• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජ කාලෙට පස්සෙ ආණ්ඩුව පොසොන් උත්සවයට කරපු දේ…

June 4, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
රජ කාලෙට පස්සෙ ආණ්ඩුව පොසොන් උත්සවයට කරපු දේ…
Share on WhatsAppShare on Facebook

රජ සමයෙන් පසුව පළමු වතාවට රාජ්‍ය පොසොන් උත්සවයක් ප්‍රකාශයට පත්කර සමරනු ලබන්නේ මෙවර පොසොන් පොහොය දිනයේ දී බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළේ ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව සහ රාජ්‍ය පොසොන් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ මිහින්තලා පූජා භූමියේදී පැවැති උත්සවය අමතමිනි.

ඒ අනුව මිහින්තලා විදුලි ආලෝක පූජාවේ පළමු දිනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද දින ඒකාලෝක විය.

රාජ්‍ය පොසොන් උත්සවය අමතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.

“ලේක්හවුස් ආයතනය මගින් සංවිධානය කරනු ලබන 58 වැනි මිහින්තලා ආලෝක පූජාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ ශ්‍රී බුද්ධවර්ෂ 236 දි. ඒ කියන්නේ මීට වසර 2328 කට පෙර. ඒ වෙනකොට ලංකාවේ තිබුණේ විවිධ ඇදහිලි හා විශ්වාස පදනම් කරගත් ජන සමාජයක්. එදා මෙම ස්ථානයේ මිස්සක පර්වථයට වැඩම කළ මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවේ පාලකයාව සිටි දෙවන පෑතිස් මහරජතුමන්ගෙන් පරිසරය ආශ්‍රිත බුද්ධිමය ප්‍රශ්න කිහිපයක් ඇසුවා. රජතුමා එයට සාර්ථකව පිළිතුරු දුන් නිසා චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරලා අපේ රටට නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශනය බෙදා දුන්නා. ඒ සමගම අපේ ජන සමාජය අස්සක් මුල්ලක් නෑර බුදු දහම පැතිරිලා නිර්මාණශීලී බුද්ධිමත් ජන සමාජයක් මේ රටේ බිහි වීමට ඒ ධර්මය උපකාරී වුණා.

ඊට පස්සේ තමයි අප ජන සමාජයේ හා රටේ ගුණ ධර්ම දියුණුව සංස්කෘතික දියුණුව ආර්ථික දියුණුව මේ හැම දෙයක්ම සිදු වුණේ. ඒ විතරක් නෙවෙයි ලෝකයේ ප්‍රචලිත මහා විශ්මිත කලා ශිල්ප බිහි වුණා. මහා වැව් අමුණු බිහි වුණේ උන්වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව. අපේ මුතුන් මිත්තන් කොච්ච්චර දක්ෂ වුනාද කියනවනම් වනයේ තිබුණු මහා කළු ගල් වලට දයාව කරුණාව මෛත්‍රිය යන ගුණාංග ඉස්මතුවන ආකාරයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළා. මිනිස්සුන්ගේ හදවතේ තිබුණු සියලු දුක් කම්කටොලු නැති කිරීමට එම මහා ප්‍රතිමාවලට හැකි වුණා. මහා සාගරය පරදන මහා වැව් ඇති වී ආර්ථිකය ශක්තිමත් වුණෙත් නිර්මල බුදු දහම ලැබීමෙන් පසුව. ලංකාව එක්සේසත් කල මහා නරපතියෝ, වීරෝධාර සෙන්පතියෝ, ශ්‍රේෂ්ඨ මහා කලාකරුවෝ ඇති වුණේ මහින්දාගමනයෙන් පසුව.
අපේ අතීත සමාජය ඇලට දොලට, ගහට කොළට, සතා සීපාවට මහත් කරුණාවක් ආදරයක් දක්වන්න පුරුදු වුණා. අද සමාජයේ විද්‍යාවේ දියුණුව ගැන කොතරම් ඉහලින් කතා කළත් සාරධර්ම, ආධ්‍යාත්මික ගුණය පහල මට්ටමකට ඇදවැටිලා කිව්වොත් ඒක නිවැරදියි කියලා මම විශ්වාස කරනවා. මිනිස්සුන්ට අවශ්‍ය කෙසේ හෝ ආර්ථික දියුණුවට පත්වීමටයි. නමුත් අපේ රටේ සියලුම සම්පත් සහ ගහකොළ සැම එකක්ම ආරක්ෂා කිරීමට අප බැදී සිටිනවා. අපේ මුතුන් මිත්තන් තමන්ගේ ජීවිත පරදුවට තියලයි මේ දේවල් ආරක්ෂා කළේ. ඉතිහාසයේ මේවා ආරක්ෂා කළ නිසා තමයි අද අපිට ඇවිල්ලා මේ දේවල් කතාකරන්න දැකගන්න අවස්ථාව ලැබෙන්නේ.
හාමුදුරුවනේ මම නිවැරදියි නම් මේක තමයි රජ කාලයෙන් පස්සේ රාජ්‍ය පොසොන් උත්සවයක් පවත්වන පළමුවැනි අවස්ථාව. මීට කලින් පොසොන් උත්සව පවත්වලා තිබුණත් රාජ්‍ය උත්සවයක් ලෙස නම් කරලා සමරනු ලබන්නේ අද. ඒ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට අපගේ ගෞරවය පිරිනමන්න ඕනේ.
වෙනත් වර්ෂ වල අනුරාධපුරයේ පමණක් නොවෙයි, දකුණේ පවා වෙහෙර විහාරසථානවල හා ඒ සම්බන්ධ ගැමි ජනතාව පොසොන් උත්සවය මහා ඉහළින් සමරන්නට කටයුතු කළා. නමුත් මේ වර්ෂයේ මුළු ලෝකයම භීතියට පත් කරපු COVID – 19 වසංගතයඅප රටේ ද පැතිරිච්ච නිසා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් මත අපි හැමෝටම කටයුතු කරන්න සිදු වුණා. නැත්නම් අද මිහින්තලාව දකින්න ලැබෙන්නේ මේ විධියට නෙමෙයි. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පසුගිය කාලයේ කරපු සේවය අපි අගය කරන්න ඕනේ. ලෝකයේ අනෙක් දියුණු රටවල් දිහා බලද්දි මේ වසංගතය පාලනය කරන්න ඔවුන් දැක්වූ සහයෝගය අපි අගය කරන්න ඕනේ. තව ටික කාලයක් සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපිට ඉතා ඉක්මනින්ම පුරුදු ජීවන රටාවට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපේ ජනතාවට ඒ ශක්තිය තිබෙන බව ජනතාව අපට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒ සදහා අපිට අවශ්‍ය ශක්තිය තියෙනවා. ලෝකයේ වගේම අපේ රටේ ඇතැම් නායකයන් අවසන් කරන්නට බැහැයි කියපු එසේම බිය වෙච්ච තිස් අවුරුදු යුද්ධය අවසන් කරලා රටට ශක්තිමත් අඩිතාලමක් ලබා දුන්නේ අපේ ඉදිරි දැක්මත් මනා කැපවීමත් දර්ශනයත් නිසා.
මෙවර වෙසක් උත්සවය සැමරුවා වගේම පොසොන් උත්සවයත් තම තමන්ගේ නිවෙස් වල සිටම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී වත් පිළිවෙත් වල යෙදෙන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. අවසන් වශයෙන් මිහින්තලා පුදබිම සංවර්ධනයේදී වර්තමාන නියමුවාණන් වහන්සේ ලෙස කටයුතු කරන ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මෙම උත්සවය සාර්ථක කරගැනීම සදහා කටයුතු කල සියලු දෙනාට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා”
මිහිඳු මහරහතන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට සහ උන්වහන්සේගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව රාජ්‍ය පොසොන් උත්සවය නිල වශයෙන් ආරම්භ විය. ඩී.ආර් විජේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව 1962 වර්ෂයේ සිට අඛණ්ඩව 58 වන වරටත් පැවැත්වෙන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ආලෝකමත් වූ අතර, මෙවර ලංකා විදුලිබල මණ්ඩලය එහි සම දායකත්වය දරනු ලැබීය.
රාජ්‍ය පොසොන් උත්සවය අමතා අනුශාසනා දේශනාව සිදු කළ මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පනස් වසරක දේශපාලන දිවියට සහ ලෝකවාසී සියලු ජනතාවට ආශීර්වාද එක් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත්, අනුරාධපුර මහදිසාපති ආර්.එම් වන්නිනායක මැතිතුමා, බුද්ධශාසන සහ සංස්කෘතිත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

කුරුණෑගල කෙනෙක් ගෝඨාගේ අස්සන ගහලා

Next Post

අනුරාධපුරයටත් කොරෝනා රෝහලක් (PHOTOS)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.