාර්ගයට වැටී තිබූ ගස්කොළන් ඉවත් කිරීමටත් නාවික හමුදා භට කණ්ඩායම් තුනක් සමග හබරණ නාවික හමුදා කඳවුරෙන් පිටවූයේ මා කියන කපිතාන් සුරාජ් මුණසිංහය. ඔහු නාවික හමුදා භට පිරිස්වලට අණ දෙමින් පණිවුඩ හුවමාරු කරගනිමින් කැලෑව මැදින් ගමන් කරද්දී කැලෑව තුළ හේනක සැමියා සමග පැල් රකිමින් සිටි කාන්තාවක දරු ප්‍රසූතියෙන් විළි රුදාවෙන් කෑගසනු අසන්නට ලැබිණි. ඒ කාන්තා හඬ ඇසුණු දෙසට සුරාජ් තම කණ්ඩායමත් සමග ගමන් කළේය. සුළු මොහොතකින් ඔහුට ඒ පැල්පත ළඟට ළඟාවීමට හැකි විය. ප්‍රසව වේදනාවෙන් දඟලමින් සිටි කාන්තාව දුටු විගස සුරාජ් යළි දෙවරක් කල්පනා කළේ නැත. ඔහු හමුදා භටයන් යොදවා පැල්පත ඉදිරිපිට කාන්තාව නිදිකරවීමට හැකි මැස්සක් තනා ඒ මත කොහොඹ කොළ අතුරා ක්ෂණිකව ඇඳක් සකස් කළේ කොහොඹ කොළ විෂබීජ නාශකයක් බව ඔහුගේ මතකය තුළින් අවදි වෙද්දීය. පසුව ඇය මෙම මැස්ස මත නිදිකරවීමට පෙර ඔවුන් රැගෙන ආ ටෙන්ට් රෙදිකඩකින් වටේ අසුරා මැස්ස නොපෙනෙන අයුරින් සකස් කර ඇයට ඒ මත පහසුවෙන් වැතිරීමට ඉඩකඩ සලසා දුන්නේය.

නාවික හමුදාව සකස් කර දුන් කොහොඹ කොළ යහනේදී එම කාන්තාව පිරිමි දරුවකු ප්‍රසූත කරනු සුරාජ්ගේ ඇස ගැටුණේය. ඉන් පසු කළ යුත්ත වටහාගත් කපිතාන් සුරාජ් මුණසිංහ ඉටිපන්දමක් පත්තු කර තමා සතුව තිබූ නාවික හමුදා පිහිය එයින් රත්කර විෂ නසා පෙකණි වැල කපා දරුවා සමග මවගේද ජීවිතය බේරාගත්තේය. ඉන් පසු ඔහු තම පණිවුඩ හුවමාරුවෙන් ඒ මොහොත වනවිට කැලෑව ආසන්නයට ළඟාවිය හැකි කැලෑ මාර්ගයකට නාවික හමුදා ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු යෙදුවේය. දරු ප්‍රසූතිය සිදුකළ කාන්තාව සහ කුලුඳුල් දරුවාද සමග පියාද ගිලන් රථය දක්වා කැඳවාගෙන ගියේද නාවික භට පිරිසක්ය. ඔවුන් තිදෙනා කඩිනමින් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවටද සුරාජ්ට දැනගන්නට ලැබී තිබිණි.

එදා ඒ සිද්ධිය වූ දිනට පසු දින පොළොන්නරුව බලා යමින් සිටි නිසි බලධාරී ඩබ්.ජේ. ප්‍රනාන්දු මොහොතකට පොළොන්නරුව සංචාරක නිකේතනයක නතර විය. ඒ අවස්ථාවේ මෙම සිද්ධිය ගැන ආරංචිය මා හට ගෙන ආවේද හබරණ නාවික හමුදා කඳවුරේ නාවික නිලධාරියෙකි. මේ සිද්ධිය මා ඩබ්.ජේ. ප්‍රනාන්දු මහතාට දැන්වූ විට ඔහු මොහොතකට යමින් සිටි ගමන නවතා ඔහු පැමිණි මෝටර් රථය මට දී මාව හබරණ නාවික හමුදා කඳවුරට පිටත් කර යැවීමට තරම් කාරුණික විය. මම එහි ගියද ඒ වනවිටත් කපිතාන් සුරාජ් මුණසිංහ හබරණ කැලෑව තුළින් ආපසු කඳවුරට පැමිණ සිටියේ නැත. මගේ පැමිණීම සහ දුරකතන අංකය එහි සිටි කාර්යභාර නිලධාරියාට ලබාදී මා ආපසු හැරුණේ කපිතාන් සුරාජ් මගේ පණිවුඩය ලද විගස මා සොයා එන බවට තබා තිබූ විශ්වාසය මතය.
නාවික හමුදා කඳවුරට ගොස් ආපසු ඩබ්.ජේ.ට විස්තර පැවැසූ අවස්ථාවේම ඩබ්.ජේ. එවක එම ප්‍රදේශය භාරව සිටි නාවික හමුදා අණදෙන නිලධාරී ඇලිකේවෙලට දැන්වූයේ සුරාජ් මුණසිංහ පෙරළා පැමිණි පසු අපට මුණගස්වන ලෙසටයි. අපි පොළොන්නරුවට ගිය දිනට පසු දින අපි නැවතී සිටි ස්ථානය සොයා සුරාජ් අප සිටි තැනට පැමිණියේය. ඔහු එදා හබරණ කැලෑව තුළදී සිදුකළ වින්නඹුකම ගැන අප සමග කතා කළේ එය ඔහුගේ නාවික හමුදා ජීවිතයේ ලැබූ සාර්ථකම තවත් මෙහෙයුමක් ලෙස හුවාදක්වමින්, ජයග්‍රාහී ආඩම්බරකමක් ඉස්මතු කරගෙනය.
සුළි සුළං මැද්දේ හබරණ කැලෑව තුළ හේනක පැල්පතකින් ඇසුණු කෙඳිරිලි හඬට පිහිටවී දරුවකු ප්‍රසූත කිරීමේ කාර්යයට අතහිත දුන් ඒ අභීත නාවික හමුදා කපිතාන් සුරාජ් මුණසිංහගේ වින්නඹුකමේ කතාව මම ‘රිවිරැස’ පුවත්පතේ පිටුවක් පුරා ලියා තැබුවේ අනාගතයේදී පවා ඒ වික්‍රමය සිහිගන්වන අයුරින්ය. ඒ මතකය අදටත් මගේ මතකයෙන් මැකීගොස් නැත.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

කලකදි වහලු – කලකදි රහලු! අපිට බයක් නෑ කියපු සිරසටම මෙන්න බොලේ බයක් දැනෙනවලු! Sri Lanka Latest News

Next Post

මයික් එකක් දැක්කාම ගිරව් වගේ එකතු වෙනවා.. එකතු වෙනවා.. කියන සමහරුන්ට එකතු වෙන්න ඕන හරි විදිහ ගැන සජබ හේෂා කියලා දෙයි! අපිම කියපු හොරු-මංකොල්ලකාරයෝ එක්ක අපිට එකතු වෙන්න බෑ! අත්දැකීම් බහුලම මන්ත්‍රීවරුන් ඉන්නෙ සජබෙට! අපි කාගෙත් එක්කවත් එකතු වෙන්නෙ නෑ! ඔක්කොම අපිත් එක්ක එකතු වෙනවා! හැබැයි කවුරු එකතු වුණත් නායකයා සජිත් ප්‍රේමදාස! ලකුණ දුරකතනය! එච්චරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.