කොමර්ෂල් බැංකු සන්නාමයේ ශක්තිය නැවත වරක් තහවුරු කරමින් බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2020 වසරේ ශ්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකුව සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකු සන්නාමය නම්කර තිබේ. මේ අතර, ශ්‍රී ලංකාවේ සියලුම සන්නාම අතර හතරවන ස්ථානයට කොමර්ෂල් බැංකු සන්නාමය බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරාගෙන තිබෙන අතර මෙම ලැයිස්තුවේ තිබෙන ප්‍රමුඛතම ආයතනික සන්නාම 10 අතුරින් වැඩිම සන්නාම වටිනාකම් වර්ධනයක් ලබාගත් සන්නාමය බවටද කොමර්ෂල් බැංකු සන්නාමය පත්වී ඇත.
බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් 2020 වඩාත්ම වටිනා සන්නාම 100 ලැයිස්තුවේ හතරවන ස්ථානය මෙවරත් එලෙසම පවත්වා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර මෙම කීර්තිමත් වර්ගීකරණය ආරම්භ කළදා පටන් ප්‍රමුඛතම සන්නාම 10 අතරට පැමිණීමට හැකි වීම කැපී පෙනේ. බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකු සන්නාමය සඳහා 2020 වසරේදී රුපියල් බිලියන 44ක සන්නාම වටිනාකමක් ගණනය කර තිබෙන අතර එය ගිය වසරේ වටිනාකමට වඩා 18%ක වර්ධනයකි. මෙයින් පිළිඹිබු වන්නේ කොමර්ෂල් බැංකු සන්නාමය ගොඩනැංවීමේ කටයුතු අඛණ්ඩවම ප්‍රගතියක් පෙන්වා තිබෙන බවයි.











