• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ආණ්ඩුකරණය ගැන පරිණතභාවයක් පෙන්වන්නේ නෑ කියලා දැනටම පේනවා! බය කරලා සමාජ මාධ්‍ය මර්දනය කරන්න පුළුවන්ද? දේශපාලන උද්දච්චභාවයත් අධිතක්සේරුවත් පේන්න තියෙනවා! ආචාර්ය නිර්මාල් රංජිත් කියන මේ කතාවත් අහලම බලන්න! Sri Lanka Latest News

January 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව ආණ්ඩුකරණය ගැන පරිණතභාවයක් පෙන්වන්නේ නෑ කියලා දැනටම පේනවා! බය කරලා සමාජ මාධ්‍ය මර්දනය කරන්න පුළුවන්ද? දේශපාලන උද්දච්චභාවයත් අධිතක්සේරුවත් පේන්න තියෙනවා! ආචාර්ය නිර්මාල් රංජිත් කියන මේ කතාවත් අහලම බලන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍යවල යම් යම් සාවද්‍ය තොරතුරු පළකිරීම නිසා තිදෙනකු අත්අඩංගුවට පත්වෙලා තියෙනවා කියලා පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා. මේ පිළිබඳ සාකච්ඡාවකුත් ඇතිවෙලා තිබෙනවා. මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රියාවලියේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන්. මේකෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ව්‍යාජ තොරතුරු සංසරණය වීම වැළැක්වීම සහ අධෛර්යයට පත්කිරීම. ආණ්ඩුවට සහායෝගය දීපු අය සහ ආණ්ඩුව පත්කරන්න කටයුතු කරපු පිරිස් පවා මේ ක්‍රියාව අනුමත කරලා තිබුණා. ඒ කියන විදියට උතුරේ තිබුණු සැමරුම් පිළිබඳ පැරැණි වීඩියෝ කීපයක් පළකරලා, එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් විදියට හුවාදැක්වීම සඳහා කරපු ව්‍යාජ ප්‍රචාරයක් පදනම් කරගෙන අත්අඩංගුවට ගත්තා කියන එක. ඒක පැත්තකින් තිබුණා වුණත්, බැලිය යුතු දේ තමයි මේ සමාජ මාධ්‍ය කියන ක්ෂේත්‍රය මෙවැනි ආකාරයට මර්දනයට ලක්කළ හැකි ක්ෂේත්‍රයක්ද කියන එක. (Sri Lanka Latest News)

පළමු දේ තමයි එවැනි හැකියාවක් නැහැ. එක සිද්ධියක් වාර්තා වෙන විදියට රාත්‍රී කාලයේ ගිහින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමය තුළම තිබෙනවා විශාල ප්‍රශ්නයක්. මෙවැනි දෙයක් අධෛර්යවත් කරනවා නම්, අදාළ පුද්ගලයන් හඳුනාගෙන, ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාදාමයක් ගැනීම වෙනම කාරණයක්. නමුත් මෙහි තිබෙනවා බියවැද්දීමේ ස්වරූපයක්. සමාජ මාධ්‍ය පාලනය කිරීමට, නියාමනය කිරීමට තිබෙන නරකම ක්‍රමය කියලා කියන්න පුළුවන් මේ විදියේ මර්දනකාරී ආකාරයට හැසිරීම.

මේකේ තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය හසුරුවන්න බැහැ. ඒක අපි මුලින්ම දැනගන්න ඕනේ දෙයක්. මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය මර්දනය කිරීම ආරම්භ වුණොත් එහි කෙළවරක් නැහැ. එය ආණ්ඩුවක දේශපාලන සුජාතභාවය මුළුමනින්ම විනාශ කරගැනීමේ ආරම්භයක් වන බවට කිසිම සැකයක් නැහැ. මේ ආණ්ඩුව සම්බන්ධයෙන් තිබෙන මූලික දෙයක් තමයි මේ ආණ්ඩුව මුහුණ දෙන අභියෝග විශාලයි. ආර්ථික ක්ෂේත්‍රය ගත්තාම විශාල අභියෝගවලට මුහුණ දෙනවා. මේ ආණ්ඩුවට විශාල ජනප්‍රියත්වයක් වගේම විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. ජනතාවගේ මේ අපේක්ෂා කළමනාකරණය කිරීම පහසු දෙයක් නෙවෙයි. තෙල් මිල අඩුකිරීම වගේ දේවල් යම්කිසි විදියක ජනයා අතර ජනප්‍රිය තීරණ නෙවෙයි. මේ නිසා කොහොමත් ආණ්ඩුවට පහසු කටයුත්තක් නෙවෙයි මේ ජනප්‍රියත්වය පවත්වාගෙන යෑම. එවැනි තත්ත්වයක් තුළ විශේෂයෙන් මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් ඒක බරපතළ තත්ත්වයක්.

මෙතැනදී ආණ්ඩුවේ නියෝජිතයන්ට කියන්න පුළුවන්, මේක ආණ්ඩුවේ වැඩක් නෙවෙයි කියලා. ඒක බාරගත හැකි දෙයක් නෙවෙයි. මේ සමාජ මාධ්‍ය නියාමනය කිරීම කියන එක මීට පෙර ආණ්ඩු ආරම්භ කරපු ක්‍රියාදාමයක්. මේ ආණ්ඩුවට සහාය දෙන බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරලත් තිබෙනවා. ඒ අනුව ගත්තම මේක පොලිසියේ කටයුත්තක් කියලා අත හෝදාගැනීමට කිසිසේත්ම හැකියාවක් නෑ.

මේ වගේ කටයුතුවල තියෙන පළමු දේ තමයි ඔවුන් බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට වෙන්නෙත් නැහැ. මේ වගේ ක්‍රියාවලින් මෙවැනි සාවද්‍ය තොරතුරු පැතිරීම වළක්වන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මේ යුගයේ සන්නිවේදනය පිළිබඳ, තොරතුරු ගලා යෑම පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති අය හිතන දෙයක්. අනෙක් කරුණ තමයි මේවායින් ජනයා රැවටෙනවා කියලා හිතන එක. ජනයා අවුස්සන්න පුළුවන් මේ වගේ දෙයකින් කියලා හිතනවා නම් ඒක ඊටත් වඩා සමාජය පිළිබඳ තියෙන අනවබෝධයක්. මෙවැනි ප්‍රචාර මධ්‍යයේ තමයි වත්මන් ආණ්ඩුවට ජනතාව ඡන්දය දුන්නේ. ඒ නිසා ඒක සම්පූර්ණ වැරැදි අවබෝධයක්.

දැනටමත් පේනවා මේ ආණ්ඩුව, ආණ්ඩුකරණය සම්බන්ධයෙන් පරිණතභාවයක් පෙන්නන්නේ නෑ කියන එක. විශේෂයෙන්ම මේ වගේ ආණ්ඩුවකට තියෙන අභියෝග ගත්තම විශාල දේශපාලන පරිණතභාවයක් සහ දේශපාලන ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා මෙවැනි වටපිටාවක් කළමනාකරණය කිරීමට. මම හිතන්නේ පවතින තත්ත්වය ගැන තියුණු අවබෝධයක්, තක්සේරුවක්, තමන්ට කළ හැකි දේ, නොකළ හැකි දේ, නොකළ යුතු දේ සම්බන්ධයෙන් පරිණතභාවයක් ඒ අයට තියෙන බව දැනට නම් පෙනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ දේකදී වෙන්න පුළුවන් දෙයක් තමයි පොලිසිය වගේ ආයතනයකට, අපි උපකල්පනය කරමු මේකට ඒ ආණ්ඩුවේ දේශපාලන යන්ත්‍රණය මැදිහත් වීමක් නැහැයි කියලා. සමහර විට එහෙම මැදිත් වීමක් තියෙන්නත් පුළුවන්. නමුත් අපි හිතුවොත් මේක පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් කරපු දෙයක් කියලා, ඒ පොලිසියට හෝ ආරක්ෂක අංශවලට වැඩක් නැහැනේ මේකේ තියෙන දේශපාලන ප්‍රතිවිපාක පිළිබඳ. ඒගොල්ලෝ නෙවෙයි මේකේ දේශපාලන ප්‍රතිවිපාක භුක්ති විඳින්නේ. දේශපාලන ප්‍රතිවිපාක භුක්ති විඳින්නේ එක පැත්තකින් ආණ්ඩුව, අනෙක් පැත්තෙන් ඒ ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කටයුතු කරපු පිරිස්.

මම වුණත් මේ පිළිබඳ ෆේස්බුක් හරහා යම්කිසි ප්‍රකාශයක් කළාම ඒක යම්කිසි විදියකට අපහාසයට උපහාසයට ලක්කිරීමේ නැඹුරුවක් තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. පොලිසියට ඒ පිළිබඳ සැලකිල්ලක් තියෙනවා කියලා හිතන්න අවශ්‍ය නෑ. සමහර විට ඒක හිතාමතාම කෙරෙන්නත් පුළුවන් දේවල් තියෙනවා.

අනෙක් කරුණ තමයි මේ වකවානුවේ මර්දනය කියලා කියන්නේ කලින් වගේ බියපත් කිරීම, 1980 ගණන්වල එහෙම රාජ්‍ය මර්දනය කියලා කියන්නේ වින්දිතයන්ට විශාල බියජනක අත්දැකීමක්. නමුත් අද එහෙම නෙවෙයි. අද මර්දනය කියලා කියන්නේ ඒ බියජනක අත්දැකීමක් නෙවෙයි. අද දේශපාලන ක්‍රියාවලිය තුළ ඉන්න අයට මර්දනයට ලක්වීම කියලා කියන්නේ වාසියක්. අපි දන්නවා පහුගිය ජනතා නැගිටීම තියෙන කාලේ අත්අඩංගුවට ගත්ත අය. දමිතා අබේරත්නව අත්අඩංගුවට ගත්තා ඒ කාලේ. මමත් ඒ ගැන ලිව්වා. ඇය සිනාසෙමින් තමයි අත්අඩංගුවට පත්වුණේ. මම වුණත් කැමැතියි මාව අත්අඩංගුවට පත්වෙනවා නම්. මොකද ඒකෙන් මට විශාල ප්‍රචාරයක් ගන්න පුළුවන්. ඒක විශාල දේශපාලන ආයෝජනයක්. ඒ විතරක් නෙවෙයි, ඒකෙන් ඒ ක්‍රියාකාරීත්වයන් අහෝසි වෙන්නෙත් නෑ. එවැනි අධෛර්යවත් වීම් සිදුවෙන්නෙත් නෑ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර විට ඒ පුද්ගලයා ඒක නොකර ඉන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නෑ වෙන අය නොකරනවා කියලා.

සමාජ මාධ්‍ය කියන්නේ ජාතික රාජ්‍ය තුළ ක්‍රියාත්මක වෙන්න අවශ්‍යම නෑ. ඒවා රට ඇතුළේ නීතියට හසුකර ගන්න පුළුවන් යාන්ත්‍ර ඇතුළේ පසුබිමක් ඇතුළේ ක්‍රියාත්මක වෙනවා කියලා එකකුත් නෑ. මේ දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන අය ආණ්ඩුවේ ඉන්නවා නම්, මම හිතන්නේ ඒ අයට මේ ගැන උනන්දුවක් නෑ වගේ තමයි පේන්නේ. ඒ අය හිතනවා ඇති ආණ්ඩුවට අභියෝගයක් නැහැ, විපක්ෂයක් නැහැ, මේ නිසා ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒක තමයි සාමාන්‍යයෙන් ආණ්ඩුවකට වෙන්න පුළුවන් නරකම දේ. ඒක ආණ්ඩුව තීරණය කළ යුතුයි, තමන් යන මාවත කුමක්ද කියන එක ගැන.

මෙවැනි දේ සුළුකොට තැකීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. රාජපක්ෂ ආණ්ඩුව කියලා කියන්නේ මේ ආණ්ඩුවටත් වඩා ජනප්‍රියත්වය පැත්තෙන් ගත්තම ස්ථාවර පදනමක් තිබුණු ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ස්ථාවර පදනමක් උඩ නෙවෙයි තියෙන්නේ. ඒක එක්තරා විදියක තාවකාලික ජනප්‍රියත්වයක් කියලා කියන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණා ස්ථාවර ජනප්‍රියත්වයක්. ඒක දිගටම තිබුණා. ඒ ආණ්ඩුවත් අපකීර්තියකට පත්වුණේ මර්දන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා දරපු උත්සාහයන් නිසා. ඒවා සමහර විට නොකර ඉන්නත් ඒ අයට හැකියාව තිබුණා. රාජපක්ෂ ආණ්ඩුවට නම් තිබුණා යුද්ධය අවසන් කිරීම වගේ දේවල් නිසා ඒ අයට ජීවත් වෙන්න විශාල අස්වැන්නක්. නමුත් මේ ආණ්ඩුවට ජීවත් වෙන්න එවැනි අස්වැන්නක් නැහැ. මේගොල්ලන්ට ඉදිරියේදී තමන්ගේ කටයුතු සාර්ථක ලෙස කිරීමෙන්ම පමණයි ආණ්ඩුවේ ජනප්‍රියත්වය රැකගන්න පුළුවන් වෙන්නේ.

මම හිතන්නේ ඒ අය කළ යුතු දේ, රටේ යම් ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇතිකිරීම වගේ දේවල්. එක්තරා විදියකට පෙනෙනවා දේශපාලන උද්දච්චකමක් වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන් බව මේ සම්බන්ධයෙන්. මොකද මේ වගේ විශාල බලයක් ලැබුණාම එවැනි දේවල් සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක මේ වගේ තත්ත්වයක් ක්ෂණිකව පාලනය කරගත්තේ නැත්නම් මේකේ ප්‍රතිවිපාක ආණ්ඩුවට තමයි භුක්ති විඳින්න සිදුවෙන්නේ. ඒ නිසා ඒක ආණ්ඩුව තමයි තීරණය කරන්න ඕනේ. මොකද, ජනතාව බලය දුන්නට ආණ්ඩුව කරන කණ්ඩායම තමයි තීරණය කරන්නේ තමන් මොන මානසිකත්වයක් ඇතුළේද ආණ්ඩුව කරන්නේ කියන එක. දැනටත් පේනවා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරකසභාව තමයි මේකේ බල කේන්ද්‍රය බවට පත්වෙලා තියෙන්නේ කියලා. ඒ අයගේ තරමක අධිතක්සේරුවක් තියෙන බව පේනවා තමන්ට ලැබුණු බලය පිළිබඳ. මම හිතන්නේ ඒ අධිතක්සේරුව නිසා ඒ අය විසින්ම ආණ්ඩුව අර්බුදයකට ලක්කර ගැනීමට තියෙන ඉඩකඩ වැඩී කියන එක තමයි පේන්න තියෙන්නේ.

History with Nirmal යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

යහපාලන ආණ්ඩුව පිහිටුවලා ගෝඨාගේ ආණ්ඩුව වහලා දාපු FCIDය අලුත් DIG කෙනෙක් යටතේ ආපහු එනවා! නවත්වලා තියෙන ආන්දෝලනාත්මක පරීක්ෂණ ආපහු පටන් ගන්නයි යන්නෙ! I Sri Lanka Latest News

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයට අලුත් විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් පත්කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.