හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. Sri Lanka Latest News
2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු සැකකරුවකු වශයෙන් නම්කර සිටියි.
අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.










