• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වනන්තරේ හැංගුණු සමන් කුළේ අනුහස්…

June 8, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
වනන්තරේ හැංගුණු සමන් කුළේ අනුහස්…
Share on WhatsAppShare on Facebook

හිරිකඩ මල් නිතර පිපෙනා ඉසව්වක්. හීං හීගතුවක් ඉවරයක් නැතුව මේ ඉසව්වට එනවා. ඉර කොච්චර චණ්ඩියෙක් උවද මේ වනන්තරේ වනස්පතී අතරෙන් රිංඟා එන්නට හිරු රැසට ඉඩ නැහැ. මේ වන උයන් තුළ පීදෙනා සමහර නමක් ගමක් ඇති මලක රහස දන්නේ ඒ වන උයන්වල ජීවත් වෙන අයම විතරයි.
ඒ තරමටම මේ ඉසව්ව රහස් හංඟගෙන ඉන්නවා. ඉරිමාවෙ ඉර මල පීදෙනා යාමෙ අලුත් රහස් ඉපදෙනවා. ඒ රහස් හැමෝටම රහසෙන් කඩුපුලක් වගේ මියැදෙනවා. ඒ ගැන දන්නෙ කැලේ අයිතිකාරයොම විතරයි. සමහර දාට මන්දගල් ඔය දිගේ සීතා කෝවිල ළඟට පාවෙලා එන පාට පාට මල් පෙතිවල ඒ රහස් හැංඟිලා ඇති. හීතල අරගෙන ඇවිත් සමනල කන්දෙ පැදකුණු කරන හුළං රැල්ලක ඒ රහස් ඇති. ඒ නිසා ඒ සමහර කතා අද වගේම හැමදාකමත් සමනල ලන්දෙ වන රජදහනෙ හැමදාමත් රහස් විදියටම තියේවි. මේ ලියන්නෙ ඒ අතරින් අපි හොයාගත්ත කීපයක්.
සමනල කන්දෙ ප්‍රසිද්ධම රහසක් වෙන්නෙ කුරු අලි ගැන කියවෙන පුරාවෘත්තය. මේක අදටත් අබිරහසක්. කිසිම කෙනෙක් මේ කුරු අලි දැකලා නෑ. කවදා කවුරු කොහොම ඒ ගැන විශ්වාස කරන්න පටන් ගත්තද කියන්න අපි දන්නෙත් නෑ. හැබැයි පහුගිය කාලයෙ උඩවලව කැලේ ආශ්‍රිතව කුරු අලියෙක් වාර්තා වුණා. මේ අලියගෙ පින්තූර පවා අරගෙන තිබුණා. ඒත් පුදුමය කියන්නෙ ඒ සතා වැඩුණ වයසට එනකල්ම කිසිම කෙනෙක්ගෙ ඇස නොගැටුණ එක. ඒ වගේම මේ වගේ අලියෙක් මාදුරු ඔය රක්ෂිතයෙ දඹාන ආදිවාසී ගම්මානය ආශ්‍රිතව ඉන්නවා කියලත් කියවෙනවා. මේ ගැන අපිට කියන්නෙ රැහේ මහ හූරගේ කැකුළෙක් වෙච්ච හීං බණ්ඩා.
“මී හරකෙක් තරමට උසට ඇති. ඒ උනාට හරි හයිය,
වතාවක් මහියංගනේ පන්සලේ ඇතාට ළඟට ගිහිල්ලා ගහලා ඇවිල්ලා තිබුණා”
එහෙමනම් ඒ විදියට “කුරු අලියා” කියන සංකල්පය හැබෑවක් වෙලා තියෙනවා. මේ විදියට කුරු අලි රංචු සිරීපාද කැලේ ඉන්නවාය කියන විශ්වාසය ඒත් එක්ක ඈඳෙනවා. අපි මේ ලියන්නෙ ඇහින් දැකපු දේවල් නෙමේ. පුරාවෘත්ත විදියට මිනිස්සු කාලයක් තිස්සෙ හිත් අස්සෙ පරිස්සමට අරං තියාපු දේවල්. ඒවායෙ තියෙන්නෙ අපි නොදන්න ලස්සනක්. සමහරු කියන විදියට සිරීපාද කැලේ කුරු අලි බෙටි දකින්න හම්බෙලා තියෙනවා. ඒ විදියට වැඩියෙන්ම දැක්ක ඉසව්වක් ගැනත් ඔවුන් කියනවා. හැබැයි ඒ කියන්නෙ එක පොරොන්දුවක් පිට. ඒ කියන්නෙ ඉන්තේරුවටම ඉසව්වක් නොකියා ඉන්න ඕන. ඒ නිසා අපි මේ කරන්නෙත් ඒක. අපි රහස් ගැන වංහුං ලිව්වට ටක්කෙටම තොරතුරු කියන්නෙ නෑ. කොහොම නමුත් මේ කුරු අලි ගැන දන්න අය කියන්නෙ එයාලා සාමාන්‍ය අලින්ට වඩා ඉතාම පුංචි කට්ටියක් කියලා. ඒ බෙටිවලත් ඉතාම පුංචි බවක් බැලූ බැල්මටම පේනවා කියලා.

ඒ අතර මේ ගැන වරක් අපිට කියපු කිතුල්ගල බී්‍රටාස් ගාඞ්න් හෝටලයෙ අජිත් අයියා මන්දගල් ඔය අසබඩ වැලිතලාවක සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතාම විශාල කොටියෙක්ගෙ අඩි දැකලා තියෙනවා. හැබැයි ඒ අඩි සලකුණු ගැන කීප දෙනෙක් අහලා තිබ්බත් සතාව දැක්ක කෙනෙක් ගැන සඳහනක් නෑ. හැබැයි එකක්, මේ විදියෙ සිරීපාද කැලේ රහස් හොයාගෙන යන ඕනැම කෙනෙක්ට කිතුල්ගල බී්‍රටාස් ගාඞ්න් හෝටලේ ට ගියා නම් ඉතුරු කොටහ අජිත් මහත්තයලගෙන් කෙරේවි. ඒ තරමටම මේ කැලේ වන මං දිගේ ඇවිද ගියපු මතක සැමරුම් මේ අය ළඟ තියෙනවා. කොහොම නමුත් මේ කොටියා සිරීපාද කැලේ ඉන්නවාය කියලා විශ්වාස කරනවා. දැං මේ විදියටම සිරීපාදෙ කැලේ කළු කොටියා ගැන කතාව තව දුරටත් අරුමයක් නෙමේ. ඒක ඔප්පු වෙලා ඉවරයි.
ඒ වගේම සිරීපාදෙ කැලේ අවට ඉන්න සුදු ගෝන්නු ගැන විවිධ කතා තියෙනවා. ඒ විදියෙ සුදු ගෝනෙක්ගෙ පිංතූර කීපයක්ම එළියට ආවෙ සිංහරාජෙන්. හැබැයි ඒ සතාව වෙඩි තියලා මරලා දානවා. සුපුරුදු පරිදි ඒ වරදත් වැටෙන්නෙ දඩයක්කාරයෙක්ගෙ ගිණුමට. ඒ වගේම සුදු ගෝන පැට්ටෙක්ව සෝමාවතී රක්ෂිතයෙන් හම්බෙලා තියෙනවා. ඒ නිසා මේ කැලේ ඉන්න සුදු ගෝන රංචු අරුමයක් නෙමේ.
සිරීපාද කැලේ සුදු අලි ඉන්නවාය කියන එක තවත් ඒ වගේම විශ්වාසයක්. මේ ඇතාව දැකලා තියෙනවාය කියලා කියන කීප දෙනෙක්වම අපිට මුණ ගැහිලත් තොයෙනවා. හැබැයි ඒ ගැන විවිධ මත තියෙනවා. සමහරු කියන්නෙ මේ සමන් දෙවියන් වෙනුවෙන් ඉන්න සතෙක් කියලා. ඒකට හේතුව සමන් දෙවියන්ගේ වාහනෙත් සුදු ඇතෙක්.
මේ සුදු ඇතා හෝ අලියා ගැන විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා. හැබැයි ඒ ගැන නිශ්චිතවම කියන්න දන්න කෙනෙක් නෑ. ඒ වගේම සිරීපාද කැලේ තියෙනවාය කියන ඇඟේ වැදුණම විදුලි සැරක් වගේ දැනෙන අමුතු ගහක් ගැන කියවෙනවා. ඒ ගැන සමහරු කියන්නෙ ඒක සාමාන්‍ය කැසීමක් වෙන්න ඇති කියලා. ඒත් කැලේ හක්කලං කරන බොහෝ අය මේ ගස් ගැන කියනවා. ඒත් ඒ එකක්වත් කවුරුවත් නිශ්චිතවම කියන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් හොයලා බලපු සාක්ෂි සහිත පැහැදිලි කිරීමක් නෑ.

මේ අතර මේ කැලේ තියෙන අමුතු කෑමක් ගැනත් කියනවා. ඒ කෑමට කියන්නෙ “සීතාග්ගුලි” කියලා. මේ ගැන පුරාවෘත්තයේ සඳහන් වෙන්නෙ, සීතාවා දඬුමොණරයෙන් ගෙනියන කොට බිම වැටුණ අග්ගලා විශේෂයක් කියලා. ඒවා අදත් සිරීපාද කැලේ තියෙනවාය කියනවා. මෑතකදි ඒ ගැන සඳහනක් නොවුණත් කාලයකට පෙර පුංචි සන්ධියේ මේවා කාපු අයත් අපිට මුණගැහිලා තියෙනවා. ඒවා පොළොවෙ හමුවෙන රවුම් ගුලි වර්ගයක් විදියටයි හැඳින්වෙන්නේ.
මේ විදියට කටු ගෙඩි, අමුතු පැෂන් වර්ග වගේම කවදාවත් කාලා නැති පලතුරු වර්ග මේ කැලේ තියෙනවා. ඒත් මේ සමහර කතා අදටත් සාමාන්‍ය සමාජය දැන ගත යුතු නෑ කියලයි විශ්වාස කරන්නෙ. ඒකට හේතුව කැලේ රහස් කැලේම තියෙන්න ඕන කියන එක. කැලේට ආදරේ කරන මිනිස්සු හිතන්නෙ එහෙමයි. ඒකට හේතුව මේ රටේ වඩාත්ම අවිශ්වාස කටයුතු අය තමයි බලධාරීන්. ඒ නිසා සමහර රහස්වලට රහස් විදියටම තියෙන්න දීලා අපි නතර වෙමු. කොහොමටත් සිරීපාද කැලේ කියන්නෙම ආශ්චර්යයක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වෙරළේ වැලි මාලිගාවෙ-ඇත්තම මගඩිය හොයන්න… ගල්කිස්සෙන් මූදු ගිහින්-වැල්ලවත්තෙ නතර වෙන්න…

Next Post

කොටි ආණ්ඩුවේ අගමැති කෝ… මව්රට සොයාගනී…

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.