2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.Sri Lanka Latest News
රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊයේ (05) සහ අද ඒ සඳහා වූ විවාදය පාර්ලිමේන්තුවේ දී පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්විණි. ඒ අනුව අද පැවති විවාදයෙන් අනතුරුව, අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.








