වක්කඩේ හදන තැන සිට ජනතාව බත් කට කුසට දමා ගන්නා මොහොත දක්වා සහල් සම්බන්ධයෙන් මෙරට දැවැන්ත ඒකාධිකාරයක් ක්‍රියාත්මක වන බවද එම ඒකාධිකාරය මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව පවා ආක්‍රමණය කර ඇති බවට සැක මතු වන බවද සමස්ත ලංකා සහල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත බණ්ඩාර අත්තනායක මහතා පවසයි.Sri Lanka Latest News
රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සම්බන්ධයෙන් මතු වී ඇති මෙම ගැටලුව විසඳීමට රජයට සැබෑ වුවමනාවක් ඇත්නම් කළ යුත්තේ කඩා වැටීමකට ලක් කරමින් ඇති රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ව්‍යාපාර ආරක්ෂා කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීම බවද ඒ මහතා පවසයි.
නිශාන්ත අත්තනායක මහතා මේ බව සදහන් කළේ පෙරවරුවේ මහනුවර දී මාධ්‍ය හමුවකට එක් වෙමිනි .
පසුගිය කාලයේ රටේ ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ රටපුරා සාර්ථකව පවත්වා ගෙන ආ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් එක් දහස් හාරසිය ගණනින් හත්සියයක් පමණ කඩාවැටීමකට ලක් වී ඇති අතර මහ බැංකුව ක්‍රියාත්මක කරන අහිතකර තීන්දු තීරණ හේතුවෙන් එම හාල් නිෂ්පාදකයන් කබලෙන් ලිපට වැටී ඇති බවද මෙම තත්ත්වය රටේ සහල් වෙළඳාමේ තිබූ සමබරතාව බිඳ දැමීමට හේතු වූ බවද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් නිශාන්ත අත්තනායක මහතා පැවැසීය.
තව දින කිහිපයකින් රටේ වගා කන්නයක වී අස්වනු නෙළීම ආරම්භ වන බවද ඊට පෙර මෙම කඩාවැටීමකට ලක් කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් යළි ක්‍රමවත්ව පවත්වා ගෙන යාම සදහා වාර්ෂික ණයක් ලබාදීමට රජය පියවර ගත යුතු බවද එහිදී දැනට බැංකු විසින් අසාදු ලේඛන ගත කර ඇති මෝල් හිමියන්ට සහන හිමි කර දී ඔවුන්ට යළි ව්‍යාපාර ආරම්භ කර වෙළෙඳපොල තුල සහල් වෙළදාමට සෘජු ලෙස මැදිහත් වීමේ අයිතිය ලබා දිය යුතු යැයිද එසේ නොමැති වුවහොත් ඉදිරියේදී මුළු රටටම බඩගින්නේ මිය යාමට සිදු වන බවද ඒ මහතා පැවැසීය.
වැඩිදුරටත් සිය අදහස් දැක්වූ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති වරයා!
ඉතිහාසය පුරා දෙපැත්ත මාරු වුණ ආණ්ඩු වෙනුවට දැන් අලුත් වෙනස්කම් සහිත ආණ්ඩුවක් බලයට පත් වෙලා තිබෙනවා.නමුත් තිබුණු ආණ්ඩු වලට වගේම රටේ සහල් ප්‍රශ්නය විසදීමට මේ ආණ්ඩුවටත් බැරි වෙලා තිබෙනවා.රටේ කෘෂිකර්ම හා වෙළෙඳ දත්ත අනුව රටේ සහල් තිබෙනවා නම් වෙළෙඳ පොලට ඒවා නොඑන්නේ ඇයි,රටේ ජනතාව පරිභෝජනය කරන සහල් සඳහා ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් රටේ තිබෙන බව කිව යුතුයි.එසේ නම් මේ ගැටලුව හට ගන්නේ කොහොමද,අපි මේ කියන ඒකාධිකාරියේ බලපෑම නිසයි එසේ සිදු වන්නේ.රටම පීඩාවට පත් කරන පැවැති හැම ආණ්ඩුවක්ම අසීරුවට පත් කළ මේ ඒකාධිකාරය ආරම්භ වන්නේ 1994 න් පසුවයි.මම මේ ගැන 2009 දී බලධාරීන්ට පෙන්වා දුන්නා.විශාල සහල් ඒකාධිකාරයක් රටතුල ගොඩ නැගෙනවා.ඊට නිදහසේ වර්ධනය වෙන්නට ඉඩ හැරියහොත් වැඩි කාලයක් නොගොස් රටම අමාරුවේ වැටෙන බව මම පෙන්වා දුන්නා.ඒ නිසා අපි කියන්නේ දැන්වත් මේ ගැටලුවේ තරම හරි හැටි තේරුම් ගන්න.පසුගිය ආණ්ඩු වගේ මේ ප්‍රශ්නය විසදීම වැරැදි තැනින් අල්ලා ගත්තොත් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවත් අමාරුවේ වැටෙනවා. අපි මේ ප්‍රශ්නය පිළිබඳව හොදින් දන්නා පිරිසක්.ඒ නිසා අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නේ අපිත් එක්ක සාකච්ඡා කරමු.අපි විසඳුම කියන්නම්!
කැන්ඩි ප්‍රයිම් නිව්ස්










