ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. (Sri Lanka Latest News)
එම පමාවට හේතු හඳුනාගෙන ඊට පිළියම් යොදමින් සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වගා කර ඇති හැම ගොවියකුටම අනිවාර්යයෙන් පොහොර සහනාධාරය ලබා දෙන බව සඳහන් කළේය.
බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යයේ 28 පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මෙවර හෙක්ටයාර අට ලක්ෂ පනස්දහසක් දක්වා වගා කර තිබෙන අතර එම සියලුම ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000 බැගින් පොහොර සහනාධාරය ලබා ලබා දෙන බවද කරුණාරත්න මහතා කීය.ඒ සඳහා රුපියල් මිලියන 20000කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි නාමල් කරුණාරත්න මහතා කීය.











