• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොටි ආණ්ඩුවේ අගමැති කෝ… මව්රට සොයාගනී…

June 8, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
කොටි ආණ්ඩුවේ අගමැති කෝ… මව්රට සොයාගනී…
Share on WhatsAppShare on Facebook

ලෝකයේ බොහෝ රටවලට අගමැතිවරුන් ඉන්නවා. මමත් ඒ වගේ අගමැතිවරයෙක් තමයි. මටත් ඒ සඳහා රටක් තිබෙනවා. මම අගමැති ධුරය දරන රට තමයි ‘තමිල් ඊළාම් අන්තර්ජාතික රාජ්‍යය’ මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ Transnatonal Government of Tamil Ealam කියලායි. අපි මේ රාජ්‍යය පිහිටුවා ගත්තේ 2010 වසරේ මැයි මාසේ 17 වැනිදා. ඒ කියන්නේ ඊළාම් යුද්ධය පරාජය වෙලා හරියට අවුරුද්දකට පස්සේ. මේ 2020 වසරේ මැයි 17 වැනිදාට අපේ රාජ්‍යයට හරියටම අවුරුදු 10ක් සපිරුණා. මට මේ රාජ්‍යයේ අගමැති ධුරය ලැබුණේත් මේ රාජ්‍යය පිහිටුවාගත් දිනයේ සිටම තමයි. මගේ වයස දැන් අවුරුදු 62ක්. මමත් කාලයක් ශ්‍රී ලාංකිකයෙක් තමයි. ඒත් මම දැන් ඇමෙරිකානු පුරවැසියෙක්. මම තමයි එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජාත්‍යන්තර නීති උපදේශකවරයා ලෙස කටයුතු කළේ. මගේ නම විශ්වනාදන් රුද්‍රකුමාරන්.’
මේ ස්වයං කථනය ඇසෙන්නේ ලෝකයේ සිටින එක්තරා අරුම, පුදුම අගමැතිවරයකුගෙන්. මේ අගමැතිවරයාට අයත් රට එක තැනක තියෙන එකක් නෙවෙයි. එනම් ඒක ලෝකයේ බටහිර රටවල් කිහිපයක්ම වසාගෙන තිබෙන වළාකුලක් වගේ රාජ්‍යයක්. ‘ඊළාම් රාජ්‍යයක සිහින’ රාත්‍රියේදී පමණක් නොව දහවලේදීත් දුටු මිනිසුන්ගෙන් තමයි මේ රාජ්‍ය හැදිලා තියෙන්නේ. මේ අපූරු අගමැතිවරයා සමඟ එහි රජයක්ද පිහිටුවා තිබෙනවා. එනම් ඇමැති මණ්ඩලයක් සහ මන්ත්‍රී මණ්ඩලයක් සමඟ. මෙම සිහින ඊළාම් රාජ්‍යය ගැන අපි පසුගිය කාලයේදී නොයෙකුත් පුවත් අසා තිබුණා. අද මේ ලිපිය ලියා තබන්නට මෙම කරුණ විශේෂිත වන්නේ පසුගියදාට මෙම ‘ඊළාම් රාජ්‍යයට’ වසර 10ක් පිරීම හේතුවෙනි. එනම් මෑත කාලයක සිට මෙම ඊළාම් රාජ්‍යය ගැන නිසි තොරතුරක් අසන්නට ලැබුණේද නැත. දැන් මේ ඊළාම් රාජ්‍යයේ තත්ත්වය කුමක්ද?
ඊළාම් රජය හදපු රුද්‍රකුමාරන්ට මොකද වුණේ?

මේ ඊළාම් රාජ්‍යය සහ එහි අගමැතිවරයා මෙන්ම, එහි ඇමැති, මන්ත්‍රි මණ්ඩලය හෝ තවම ඉන්නවාද? එසේත් නැතිනම් එහි බල සුනු විසුනු වෙලා ගොසින්ද? මේ පිරිස් ගැන පසුගිය කාලයේ කිසිවකුත් සොයා බලන්නට ගියේද නැත. ඔවුන්ගේ වත්මන් තත්ත්වය සොයා බැලීම වැදගත් වන්නේ ඒ හෙයිනි.
ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධයෙන් හරියටම වසරකට පසු දමිළ ඩයස්පෝරාව වෙසෙන ලෝකයේ රටවල් 26ක් කේන්ද්‍ර කරගනිමින් මෙම ‘ඊළාම් රාජ්‍යය’ පිහිටුවා ගත්තේය. එවකට ශ්‍රී ලංකා රජය සහමුලින්ම කොටි ත්‍රස්ත සංවිධානය පරාජය කළ හෙයින්, ත්‍රස්තයන්ට ශ්‍රී ලංකාව තුළ ‘ඊළාම් රාජ්‍යය’ පිහිටුවීම සුනු විසුනුව ගියේය. මේ නිසා විදෙස්ගත දමිළ අන්තවාදීන් වහා තීරණය කළේ තමන්ගේ විදෙස් රටවල් කේන්ද්‍ර කරගනිමින් ‘ඊළාම් රාජ්‍යය’ පිහිටුවා ගතයුතු බැව්ය. ටී.ජී.ටී.ඊ. Transnatonal Government of Tamil Ealam නොහොත් ‘තමින් ඊළාම් අන්තර්ජාතික රාජ්‍යය’ පිහිටුවා ගත්තේ ඒ අනුවය. කෙසේ හෝ ඔවුන් මෙසේ සිදුකළ ක්‍රියාවලිය නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි එකක්ද නොවේ. එසේ වන්නේ ඔවුන් එම ස්ථාපිත කිරීම හරහා දමිළ ජනතා ප්‍රශ්න වෙනුවෙන් අවස්ථා ගණනකදී හඬනැගීමය. එහිදී ඔවුන් ශ්‍රී ලංකා රජයට විවිධ බලකිරීම් මෙන්ම, ජාත්‍යන්තර සංවිධානවලට විවිධ බලකිරීම්ද සිදු කළේය. එසේම ඊළාම් වාදය ලොවට පෙන්වන විවිධ උද්ඝෝෂණ සිය ගණන්ද විදෙස් රටවලදී පැවැත්වූයේය.
මේ ආකාරයට සිදුකළ විවිධ ක්‍රියාවලින් හරහා ඒ, ඒ කාලවලදී සිටි ශ්‍රී ලංකා රජයන්ද මහත් බලපෑමකට සහ පීඩනයකටද ලක්විය. එවැනි සිදුවීම්වල වගතුගද කලින් කලට සමාජය දැනගත්තේය. එහෙත් දැන් වසර 10ක් ගෙවුණු තැන මෙම අන්තර්ජාතික දමිළ ඊළාම් රාජ්‍යය සිටින්නේ කොතැනකද? මෙම දමිළ ඩයස්පෝරාවේ පිරිස් පසුගිය කාලයේ ශ්‍රී ලංකාව වෙත එල්ල කරන ලද ප්‍රධානතම බලපෑම් ක්‍රියාවලින් තුනක් වෙයි. එනම්,
– වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවස්ථා ගණනාවකදීම අන්තර්ජාතික වශයෙන් බලපෑම් එල්ල කිරීම සහ ඔහුට එරෙහිව නඩුහබ පැටලීම.
– බි්‍රගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුට එරෙහිව උද්ඝෝෂණය කිරීම සහ ඔහුට එරෙහිව නඩුහබ දැමීම.
– වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ආගමන නීති පැනවීමට උද්ඝෝෂණය කිරීම සහ බලකිරීම.
කෙසේ හෝ මෙම අන්තර්ජාතික තමිල් ඊළාම් රාජ්‍යය සහ දමිළ ඩයස්පෝරාව බොහෝ විට තමන්ට අවශ්‍ය කටයුතු කරන්නේ ‘බළලුන් ලවා කොස් ඇට බෑවීම’ යන න්‍යාය මතය. එනම් කුමන හෝ ජාත්‍යන්තර සංවිධානයකට බලපෑම් කරමින් ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත්කිරීමේ ක්‍රියාවලීන් දියත් කිරීමය. එසේ සිදුකර කුමන්ත්‍රණය සාර්ථක වන විට මහත් සතුටට පත්වන්නේ ‘ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට මඟුල්’ යන න්‍යාය මතය. කෙසේ හෝ පසුගිය කාලයේ බොහෝ කරුණු විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ මෙම අන්තර්ජාතික තමිල් ඊළාම් රජයේ හෝ දමිළ ඩයස්පෝරාවේ විවිධ ක්‍රියාවලින් පෙර තරම්ම සාර්ථක නොවන බැව්ය. එයට ප්‍රධානතම හේතු සාධකය ලෙස දැක්විය හැක්කේ ඔවුන් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා රජයට එරෙහිව ගෙන ආ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලියෙන් කිසිදු ජයග්‍රහණයක් අත්පත්කර ගන්නට නොහැකි වීමය. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ප්‍රධාන සංවිධාන කිහිපයක්ම මේ වන විටත් දමිළ ඩයස්පෝරාවේ බසට නිසි ලෙස සවන්දී නොමැති වීමය.


එහෙත් පසුගියදා මෙම විශ්වනාදන් රුද්‍රකුමාරන් අගමැතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය සහ එම සමස්ත රජයම ප්‍රීති ප්‍රමෝදයෙන් උතුරා ගියේය. මෙය සැබෑ ලෙසම අපූරු කතාන්දරයකි. එනම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් ජනාධිපති ධුරයට පත්වූ පසුව, පසුගිය 2020 ජනවාරි 20 වැනිදා අරුම, පුදුම ප්‍රකාශයක් කළේය. එනම් ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වන හනා සින්ගර් සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර හමුවක් පැවැත්විණි. මෙහිදී බොහෝ මානව හිමිකම් කරුණු සාකච්ඡාවී ඇති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් නියෝජිතවරියට එක්තරා සුවිශේෂී ප්‍රකාශයක් කර ඇත. එනම් ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා වාර්ගික යුද්ධයේ අවසාන දින කිහිපයේදී අතුරුදන් වුණු දමිළ ජනයා සියල්ලන්ම මියගොස් ඇති බැව්ය. මෙම අතුරුදන් දමිළ ජාතිකයන්ගේ මරණ ගැන ශ්‍රී ලංකා රජය පරීක්‍ෂණයක් කරන බවත් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙම ප්‍රකාශය නිසා බොහෝ දමිළ පාර්ශ්ව ලැව්ගින්නකින් මෙන් ඇවිළී ගියේය. එහි ප්‍රධානතම පාර්ශ්වය වන්නේ මෙම තමිල් ඊළාම් අන්තර්ජාතික රාජ්‍යය සහ දමිළ ඩයස්පෝරාවය. මෙම ප්‍රකාශයෙන් දින කිහිපයක් යත්ම තමිල් ඊළාම් රාජ්‍යයේ අගමැති රුද්‍රකුමාරන් ප්‍රකාශයක් නිකුත් කළේය. එහිදී ඔහු මෙසේ පවසා සිටියේය.
‘ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් සිදුකර ඇති ප්‍රකාශය හැම කෙනකු විසින්ම අවධානය යොමු කළයුතු ප්‍රබල ප්‍රකාශයක්. ඔහුගේ මුවින්ම ඔහුම කියා සිටිනවා යුද්ධයේ අවසාන දින කිහිපයේදී අතුරුදන් වුණු දමිළ ජනයා සියල්ලන්ම මියගිය බැව්. මේ ප්‍රකාශය මගින් එසේ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත එල්ල වන්නේ අතිශය තදබල වේදනාවක් සහ මානසික පීඩනයක්. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මගින් තවත් හෙළිවන එක් කරුණක් නම්, එසේ නම් අතුරුදන් පුද්ගලයන් ගැන සෙවීම සඳහා අතුරුදන් පුද්ගල කාර්යාලයක් ඇති කිරීම හරිම මිථ්‍යාවක් වීමයි.’
මේ නිසාම පසුගියදා විශ්වනාදන් රුද්‍රකුමාරන් අගමැතිවරයා ප්‍රමුඛ රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ ශ්‍රී ලංකා රජය වෙත ඉල්ලීම් හතක් ඉදිරිපත් කරමින් බලපෑම් කළේය. එහිදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශ කර ඇත්තේ අතුරුදන් වුණු දමිළ ජනයා මියගොස් ඇති නම්, ඔවුන්ගේ මියගිය දේහවල අවශේෂ කොටස් සොයා ඒ අදාළ ඥාතීන් වෙත එම අවශේෂ සිරුරු කොටස් බාර දිය යුතු බැව්ය. එසේ ලබා දෙන අවශේෂ ඉන්පසු ආදාහනය හෝ මිහිදන් කිරීම සිදුකළ යුතු බවත්ය. එසේම මෙම ඝාතනයට ලක්වූ දමිළ ජනයාගේ සිරුරු මිහිදන් කළ ප්‍රදේශ ප්‍රකාශයට පත්කළ යුතු බවත්, මෙම ඊළාම් රාජ්‍යය ප්‍රකාශකර සිටියේය.
එසේම මෙම අන්තවාදී දමිළ පාර්ශ්ව තවත් තදබල ඉල්ලීමක් සිදුකළේ වත්මන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂෙලේ වෙතිනි. එනම් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශ කරන ලද මියගිය දමිළ වැසියන්ගේ සියලු තොරතුරු, මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු බැව්ය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත්වලට අනුව අදාළ තොරතුරු වහාම ලබා දිය යුතු බවත්, මෙම දමිළ පාර්ශ්ව බලකර සිටියේය. කෙසේ හෝ මෙම අන්තවාදී කණ්ඩායම් ‘කල දුටුකල වළ ඉහගත්’ කිව්වා සේ අනපේක්‍ෂිත සිදුවීම්වලින් වාසි ලබා ගැනීමට පෙළගැසී සිටිති.
2010 මැයි 17දා අන්තර්ජාතික දමිළ ඊළාම් රාජ්‍ය පිහිටුවාගනු ලැබුවේ ඇමෙරිකාවේ ෆිලංඩල්පියා නගරයේදීය. අගමැතිවරයාගේ තනතුරත්, ඇමැති සහ මන්ත්‍රී මණ්ඩල තනතුරත් එදිනම ස්ථාපිත කරගත්තේය. මෙම රාජ්‍යයේ පරිපාලනමය කටයුතු සඳහා පත්කරගෙන ඇති සාමාජික සංඛ්‍යාව 135ක් වෙයි. එනම් මේ තනතුරු මන්ත්‍රී ධුර වශයෙන් සැලකෙන අතර, ඉන් 115ක් පත්කරගනු ලබන්නේ ඡන්දයක් හරහාය. ඉතිරි 20දෙනා ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රිවරුන්ය. ලෝකයේ රටවල් 26ක් නියෝජනය කරමින් මෙම මන්ත්‍රි ධුර නිර්මාණය වී ඇත. මෙහිදී ප්‍රධානතම බටහිර රටවල් වන්නේ, ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, පින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, නවසීලන්තය, නෝර්වේ, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, ස්විස්ටර්ලන්තය යන රටවල්ය. මේ අතර ආසියාවේ සහ මැදපෙරදිග රටවල් කිහිපයක්ද එයට අමතරව අයත් වෙයි.

අන්තර්ජාතික ඊළාම් රාජ්‍යයේ අගමැති ධුරය දරන විශ්වනාදන් රුද්‍රකුමාරන් වෙසෙන්නේ ඇමෙරිකාවේය. ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකි. මෙම රුද්‍රකුමාරන් යනු යාපනයේ හිටපු පුරපතිවරයකු වන රාජා විශ්වනාදන් නැමැත්තාගේ පුතෙකි. ඔහු යාපනය මහා විද්‍යාලයේත්, පසුව කොළඹ නීති විද්‍යාලයේත් අධ්‍යාපනය හදාරා ඇත. එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය විසින් ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීමෙන් පසුව එම නඩුවට එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන නීතිඥයා ඔහුය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වනන්තරේ හැංගුණු සමන් කුළේ අනුහස්…

Next Post

ගෝඨා දැන් ජනප්‍රියද නැද්ද…? අලුත්ම මතවිමසුමක ප්‍රතිපල එළියට (රාජ්‍ය රහස්)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.