• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලොකු ටෝක් දීලා රඟපාන්න මම කැමැති නෑ! අධ්‍යක්ෂණය තමයි මගේ හීනේ වෙලා තිබුණේ! Sri Lanka Latest News

January 27, 2025
in Heart
Reading Time: 3 mins read
A A
ලොකු ටෝක් දීලා රඟපාන්න මම කැමැති නෑ! අධ්‍යක්ෂණය තමයි මගේ හීනේ වෙලා තිබුණේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හාට්’ එකට පහුගිය සතිවල එක දිගටම නිළියො ආව හින්දා මේ සැරේ නළුවෙක්ව එක්කගෙන එන්න හිතුණා.
කාටද කතාකරන්නේ කියලා හිත හිත ඉන්නකොට හර්ෂ තෙන්නකෝන්ව ඔළුවට ආවා. ඒකට හේතුව වුණේ හර්ෂව ටික කාලෙකින් ටෙලියකින්වත් නොදැකපු නිසයි. Sri Lanka Latest News

මතක හැටියට ‘සුසුම් රස්තියාදුවෙන්’ පස්සේ හර්ෂ වැඩිපුර දකින්න හිටියෙ නැහැ.
අහලා බලමු ඔහුගෙන්ම විස්තරේ.

ඉතිං හර්ෂ මොකෝ මේ දවස්වල වැඩි සද්දයක් නැත්තේ?
මම කොහොමත් වැඩි සද්ද දාන කෙනෙක් නෙවෙයි. කරන වැඩේ ගානට කරලා පැත්තකට වෙන කෙනෙක්.
ළඟකදී අලුත් ටෙලියක් කළේ නැද්ද?
ටෙලි දෙකක වැඩ කළා. එකක් ‘යකඩ තෝඩු’. ඒකේ කොටස් 15ක විතර වැඩ ඉවරයි. අනිත් ටෙලියත් කරගෙන යනවා.
පහුගිය දවස්වල වැඩිය මූණ පෙනුණේ නැහැ ටීවී එකේ?
ලොකුවට ටෙලි බාරගන්නේ නැහැ. හිතට වදින එකක් ඉඳලා හිටලා තමා ඉතින්.
කොහොමත් ඔයා තෝරලා බේරලා ඇක්ට් කරන කෙනෙක්නේ?
ඔව් ඒක හරි. ඒක තමයි මගේ විදිය.

නිතර මූණ පෙන්නන එකට අකැමැතියිද?
එහෙමමත් නෙවෙයි. ලොකුවට සල්ලි හොයන්න රඟපාන එක, ෆේමස් වෙන්න ඉමේජ් එක බිල්ඩ් අප් කරගන්න රඟපාන එක කවදාවත් මගෙ ඒම්ස්වල තිබුණෙ නැහැ.
අධ්‍යක්ෂණයට බැස්සේ ඒකද?
අධ්‍යක්ෂණය තමයි මගේ හීනය වෙලා තිබුණේ. හැබැයි මට ආරාධනා ආවේ රඟපාන්නයි. ඒකත් ආනන්ද අබේනායක, නාලන් මෙන්දිස් වගේ ප්‍රවීණයන්ගෙන්. ඒ හින්දා ඒ අවස්ථා මට මඟහරින්න හිතුණෙ නැහැ.
එතැනින් අධ්‍යක්ෂවරයෙක් වෙන හීනේ මගහැරුණද?
මගහැරුණාම නෙවෙයි. නළුවට හැමදාමත් වැඩ තිබුණු නිසා හොඳ නිර්මාණ ලැබුණු නිසා අධ්‍යක්ෂවරයා වෙලාව එනකල් බලන් හිටියා.
කොහොම හරි දැන් අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔබ කරළියට ආවා?
ඔව්. මගේ පළමු අධ්‍යක්ෂණය ‘නේත්‍රා දේවි’. මමත් එහි චරිතයක් කරනවා.
කොටස් සීයකට එහා දුවන මෙගා එකක් වෙයිද ඒක?
අපොයි නැහැ. කවදාවත් නැහැ. නේත්‍රා දේවි කොටස් සීයටත් වඩා අඩු වේවි.
රූපවාහිනී සේවා ප්‍රධානීන් නිර්මාණකරුවන් මෙහෙයවනවා. ඔබටත් එහෙම වෙයිද?
ඔය විෂය මාතෘකාව ගැන කතාකරන්න මම කැමැති නැහැ. මම ඒ ගැන කාටවත් උපදෙස් අදහස් උදහස් හෝ අවවාද දෙන්නේ නැහැ. මම කොටස් සීයයි කරන්නේ, ඔයාලත් එහෙම කරන්න කියන්නෙත් නැහැ. මම මගේ නාට්‍ය නිර්මාණය කොටස් සියයකට එහා යන්නේ නැහැ. එච්චරයි.
දිගින් දිගට ඇදීයන මෙගා කලාව නිසා නළු නිළියන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා නේද?
ඔව්. ඒක එහෙමයි. මම කළත් මටත් එහෙමයි. ඒ හින්දා තමයි ඇතැම් රංගන ශිල්පීන් නාට්‍යයෙන් මගදී සමුගන්නේ.
එතැනදී නිර්මාණකරුවාට සිදුවෙන්නේ අසාධාරණයක් නේද?
ඔය සිදුවීම හරි සංකීර්ණයි. දෙපැත්තටම එහි අසාධාරණයන් සිදුවෙනවා. ඒ ගැන ලොකු ලොකු කතා කියලා පොරක් වෙන්න මම කැමැති නැහැ. ඒ වගේම තවත් කෙනකුට හරි දේ කරන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා උපදෙස් දෙන්න අපි කවුරුත් අංගසම්පූර්ණ නැහැනේ.
රංගනයයි අධ්‍යක්ෂණයයි එකට කරන එක අමාරු නැද්ද?
හුඟක් අමාරු දෙයක්. වචනවලින් කියන්න බැරි තරමට සංකීර්ණයි. ආයේ මම ඒ සංකීර්ණත්වයට මැදිවෙන්නේ නැහැ. හර්ෂ තෙන්නකෝන් කියන නිර්මාණකරුවා යටතේ ආයෙම හර්ෂ තෙන්නකෝන් කියන නළුවා රඟපාන්නේ නැහැ.
අධ්‍යක්ෂණය හරහා දිගු ගමනක් යන්නද හර්ෂ සූදානම?
සත්තකින්ම. මම ආසාවෙන් හිටියේ අධ්‍යක්ෂණයට. ඒකට අවශ්‍ය අවකාශය ලැබුණා. ඉතින් මම දැන් ඒ පාරේ සතුටින් ගමන් කරනවා.
අධ්‍යක්ෂණයෙදි ඔබ සාර්ථක යැයි හිතනවද?
ඒක ප්‍රේක්ෂකයා මිස මට තීරණය කරන්න බැහැ. ඔවුන් එයට අවශ්‍ය ප්‍රතිචාරය ඒ මොහොතට දෙයි.
නළුකමෙන් බැහැරව යන්නද සූදානම?
කවදාවත් නැහැ. මට ප්‍රිය කරන ඕඩියන්ස් එකට මම මාව නැතිකරන්නේ නැහැ. ඒ නළුකම නිසා මම ලබාගත් පන්නරය බොහොමයි. ඒ පන්නරය නිසා නිර්මාණකරුවකුට අවශ්‍ය පරිණත බව මට ලැබුණා. ‘රංගනවේදියා’ කියන චරිතය කොහොම එකක්ද, නිර්මාණකරුවකු ලෙසින් ඔවුන්ව දකින්නේ කොහොමද, මෙහෙයවන ආකාරය කොහොමද කියන කාරණා මම හොඳින්ම ඉගෙන ගත්තා.
ඔබ චැට් ෂෝ රිජෙක්ට් කරන කෙනෙක්ද?
මම චැට් ෂෝවලට යනවා. ඒ යන්නේ කතාකරන්න යමක් තියෙනවා නම් විතරයි. නැත්නම් මම එයට සහභාගි වෙන්නේ නැහැ.
‘නේත්‍රා දේවි’ විකාශය සඳහා තෝරාගත් චැනලය මොකක්ද?
තවම එය අතීරණාත්මකයි. හැම චැනල් එකක් එක්කම නේත්‍රා දේවි ගැන කතාබහ කර අවසන්. බජට් එක ඕකේ වෙන එකක් එක්ක නේත්‍රා දේවි විකාශය වේවි.

මල්මී කෞෂල්‍යා

SendShareShare
Previous Post

මම පාර්ලිමේන්තුවේ කෑගහනවා.. මල්ලිව හිරේ දානවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාවේ තවත් ඇමැතිවරයකුගේ ‘මහාචාර්ය’ තනතුර ගැලවෙයි! දැන් ‘ආචාර්ය’ විතරයි! I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.