• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය සාමසාධක හමුදාවත් නොමග යවමින් මුලතිව් ඝන කැලෑවේ හැංගිලා හිටපු ප්‍රභාකරන් පළමු වරට එළියට එයි! ආවේ එක වාහනයක – ගියේ තව වාහනයක! ආණ්ඩුවෙන් දැමූ ඔත්තුකාර මාධ්‍යවේදියා රහීම්ට මාට්ටු! ගිනි අවි සංකේතාත්මකව ඉන්දියාවට බාරදෙයි! Sri Lanka Latest News

January 11, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉන්දීය සාමසාධක හමුදාවත් නොමග යවමින් මුලතිව් ඝන කැලෑවේ හැංගිලා හිටපු ප්‍රභාකරන් පළමු වරට එළියට එයි! ආවේ එක වාහනයක – ගියේ තව වාහනයක! ආණ්ඩුවෙන් දැමූ ඔත්තුකාර මාධ්‍යවේදියා රහීම්ට මාට්ටු! ගිනි අවි සංකේතාත්මකව ඉන්දියාවට බාරදෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තිස් වසරක කුරිරු යුද්ධය රට වෙලාගෙන තිබූ අවස්ථාවේ අපේ රණවිරුවන්ගේ උණ්ඩයට පැරැදී මියගිය කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉන්දියානු සාමසාධක හමුදාව රැවටූ අවස්ථාවක් තිබිණි. ඒ, 1987 අගෝස්තු මාසයේ ඉන්දියානු සාමසාධක හමුදාව ඉදිරියේදී පසුබෑ අවස්ථාවක් ව්‍යාජව පෙන්නුම් කරමිනි. ආසියාවේ තුන්වැනි බලගතු හමුදාවක් ලෙස නම්දරා සිටි ඉන්දියානු සාමසාධක හමුදාව එම යුගf්ය ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව ලංකාවට පැමිණ කඳවුරු බැඳගත්තේ ප්‍රභාකරන්ව පාලනය කොට ජනතාවට සාමය උදාකරවීමටය. (Sri Lanka Latest News)

ඉන්දියානු හමුදාව සමග හැප්පෙන එක සුළුපටු නොවන බව දැනගත් නිසාදෝ ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව එම සාමසාධක හමුදාවට අවි ආයුධ බාරදීමට ප්‍රභාකරන් ප්‍රසිද්ධියේ යාපනය ජනතාවට කීවේ 1987 අගෝස්තු 05 වැනිදාය. උතුරේ ඝන කැලෑ තුළ හැංගි හැංගී ගරිල්ලා සටන් වැදුණු ප්‍රභාකරන් සහ කොටි නායකයන් එළියට ආවේ එදාය. උතුරේ ජනතාවත් ඔහු දකින්නට එදා මනිපායි සූදුමලෙයි අම්මාන් කෝවිල අසලට පැමිණියහ. ඉන්දියනු සාමසාදඛ හමුදාව ලංකාවට පැමිණ කඳවුරු බැ`1දගත් අවදියේ පලාලි සහ තමිල්නාඩු (චෙන්නායි) අතර ඉන්දියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එහෙ මෙහේ ගියේ ඉන්දියානු හමුදා භටයන් සහ උසස් නිලධාරීන් රැගෙන ඒමට සහ රැගෙන යෑමටය. යාපනය පලාලි ගුවන් තොටුපළේ වැඩි ඉඩකඩක් වෙන්වූයේද ඉන්දීය හමුදා ගුවන් යානාවලටය.

ඉන්දු-ලංකා ගිවිසුම පිළිගැනීම හැර කළ හැකි වෙන දෙයක් නොමැති බැවින් ද්‍රවිඩ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඉන්දියාව භාරගනු ඇතැයි යන විශ්වාසය මත අපි ඉන්දියානු සාමසාධක හමුදාව වෙත ආයුධ භාරදීමට තීරණය කළ බවට නිල වශයෙන් ප්‍රකාශ කරමින්, එය සංකේතවත් කරමින් ආයුධ භාරදීමට තෝරාගෙන තිබුණේ යාපනය මනිපායි සූදුමලෙයි අම්මාන් කෝවිල ආසන්න භූමි භාගයයි. එය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්කිරීමට ඉන්දියානු සාමසාධක හමුදාව මාර්ගයෙන් මාධ්‍යවෙදී පිරිස් උතුරට ගෙන්වා ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය පියවර ගෙන තිබිණි. එම මාධ්‍ය පිරිසට ‘දවස’ පුවත්පත වෙනුවෙන් මමත්, ඡායාරූප ශිල්පී ඇල්ෆ්‍රඩ් සිල්වාත්, ‘සන්’ පත්‍රයේ මාධ්‍යවේදීන් ඇතුළු දෙස් විදෙස් මාධ්‍යවේදීන් 40කට ආසන්න පිරිසක් ඇතුළත් විය. එම පිරිස උතුරට රැගෙන යෑමේ කටයුතු පැවැරී තිබුණේද ඉන්දියානු ගුවන් හමුදාවටය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය උපදෙස් දී තිබුණේ පලාලි සිට කිලෝමීටර් 18ක් දුරින් වූ මනිපායි දක්වා අප කැඳවාගෙන එන ජීප් රථවල සුදු කොඩියක් ඔසවා සලකුණු කරගෙන මාධ්‍යවේදීන් රැගෙන ආ යුතු බවටයි. ප්‍රභාකරන් එදා යාපනය ජනතාව අමතා කරන කතාව පැවැත්වීමට නියමිතව තිබුණේ සවස 4ටය. මාධ්‍යවේදීන් රැගත් ඉන්දියානු ගුවන් යානය 1987 අගෝස්තු 05 වැනි බදාදා දහවල් 12.30ට පමණ කටුනායකින් පිටත්වී පලාලි ගුවන් තොටුපළ වෙත ළඟා වෙද්දී සවස 2 පසුවී තිබිණි. එතැන් සිට සූදානමේ තිබූ සුදු කොඩි එල්ලන ලද ජීප් රථ කිහිපයකින් අපව සූදුමලෙයි අම්මාන් කෝවිල් භූමිය ආසන්නයට කැඳවා යනු ලැබිණි.

අප ගමන්ගත් මග දෙපස නවීන පන්නයේ අවිගත් එල්.ටී.ටී.ඊ. භටයන් දහසකට අධික පිරිසක් මනිපායි දක්වා වූ ගමන් මග රැකවල්ලා සිටියහ. ඒ සෑම එල්.ටී.ටී.ඊ. භටයකුම අතැති ගිනි අවි සියල්ල නවීන පන්නයේ අලුත්ම ගිනි අවි වීම ගැන මම වවිතයට පත්වීමි. ඔවුන් කිසිවකුට පිටස්තර අයකු සමග කතාබහ කිරීමට තහනම් විය. ඒ තරමට ඔවුන්ගේ නීති තද බවද පසුව දැගන්නට ලැබිණි.

අප සියලු දෙනාම කෝවිල් භූමිය අසලට යද්දී මාධ්‍යවේදීන් සඳහා වෙන්කර තිබූ කොටසේ සිට අප ඉදිරියට ආවේ එල්.ටී.ටී.ඊ. මිලිටරි ලීඩර් රහීම් නමැති අයෙකි. ඔහුට සිංහල, ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂාවන් මෙන්ම තවත් විදේශ භාෂා කිහිපයක්ම හොඳින් කතාකිරීමට හැකියාව තිබිණි. රහීම් ගැන සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ඔහු ත්‍රස්තවාදී ව්‍යාපාරයට බැඳීමට පෙර නුවර පළාතේ ප්‍රධාන පෙළේ පාරිමි පාසලක ඉගෙනගත්, ඉතා කඩවසම් පෙනුමකින් යුතු අයකු බවයි.

කොළඹ සිට ගිය මාධ්‍යවේදීන් සියලු දෙනා යාපනයට පැමිණීමට පෙර සෑම මාධ්‍යවේදියකුගේම නම, හැඩරුව සියල්ල දැන සිටි රහීම්, ඒ අවස්ථාවේ කැමරාවක් කරේ එල්ලාගෙන සිටි තරමක වයස්ගත අයකු දෙස පමණක්ම සිය උකුසු ඇස යොමුකරගෙන සිටින අයුරු දැකගත හැකි විය. අපද සිතා සිටියේ ඔහු මාධ්‍යවේදියකු කියාය. එහෙත් ඔහු ළඟට ගිය රහීම්,

‘ඔයා මාධ්‍යවේදියෙක් නෙවෙයි. ඔයා රහස් ඔත්තු සේවාවෙ නියෝජිතයෙක්. ඒක මම දන්නවා. නමුත් අපි ඔයා ගැන තරහක් නැහැ. මෙතැන වෙන දේ නිවැරැදිව රජයට වාර්තා කරන්න…’ යනුවෙන් ඔහුගේ පිටට තට්ටුවක් දමමින් සිනහමුසු මුහුණින් යුතුව කීවේය. ඔහු ළඟ සිට ආපසු හැරී අප ළඟට ආ රහීම් අපට පවසා සිටියේ,
‘අද ප්‍රභා කියන දේ මමයි ඔයාලට සිංහලට පරිවර්තනය කරන්නේ. ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂාවන් සඳහාත් දෙන්නෙක් යොදවලයි ඉන්නේ…’ යනුවෙනි.

සවස 3 පසුවෙද්දී ඉන්දීය සාමසාධක හමුදාවේ උසස් නිලධාරීන් පස්දෙනකු රැගත් ජීප් රථයක් ප්‍රභාකරන් ජාතිය ඇමතීමට ඉදිකර ඇති අඩි 6ක් පමණ උසැති වේදිකාව අසල නතර විය. ඒ අසල පනවා තිබූ විශේෂ ආසනවල අසුන්ගත් ඔවුහු ප්‍රභාකරන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිටියහ. හරියටම 5.45ට පමණ විවෘත ලොරි තුනක සිටි එල්.ටී.ටී.ඊ. භටයන් පනස් දෙනකු පමණ මැදිකරගත් අඳුරු වීදුරු සහිත ඩෙලිකා වර්ගයේ වෑන් රියක් වේදිකාව අසල නතර විය. ප්‍රභාකරන්ගේ සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ආරක්ෂක භටයන් පස්දෙනකු මැදිකරගෙන ප්‍රභාකරන් වේදිකාවට ගොඩවිය. දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ උතුරේ ජනතාව විශාල පිරිසක් කෝවිල ඉදිරිපට රැස්කකා සිටියේ කෙදිනකවත් දැක නැති ප්‍රභාකරන් දැකගන්නටත්, ඔහු රැස්වීමේදී කියන දේ අසන්නටත්ය.

එදා රහීම් සිංහල භාෂාවට පරිවර්තනය කර, මා වාර්තා කළ ප්‍රභාකරන්ගේ කතාවේ මෙසේද සඳහන් කොට තිබිණි.
‘මෙම ගිවිසුම මගින් අපගේ ජනතාවගේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුම් ලැබේදැයි අපට සැක ඇතිවිය. මේ නිසා ගිවිසුම පිළිගත නොහැකි යැයි අපි ඉන්දීය රජයට පැහැදිලිව ගෙනහැර දැක්වීමු. එහෙත් අපි පිළිගත්තත් නොපිළිගත්තත් මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව අධිෂ්ඨන කරගෙන සිටියා. ඉන්දියානු රජයයේ ස්ථාවරය පිළිබඳ අප පුදුම වන්නේ නැහැ. අද අපගේ විමුක්ති අරගලයේ මහා පරිවර්තනයක් ඇතිවී තිබෙනවා…’

පැය භාගයක පමණ උතුරේ ජනතාව ඇමතූ ප්‍රභාකරන් වේදිකාවෙන් බිමට බැස තවත් කොටි නායකයන් කිහිප දෙනකු ලවා සංකේතාත්මකව ගිනි අවි කිහිපයක් එහි පැමිණ සිටි සාමසාධක හමුදාවට භාරදෙන ලදී. ඒ සමගම එතැනට පැමිණියේ ප්‍රභාකරන් රැගෙන ආ වහනය නොව වෙනත් වෑන් රියකි. එයට නැඟුණු ප්‍රභාකරන් සහ ආරක්ෂක භට පිරිස රැගත් අනෙකුත් විවෘත ලොරි රථ වෙනත් මාර්ගයකින් කැලෑවැදී නොපෙනී ගියේය.

1987 අගෝස්තු 05 වැනිදා යාපනයේ සිට වාර්තා කළ එම සිද්ධිය පසු දින වූ අගෝස්තු 06 වැනිදා ‘දවස’ ප්‍රධාන පුවත වශයෙන් පළකිරීමට හැකි වීම මා ලද තවත් විශේෂ මාධ්‍ය අත්දැකීමකි. මෙය ප්‍රභාකරන්ට ප්‍රශස්ති ගැයීමක් නොව, ප්‍රභාකරන් එකල ඉන්දියානු සාමසාධක හමුදාව නොමග යැවූ ආකාරය විදහා දක්වන අවස්ථාවකි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

බැසිල්ගෙ සල්ලි හංගපු තැන් දිගට හරහට හොයනවා! I Sri Lanka Latest News

Next Post

යල කන්නයේ පොහොර සහනාධාරයට ගොවීන්ට දෙන්න තිබූ කෝටි 116ක වව්චර් පත් ලක්ෂ 2ක් අවලංගු වෙලා! Sri Lanka Latest News

MORE NEWS

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

Load More
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

පියකරු මුහුණකට කවුරුත් ප්‍රිය කරති. එවැනි අයකු දකින හැම විටෙකම කෙනකු අව්‍යාජයෙන් සිනාසෙයි. එවැන්නකු තමන් පියමංකර යනෙන විට ආපසු හැරී...

Read more
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.