• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වෙරළේ වැලි මාලිගාවෙ-ඇත්තම මගඩිය හොයන්න… ගල්කිස්සෙන් මූදු ගිහින්-වැල්ලවත්තෙ නතර වෙන්න…

June 8, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
වෙරළේ වැලි මාලිගාවෙ-ඇත්තම මගඩිය හොයන්න… ගල්කිස්සෙන් මූදු ගිහින්-වැල්ලවත්තෙ නතර වෙන්න…
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතයත් සමඟ මුළුරටම වසා තිබූ පසුබිමක බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබුණේ ඒ සම්බන්ධ පුවත් දෙසටය. නමුත් ඒ අවධානය වෙනතකට යොමු කරන පුවතක් එක්වරම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන්නට විය. ඡායාරූපද සමඟින් ප්‍රචාරය වූ එම පුවත්වලින් දැකගන්නට ලැබුණේ ගල්කිස්ස වෙරළ තීරය කෘත්‍රිමව වැලි දමා පුරවා ඇති ආකාරයය. මෙසේ ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ පුවත් විදුලි වේගයෙන් සමාජ මාධ්‍යවල පැතිරෙන්නට පටන්ගත් අතර, එය වඩාත් උණුසුම් වූයේ ඊට ටික දිනකට පසුව මෙම කෘත්‍රිමව පුරවන ලද වැලි නැවත මුහුදට ගසාගෙන ගොස් තිබීම වාර්තා වීමත් සමඟය. මේත් සමගම ඇතිව තිබූ තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ, විපක්ෂ මන්ත්‍රිවරුන් මෙන්ම විවිධ පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, සාමාන්‍ය ජනතාව වැනි බොහෝදෙනා විවිධාකාරයේ වූ අදහස් දැක්වීමට යොමුවී තිබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් වූ සත්‍ය තත්ත්වය කුමක්ද යන්න තෝරා බේරාගත නොහැකි තත්ත්වයක් උද්ගත විය.
‘දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය’ ලෙස නම් කරන ලද කොටස් තුනකින් යුක්ත වූ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහාය. එම ව්‍යාපෘතිය යටතේ කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස යන වෙරළ තීරයන් සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත කොට ඇත්තේ ගල්කිස්ස වෙරළේ මීටර් 500ක්, කළුතර කි.මී. 2ක් හා රත්මලාන කි.මී. 1.5ක වෙරළ තීරයක්ය. මේ සඳහා වූ කොන්ත්‍රාත්තුව ඩෙන්මාර්කයේ රොඞ් නීල්සන් නම් පෞද්ගලික සමාගමකට ලබාදී තිබූ අතර, ඒ සඳහා රුපියල් මිලියන 889ක මුදලක් වැයකෙරිණි. මෙහි සමාරම්භක උත්සවය ‘යළි උපදින කැලිඩෝව’ නමින් පරිසර අමාත්‍ය ජයන්ත සමරවීර හා රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 29 වැනි දින කැලිඩෝ මුහුදු තීරයේදී පැවැත්වූ ආකාරය මාධ්‍ය වාර්තා කර තිබිණි.

නෙදර්ලන්තය වැනි රටවල්වල වෙරළ සංරක්ෂණය සඳහා යොදාගන්නා ක්‍රමයක් මෙහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාවට හඳුන්වාදී තිබිණි. ‘සෑන්ඞ් එන්ජින් මෙතඞ්’ නම් මෙම ක්‍රමවේදය තුළින් වෙරළ තීරයේ ඛාදනය ගැන අධ්‍යයනය කර වෙරළේ කිසියම් හැඩයකට වැලි පිරවීම සිදුවන අතර, කෘත්‍රිම ක්‍රමයකට වැලි තැන්පත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. මෙහිදී බොහෝ දුරට සිදුවන දෙය නම් මුහුදේ ගැඹුරු ප්‍රදේශයකින් කැණීම් කර ලබාගත් වැලි වෙරළේ තැන්පත් කිරීම මඟින් සමතුලිතතාවය කෘත්‍රිමව ලබා ගැනීමයි. නමුත් මෙහිදී පැනනඟින ගැටලුව වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන ආකාරයට sand engine method වැනි දියුණු ක්‍රමවේදයක් ඇත්තටම මෙහිදී උපයෝගී කරගත්තද? එසේ කළා නම් ඒ කළේ මොන වගේ අධ්‍යයනයන් තුළින්ද? ඒ අධ්‍යයනයන්වල වාර්තා එළිදැක්වුවාද? මෙයට අදාළව පාරිසරික අධ්‍යයන වාර්තා තියෙනවද? යන්නය. කෙසේ වෙතත් වර්තමානයේ උද්ගතවී ඇති තත්ත්වයත් සමඟ පෙනී යන්නේ වැලි මෙන්ම ව්‍යාපෘතිය සඳහා යෙදවූ මුදලුත් මුහුදට ගසාගෙන ගොස් ඇති ආකාරයක්ය.
මේ විදිහට මේ ව්‍යාපෘතියෙ තොරතුරු මාධ්‍යවලින් දැනගන්න ලැබෙද්දි ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් චෝදනා කළේ මේ ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු සමයේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වූවක් බවය. පසුව මේ සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටය.
“මෙය සම්පූර්ණයෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාරතමේන්තුව විසින් සැලැසුම් කරන ලද, ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක්. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ආණ්ඩුවේ තිබුණේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යටතේ. එහි ප්‍රධානියා හැටියට ක්‍රියා කළේ ඒ. ධර්මකීර්ති මහත්මයා. එය තිබුණෙ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙ පරිසර සහ සොබාවික සම්පත්, මහවැලි අමාත්‍යාංශය යටතේ. අපේ අමාත්‍යාංශයට කිසිදු සම්බන්ධයක් එහි එදා තිබුණෙත් නෑ. අදත් නෑ. කළුතර කැලිඩෝ වෙරළ, ගල්කිස්ස, රත්මලාන ආදී ප්‍රදේශවල වෙරළ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට නිශ්චිත කැබිනට් තීන්දුව අරගෙන තියෙන්නෙ 2020 ජනවාරි මාසෙ 22 වැනිදා. ඒ කියන්නෙ මේ රාජපක්ෂ පාලන කාලය යටතේ. එය ක්‍රියාත්මක කරල තියෙන්නෙ රොඞ් නීල්සන් කියන සමාගම හරහා අප්‍රේල් මාසයේදී. ධීවර ජනතාවගේ විරෝධය එල්ලවෙයි කියල ඇඳිරි නීතියට මුවාවෙලා කලබලයට තමයි මේ කටයුත්ත කරල තියෙන්නෙ. ඒ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂවරයා මාධ්‍ය ප්‍රකාශ පවා නිකුත් කරල තියෙනව. ඒව ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍යවල පළවෙලත් තියෙනවා. දැන් මේ විශාල මුදලක් වියදම් කරල පුරවපු වැලි නැවැත මුහුදට ගහගෙන ගිහිල්ල තියෙනව. ඒකට පිළිතුරක් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියල තියෙනව ඒක ස්වාභාවිකයි. නැවත ඒ වැලි ඇතිවෙනව කියල. මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙව නම් ඒක ඉතාමත් හොඳ දෙයක්. හැබැයි ඒක විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් එක්ක, විධිමත් සමාජ අධ්‍යයනයක් එක්ක, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතු දෙයක්. නමුත් කඩිමුඩුයේ, රහසේ, ශීඝ්‍රයෙන් කරන වැඩකටයුතුවල අවසානය තමයි මේ දැන් සිදුවෙමින් තියෙන්නෙ. වෙරළ සංරක්ෂණය කිරීම අතිශය වැදගත් කටයුත්තක්. ඒක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ විද්‍යාඥයන්ට අයිති කටයුත්තක්. ඒ කටයුත්ත නිවැරැදිව සිදුකරල නැත්නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් දඬුවම් විඳිය යුතුයි. ඒවාට සම්බන්ධ මහවැලි හා වනජීවී දෙපාර්තමේන්තුව භාර ඇමැතිවරයා ඒ සම්බන්ධව වගකිව යුතුයි. එයින් මුදල් හානියක් සිදුවුණා නම් පොදු දේපොළ පනත යටතේ ඔවුන්ට නඩු පැවරිය යුතුයි. මේවා පසුගිය ආණ්ඩුවට පැවැරීමෙන් සෙතක් වෙන්න නැති බව අපි මතක තබාගත යුතුයි.”
පාඨලී චම්පික රණවක මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කරද්දී තවත් බොහෝ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණා. එස්.එම්. මරික්කාර්, හර්ෂද සිල්වා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි විපක්ෂ මන්ත්‍රිවරුන් එම ස්ථානයටම ගොස් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආකාරයකුත් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර පසුගිය 02 වැනිදා වීරකැටියේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටය.
“පසුගිය යහපාලන ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකා තුනක් මේ සඳහා දමා තිබෙනවා. ඒ කැබිනට් පත්‍ර තුනෙහි අනුමැතිය අනුව තමයි පසුගිය කාලයේ එහි සංවර්ධන කටයුතු සිදුව තිබෙන්නේ. තාක්ෂණ ඉංජිනේරුවරුන් කියන විදියට ක්‍රමවේදයෙන් බැහැරව කිසිදෙයක් එහි සිදුව නැහැ. බැලූ බැල්මට අප සියලු දෙනාටම සාධාරණ සැකයක් තිබෙනවා සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය සිදුවීමක් සිදුව ඇති බවට. මේ නිසා අප ජනාධිපතිතුමාට කියනවා පැහැදිලි පරීක්ෂණයක් කරන්න. වෙරළ ඛාදනය වැළැක්වීමට අප පියවර ගන්න ඕනෑ. මෙම ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන්.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් පත්‍ර ඉදිරිපත් කළේ කවුරුන්ද. කොන්ත්‍රාත්කරුවන් තෝරාගත්තේ කවුද. තාක්ෂණ වාර්තාව දුන්නෙ කවුද. පරිසර තක්සේරු වාර්තාවක් තිබෙනවද. වෙරළ සංරක්ෂණයෙන් මෙයට අවසර දෙනකොට නිරීක්ෂණයක් කළාද. නිරීක්ෂණයක් නොකළා නම් ඇයි නොකළේ. මෙවැනි දෙයක් සිදුවුණොත් කොන්ත්‍රාත් සමාගම මේක සඳහා දෙන වගකීම කුමක්ද යන්න පරීක්ෂණයක් කළ යුතුයි. මෙ එක් පැත්තකින් මහා නාස්තියක්. වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ තියන්න බැහැ. මෙහි අකටයුත්තක් සිදුව තිබෙනවා නම් නිලධාරින් කෙසේ කීවත් ඒ පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කළ යුතුයි.”
මෙසේ මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් නොයෙක් අදහස් පළ කළද මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේ මේ වැලි සැලසුම් කළ ස්ථානවලට ස්වාභාවිකව ගමන් කරනු ඇති බවත්, එසේ ඛාදනය වීම ව්‍යාපෘතියේම කොටසක් බවත්ය. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ පිළිබඳව මාධ්‍යයට සඳහන් කර තිබුණේ මේ ආකාරටය.
“මෙම කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය සිදුකරනු ලබන්නේ වෙරළ ඛාදන තත්ත්වයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා පමණයි. රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6ක් ඈතින් වැලි නිධියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර් කියුබ් එක්ලක්ෂ පනස්දාහක් පොම්ප කරනව. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව තමයි විදේශ සමාගමකට මෙම ව්‍යාපෘත්‍රිය සිදුකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙන්නෙ. මේ සඳහා වැයවුණ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 890ක්. මේ කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය තමයි වෙරළ ඛාදන තත්ත්වයට ලෝකයේ පිළිගත් හොඳම විසඳුම.”
මේ පිළිබඳ තත්ත්වය මෙසේ වුවත් වර්තමානයේ රට මුහුණදී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි නාස්තිකාර සංවර්ධන යෝජනා හදිසියේම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ඇත්දැයි දැඩි ගැටලුසහගතය. මේ මොහොතේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාව විය යුත්තේ කොරෝනා අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට සහන ලබාදීමත්, ඔවුන්ට හොඳ ජීවන මට්ටමකින් ජීවත්විය හැකි වාතාවරණයක් රටේ ඇති කිරීමත්ය. නමුත් මේ වන විට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලින් සාමාන්‍ය පොදු ජනයාට කිසිදු සෙතක් අත්වන බවක් නම් පෙනෙන්නට නැත.

ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

දෙවනගල දෙවනත් කරන වුවමනාව කාගේද?

Next Post

වනන්තරේ හැංගුණු සමන් කුළේ අනුහස්…

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.