• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෝටි ෆෝටිද? ඉක්මනට මේ ලිපිය කියවන්න! Sri Lanka Latest News

January 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
නෝටි ෆෝටිද? ඉක්මනට මේ ලිපිය කියවන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

● ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය කාලය 40න් පසු කාලය. අවුරුදු 40න් පස්සේ ජීවිතේ දශක 4ක් ඉවරයි.
● ආයුෂ අවුරුදු 80ක් කියලා හිතුවොත් ජීවිත කාලයෙන් භාගයක්ම ගතකරලා ඉවරයි.
● දැන් තියෙන්නේ ඉතින් යන තැනකට වැඩක් කරගන්න එක. ඔහොම තමයි ලංකාවේ අපි හිතන්නේ. ඒත් බටහිර රටවල ඔය කතාව හාත්පසින්ම වෙනස්.
● එයාලා ජීවිතේ පටන් ගන්නේ 40න් පස්සේ.
දරුවෝ දීග දීලා, ළාමක අස්ථාවර සිතුවිලිවලින් මිදිලා, මිනිස්සු හඳුනාගෙන ජීවිතේ පරිපූර්ණ වෙච්ච කාලයක් මේක.
● ඉතින් ඒ කාලේ ජීවිතේ විඳින්න පුළුවන් කාලේ කිව්වොත් මම හරි. බුද්ධිමත් කාන්තාවන් ඉතින් සියලු ප්‍රශ්න මැද නිරෝගී ජීවිතයක් ගතකරනවා. එයාලා මෙන්න මෙහෙම සාමාන්‍ය දේවල් ටිකක් කරනවා. Sri Lanka Latest News

ඒ තමයි,
● නිසි ශාරීරික ව්‍යායාම
● සමබල ආහාර වේල
● හානිදායක ආහාරවලින් සම්පූර්ණයෙන් වැළකීම
● පිටි කෑම 60%කින් පාලනය
● ක්ෂණික කෑම සම්පූර්ණයෙන් අතහැරීම
● තද අව්වට නිරාවරණය නොවී සිටීම
● අධින මානසික ආතතියෙන් යුතු බැදීම්වලින් ඉවත්වීම
● කල්පනා කිරීම 50%කින් අඩු කිරීම
● ක්‍රියාකාරකම්වල නිරත වීම

ඒ වගේම පහත උපදෙස් වැඩියෙන් අනුගමනය කරන්න.

● කාන්තාවක් නම් අවශ්‍ය විටමින් සහ ෆෝලික් අඩංගු බහුකාර්ය පෙත්තක් පාවිච්චියට ගන්න.
● ඔබේ මානසික පීඩනය ස්ටේ‍රස් එක වැඩි නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
● අවුරුදු 40න් පසු කෙනෙක්ගේ බෝනස් අස්ථි දිරාපත් වෙන්න පටන් ගන්නවා. ආතරයිටීස් වැනි රෝග ඇතිවෙන්නේ එහෙම. එම නිසා කැල්සියම් 1000පට සහ විටමින් ෘ දිනපතා ශරීරයට ලබාගන්න. මේවා පෙති වශයෙන්ම නොව හාල්මැස්සන් වැනි කුඩා මසුන්, අලුත් එළවළු, මුහුදු මාළු වැනි දේවලින් ලබාගත හැකියි.
● මාස 3කට වරක් රුධිරගත සීනි, කොලෙස්ටරෝල්, පරීක්ෂා කරගන්න. මෙයට සාමාන්‍ය වෛද්‍යවරයෙක් නොව ප්‍රසව හා නාරි හෙවත් ඪධඨ වෛද්‍යවරයෙක් හමුවන්න.
● දිනපතා ආහාර ගැනීමට පසු හොඳ ඉදුණු කෙසෙල් ගෙඩියක් කන්න. මෙය බඩවැල්වල සංකූලතාවන්ට මෙන්ම මලබද්ධයටත් ඉතාම හොඳයි.
● දිනපතාම කොළ ඇපල් ගෙඩියක් කන්න. ‘ඇපල් ගෙඩියක් කන්න… දොස්තරව ඈතින් තියාගන්න…’ මේ කියමන නිකම්ම කියන දෙයක් නෙවෙයි. ඒ තරම් කොළ ඇපල් ගුණයි.
● ඔබේ දෑස් ඔබේ දෑස් මෙන් රැකගන්න. දිගින් දිගටම ගෑස් ළිප් පාවිච්චිය, ජංගම දුරකතනය පරිගණකය පාවිච්චිය, නිදිවැරීම, වැනි බොහෝ හේතු නිසා එය කෙළින්ම බලපාන්නේ අපේ ඇස්වලට. මේ නිසා අවුරුදු 40න් පසු ඇස් දෙක පරීක්ෂා කරගන්න. (දැන් ඉතින් පොඩි ළමයින් පවා කණ්ණාඩි දානවා.) අනිවාර්යයෙන්ම කියවීමේදී රීඩින් ග්ලාස් පාවිච්චි කරන්න.
● ජීවිතය, අවට ලෝකය දෙස ඉරිසියාව කුහකකමින් බැලීමෙන් වළකින්න. සෞම්‍ය ලෙස ජීවිතේ දෙස බලන්න පටන් ගන්න.
● පිෂ්ටය, මේදය අඩුකර ප්‍රෝටීන ප්‍රමාණය වැඩිකර ගන්න. ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල වයස්ගතවීම නිසා ඇතිවන බොහෝ ප්‍රශ්න අවම කරනවා.
● බොහෝ දෙනා කියන පරිදි ‘මළකෝලං’ ඇරඹෙන්නේ මේ අවුරුදු 40න් පසුවයි. ඒ ආදරය ඔබේ ප්‍රියතමයන් සමග විඳීමෙන්. ලෝකය දහස් දේ කියාවි. ඒත් ඔබ ඔබේ සැමියා, බිරිඳ සමග ආදරෙන් ඉන්න. එය ඔබව මානසිකව සතුටින් තබන අතර වයස ආපස්සට ගෙනයයි.
● ආගම දහමට යොමුවන්න. නමුත් එහි අන්තයට ගොස් ජීවිතේ කලකිරවාගන්න එපා.
● සීනි නැති කහට කෝප්පයක් කෑමෙන් පැයකට පසු බොන්න. එය ඔබේ කැම වේලෙහි අනවශ්‍ය තෙල් අඩු කරාවි.
● දවසකට එළවළු 4ක් කන්න. එක් එළවළුවක් නොපිසූ එළවළුවක් වියයුතුමයි. (සලාද, කැරට් සම්බෝල)
● බිත්තර සුදුමදය ආහාරයට ගන්න. අධික කොලෙස්ටරෝල් ඇත්තේ කහ මදයේයි. හාෆ් බොයිල් කළ සුදු මදයට ගම්මිරිස් ඉසගෙන කන්න.
● දිනකට වතුර බෝතල් 6ක් බොන්න. එය රාත්‍රී නින්දට පෙර කරන බවට ඔබ ඔබටම අභියෝග කරන්න.
● බත් කන විට රතුලූනු ගෙඩියක් හපලා කන්න. අවුරුදු 40න් පස්සේ මේක කළ යුතුමයි. රතුලූනු ශරීරය විසෙන් තොර කලාපයක් කරනවා.
● උදෑසන සීනි නොදා දොඩම් යුෂ වීදුරුවක් බොන්න. එය ඔබේ පෙනුම රැකගන්න වැදගත්. ගැස්ට්‍රයිටීස් රෝගය ඇත්නම් පමණක් වෛද්‍ය උපදෙස් ඇතිව බොන්න.
● නින්දට පෙර දෙහි යුෂ දැමූ උණුවතුර කෝප්පයක් පානය කරන්න. එය දවසේ අධික නොසන්සුන් බවත් තෙල් කෑමවල අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයත් පාලනය කරනවා.
● ඔලිව් ඔයිල් ආහාරයට ගන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට ඔලිව් ඔයිල් ලෝකයේ තියෙන සුපිරිම ආහාරයයි. එහි ඇති හිතකර කොලෙස්ටරෝල් ශරීරයේ අහිතකර තෙල්වලට එරෙහිව සටන් කරනවා. තරුණ පෙනුම රැක දෙනවා. මිලදී ගන්නා විට ‘එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්’ කියා ඉල්ලන්න.
● කිරිපිටි නවතා දමා දියර කිරි බොන්න. ලංකාව වගේ දුප්පත් රටවල් පමණයි කිරිපිටි බොන්නේ. කිරිපිටි නිෂ්පාදනයේදී අධික විකිරණ ප්‍රමාණයක් යොදාගන්නවා. ඒ නිසා දියර කිරි බොන්න. එක වීදුරුවක් දවසකටම ඇති. පුළුවන්නම් සීනි නොදා බොන්න.

අද ඔබට මේ ලිපිය අදාළ නොවිය හැකිය. නමුත් ජීවිතේ කවදාම හෝ අවශ්‍ය බව දැනගෙන කියවන්න. මෙහි ඇති ඇතැම් දේ ඔබ දැන් සිට වුවද කිරීමෙන් ඔබට වරදක් සිදුවන්නේ නැත.

උපදෙස් – පෝෂණවේදිනී හා කායික රෝග වෛද්‍ය නාලිකා වරකාගොඩ

SendShareShare
Previous Post

මීට පස්සේ සන්ධාන නෑ! පුංචි ඡන්දෙට විමල් තනිවම යන්න තීන්දු කරයි! අද අලුත් පක්ෂ කාර්යාලයත් බත්තරමුල්ලේ විවෘත කරයි! I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය මාධ්‍යයට ෂින්හුවා වහවැටුණේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.