2015 දී යහපාලන රජය සමයේ බරපතල මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා පිහිටුවන ලද මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) නැවත පිහිටුවීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) යටතට එම ඒකකය ගෙනඒමට සැලසුම් කොට ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ FCID ය CID යටතට ගෙන එනු ලැබුවද, වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු එම අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවයි.
නව විධිවිධානය යටතේ, CID අධීක්ෂණය කිරීම සඳහා වෙනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සිටිනු ඇත.
නතර කර ඇති ඇතැම් පරීක්ෂණ නැවත පණ ගැන්වීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.
ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත්, මේ මාසය අවසන් වීමට පෙර වෙනස්කම් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.










