හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නීතිවිරෝධීව වත්කම් උපයාගෙන අමෙරිකාවෙන් ගෙයක් අරන් තිබෙන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 2022 වසරේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
මෙම ප්‍රකාශය කළේ කොහොමද, මොන දත්ත පදනම් කරගෙනද, කවුද තොරතුරු ලබාදුන්නේ, කවුද එම තොරතුරු තහවුරු කලේ, ඒ සම්බන්ධයෙන් ඡායාරූප තියෙනවද, තවත් රහසිගත සාක්ෂි තියනවද යන්න මුල සිට අගට සියලු තොරතුරු සෙවීමට CIDයට මේවනවිට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනවාරි මස (03) වනදා පැමිණෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට දැනුම් දී ඇති බව වාර්තා වේ.










