• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද ‘තර්ටි ෆස්ට් නයිට්’ එකට ගෝල්ෆේස් එකට ලක්ෂ ගාණක් එනවා! පාරවල් ගොඩක් වහලා! වාහන දාන්න පුලුවන් මේ තැන්වල විතරයි!  I Sri Lanka Latest News

December 31, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
අද ‘තර්ටි ෆස්ට් නයිට්’ එකට ගෝල්ෆේස් එකට ලක්ෂ ගාණක් එනවා! පාරවල් ගොඩක් වහලා! වාහන දාන්න පුලුවන් මේ තැන්වල විතරයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 නව වසර උදාව නිමිත්තනේ අද (31) දිනයේ ගාලු මුවදොර පරිශය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහක්ව ඇත්තේ අද දිනයේ කොළඹ නගරය වෙත පිට පළාත්වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථ වාහන ප්‍රමාණයක් ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බවය.

මේ හේතවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොම්පඥවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බවය.

ඒ අනුව අද දින ගාලු මැද පාර පිහිටි නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර සියලුම රථවාහන පහත සඳහන් පොලිස් වසම්වල පිහිටි නිදහස් රථ ගාල් සහ පුද්ගලික රථගාල් වෙත යොමු කිරීමට සැලමුම් කර තිබේ.

එම රථවාහන සැලැස්ම පහළින්,

මුදල් අයකිරීමක් සහිත පුද්ගලික රථගාල් පිහිටි ස්ථාන

  • පිටකොටුව – බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල
  •  කොටුව – විමලධර්මසූරිය ඔරලෝසු කණුව අසල – චාමන්ස් රථ ගාල
  • රාසික් ෆරීඩ් මාවත – හේමාස් රථගාල
  • ඩී.ආර්. විජේවර්ධන මාවත – ලේක් හවුස් රථගාල
  • කොම්පඤ්ඤ වීදිය – යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාල
  • මරදාන – ගාමීණී වට රවුම St Clement රථගාල

පහත සඳහන් නිදහස් රථගාල් සහ මාර්ග දෙපස, මුදල් අයකිරීමකින් තොරව අවහිරතා ඇති නොවන පරිදි රථවාහන ගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.

  • කොටුව පොලිස් වසමේ බාල දක්ෂ මාවත MOD රථගාල
  • කොල්ලුපිටිය පොලිස් වසමේ මුහුදු බඩ මාර්ගය
  • කොටුව හා මරදාන පොලිස් වසම්වල D.R. විජේවර්ධන මාවත
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාසන්ස් පාර පිට වීමේ තීරුව පමණක්
  • කොටුව පොලිස් වසමේ ලේඩින් බැස්ටියන් මාවත
  • කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය
  • කොටුව පොලිස වසමේ ඩියුක් වීදිය
  • ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථවාහන නැවතුම් ස්ථාන (Parkaing Bays) වල පමණක්
  • කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වට රවුම දෙසට ඇතුල් වීමේ තීරුව (වම්පස)
  • කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ්.ආර්. සේනානායක මාවත.
  • කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත හන්දියේ සිට රීඩ් මාවත, තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස
  • කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා මාර්ගයේ දකුණු පස
  • කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස
  • කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතනය පාර

හෙට දිනයේ මෙම කලාපයේ ඇති වන රථවාහන අවහිරතාව මගහැරවීම සඳහා සවස 4.00 සිට ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිතව පහත සඳහන් පරිදි රථවාහන ගමනා ගමනය සිදු කිරීමට සලස්වනු ලබයි.

කොළඹින් පිට වන බර වාහන හා බස් රථ සෙරමික් හන්දියෙන් රීගල් හන්දිය ඔස්සේ ඩී.ආර්. විජේවර්ධන මාවත සහ චිත්තප්පලම් ඒ. ගාර්ඩ්න් මාවතෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට යොමුකර සැහැල්ලු වාහන සෙරමික් හන්දියෙන් ලෝටස් පාර, එන්. එස්. ඒ වටරවුම, ගාලු මැද පාර එම්. ඕ. ඩී හන්දියට පැමිණ බාල දක්ෂ මාවත ඔස්සේ අලියා නාන වටරවුම, උත්තරානන්ද මාවත, ශාන්ත මයිකල් වටරවුම, ලිබර්ටි වටරවුම දෙසට පිට වීම.

ගාලු මුවදොර පිටිය දෙසට ඇතුළු වන බර වාහන හා බස් රථ කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවත ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය, ඩාර්ලි පාර, මරදාන පාලම හන්දිය, කාර්මික විද්‍යාල හන්දිය, ඔස්සේ කොළඹට ඇතුළුවීම සිදු කරනු ලබන අතර සැහැල්ලු වාහන කොල්ලුපිටිය හන්දිය, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මාවත, ලංකා බැංකු මාවත ඔස්සේ ඇතුළුවීම සිදුකරනු ලබයි.

මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයක් අවහිර වන සේ කිසිඳු වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර මෙම රථවාහන නීති උල්ලංඝනය කරනු ලබන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවත් පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.

SendShareShare
Previous Post

අදත් ජනපති පාතාලය ගැන-හිරගෙවල් ඇතුළෙ වෙන කුඩු ජාවාරම ගැන කතා කරන්න විශේෂ සාකච්ඡාවක් කැඳවයි! බලමු දැන්වත් පොලිසිය මේ පිළිලය අවසන් කරයිද කියලා! ඒ එක්කම ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නග්ගන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැනත් කතා කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

‘පැරදුණා නම් හු.. ගෙදරට වෙලා හිටපන් කියලා මට කෙනෙක් වැලමිටෙන් ඇන්නා!’ කුණුහරුප කියාගෙන.. කෑ ගහගෙන.. හූ සද්දේ මැද්දේ එළියට යන්න වුණු කොළඹ පාටිය ගැන හරීන් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

Load More
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සුවිශේෂ හමුවක්...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.