බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සුපිරි වෙළඳ සල් වල නියෝජිතයින් සහ ආණ්ඩුකාරතුමා අතර හමුවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News
බස්නාහිර පළාත තුළ සුපිරි වෙළඳසැල්වල වැසිකිලි පද්ධති මහජනතාවගේ ප්‍රයෝජනය සඳහාද විවෘත කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් ඒවායේ නියෝජිත මහත්වරුන්ගෙන් කරන ලද ඉල්ලීමට ඔවුන්ගේ එකඟතාවය පලකරන ලදි.
ජනාධිපතිතුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ජනතා සුබවාදී වැඩපිළිවෙලට අනුව මේ හමුව පැවති අතර ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේ වෙළඳසැල් ආශ්‍රිතව කුණු කසල බැහැර කිරීම නිසි ආකාරයෙන් සිදුකරන ලෙසත් වෙළඳසැල් තුළට විවිධ පාරිභෝගික හිතසුව පිණිස අවශ්‍ය වටපිටාව සකසන ලෙසත් ය.
සුපිරි වෙළඳසැල් කීපයක් හෝ තෝරගත් ප්‍රදේශ ආශ්‍රිතව පැය 24ම විවෘත කර තැබීමේ වැදගත්කම මෙහිදී ආණ්ඩුකාරතුමා අදාළ නියෝජිතයින්ගේ අවධානයට යොමු කළ අතර. ඒ පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කොට තීන්දුවක් ලබා දෙන බවට සහතික විය.
















