කතානායකවරයකු ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න විපක්ෂයක් ලෙස සමූහයත් සමග සාකච්ඡා කර තීන්දු තීරණය ගන්නා බවත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සෙසු පක්ෂ සමග ද කතා කර තීන්දු තීරණ ගන්නා බවත් මන්ත්‍රීවරුන්ගේ මතවලට ඇහුම්කන් දී ගරු කර එකමුතුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
පක්ෂයේ විවිද අදහස් යෝජනා ඇති බවත් විපක්ෂයේ තවත් පක්ෂ ගණනාවක් ඇති නිසා ඔවුන් සමග ද සාකච්ඡා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එසේ ම විවිධ පුද්ගලයන්ගේ සුදුසුකම් ව්‍යාජ නොවිය යුතු බවත් අවංකව ඒ සියල්ල ඉදිරිපත් විය යුතු බවත් වැරදි ආකාරයට සුදුසුකම් ඉදිරිපත් කර ජනතාව මුලා කිරිම වරදක් බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










