• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙගා කියන්නෙ හෝද හෝද අඳින එකම ඇඳුමක්

May 30, 2020
in Heart
Reading Time: 1 min read
A A
මෙගා කියන්නෙ හෝද හෝද අඳින එකම ඇඳුමක්
Share on WhatsAppShare on Facebook

මහේන්ද්‍ර පෙරේරා යනු සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයේ සෑම අංගයකින්ම හිණිපෙත්තට පැමිණි විශිෂ්ටයෙකි. එමෙන්ම මහේන්ද්‍ර පෙරේරා යනු ඕනෑම දෙයක් කෙළින් කතා කරන චරිතයකි. කොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත කලා ලෝකය නිහඬව ඇති මොහොතක ලංකාවේ කලාව පිළිබඳ මහේන්ද්‍ර පසුගිය දිනක හඬ අවදි කර තිබුණි. ඒ TALK WITH SUDATHTHA යූටියුබ් නාළිකාව සමඟිනි. එහිදී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව පිළිබඳව මහේන්ද්‍ර තම අදහස සෘජුව ඉදිරිපත් කර තිබුණි. මේ ඒ සංවාදයේදී පළවූ අදහස් කිහිපයකි.

කොහොමද මේ දවස්වල?
මේ දවස්වල ඉතිං ලෝකයේ ඉන්න හැමෝටම වෙලා තියෙන දේ මටත් සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමටත් පහුගිය කාලේ වැඩ ටිකක් අඩු වෙලා තිබුණු හින්දා ගෙදර වැඩියෙන් හිටියා. එහෙම ඉඳගෙන අනිත් අය කියන දේවල් දිහා බලාගෙන මම මං ගැන කල්පනා කළා.
අපි කලාව ගැන කතා කළොත්?
කලාව ගැන හිතා ගන්න බැරුව ඉන්නේ මේ දවස්වල.
ටෙලි නාට්‍ය නම් දැන් රූගත කිරීම් පටන් අරගෙන තියෙන්නේ?
කොරෝනා එන්න කලින් ටෙලි නාට්‍ය දෙකකයි, චිත්‍රපට දෙකකයි වැඩ පටන් ගන්න ඔන්න මෙන්න තිබුණේ. දැන් ඉතිං කවද පටන් ගනියිද දන්නේ නැහැ. මම කරගෙන ගිය වැඩමුළු ඔක්කොම ඉවරයි. සිනමාව නම් ආයෙ කවද ගොඩ එයිද කියලා හිතා ගන්න බැහැ. මම හිතන්නේ කේන්දර බලන අයටවත් ඒක හිතා ගන්න බැහැ.
කොරෝනා අමතක කරලා ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
මෙහෙමයි. මම මෙගාවලට විරුද්ධයි. මම කොහොමටවත් මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්න යන්නේ නැහැ.
මෙගා කියන එක කොහොමද හඳුන ගන්නේ. මෙගා නාට්‍යයකට කොටස් කීයද?
මෙගා නාට්‍යයකට කොටස් 1000ක් තිබුණත් කමක් නැහැ. ඒත් දවස් පහම ඒකට බදා ගන්න එපා. හරිම ආත්මාර්ථකාමී වැඩක් ඒක. අවුරුදු දෙකක් විතර සතියේ දවස් පහම මම බදාගෙන ඉන්නවා. තුන් හතර දෙනෙක් මේ බෙල්ට් අල්ලගෙන ඉන්නවා. එතකොට එකම ඇඳුමක් ඇඳගෙන හිටියා වගේ. කලාව එපා වෙනවා. දැන් මම මෙහෙම දෙයක් අහන්නම්. සතියේ දවස් පහම කෝපි කඬේ පෙන්නුවා නම් මොන වගේ වෙයිද? අවුරුදු ගානක් එහෙම වුණා නම් මොකද වෙන්නේ? රටේ රස වින්දනය ඉවරෙට ඉවරයිනේ. කෝපි කඬේ හෑල්ලු කරනවා නෙවෙයි. ඒ ගොල්ලෝ අවුරුදු ගණනාවක් ඒක අල්ගෙන යනවා. ඒ සතියට එක දවසක් විතරක් පෙන්වන හින්දා. කලාව එහෙම කරන්න බැහැ. අඩු ගානේ සතියට දවස් දෙක ගානේ වත් දුන්නොත් තව කිහිප දෙනකුට ටෙලි නාට්‍ය කරන්න අවස්ථාව ලැබෙනවා. රස වින්දනය විනාශ වුණාම රටක අධ්‍යාත්මය විනාශ වෙනවා.
ඒත් ඒවට ලැබෙන ප්‍රතිචාර වැඩිනේ?
මං ඒකට නාළිකාවලට තමයි දොස් කියන්නේ. අඩු ගානේ සතියට දවස් දෙක ගානේ එක්කෙනකුට දුන්නොත් තව විස්සකට තිහකට ටෙලි නාට්‍ය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අය විවිධ නළු නිළියෝ තෝරාගෙන නාට්‍ය කරයි. එතකොට ඒ හැමෝටම වැඩ තියෙනවා. මම මේක රජයට කියන්නේ. දැන් කසිකබල් කොරියන් නාට්‍ය, ඉන්දියන් නාට්‍ය ගෙනල්ලා දෙබස් කවලා මෙහෙ පෙන්වනවා. දැන් ඒවයින් බිහි වෙන්නේ හඬ කැවීම් ශිල්පීන් විතරයි. කිසිම දවසක නළුවෙක් බිහි වෙන්නේ නැහැ. නිළියක් බිහි වෙන්නේ නැහැ. කතා රචකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් වගේ කවුරුත් බිහි වෙන්නේ නැහැ. අපේ මිනිස්සු හතර පස් දෙනකුගේ ටෙලි නාට්‍ය අවුරුද්ද පුරාම බලනවා. දැන් ගොඩ දෙනෙක් ඒ නාට්‍ය බලන්නේ නැහැ. කාගෙන් හරි කතාව අහ ගන්නවා. එච්චරයි. කලින් කිව්වා වගේ එකම ඇඳුමක් ඇන්දා වගේ වැඩක්.
අපේ ශිල්පීන්ට වැඩ නැත්තෙත් ඒ හින්දද?
ඔව්. දැන් අපේ රටේ දක්ෂ නළු නිළියෝ ඉන්නවා. අපේ රටේ හොඳ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්න කට්ටිය ඉන්නවා. අධ්‍යක්ෂණය කරන්න කට්ටිය ඉන්නවා. ඒත් වැඩ නැහැ. හරියට අපිට පාර්ටි එකකට අඳින්න ඕනෑ තරම් ඇඳුම් තියෙනවා. ඒත් යන්න පාර්ටි නැහැ. අන්න ඒ වගේ වැඩක්. මම කියන්නේ මේක බෙදලා දෙන්න. ඒ දවස්වල කරගෙන ආව ටෙලි නාට්‍ය දෙස බලන්න. ආසියාවේ හොඳම ටෙලි නාට්‍ය කලාව තිබුණේ අපේ රටේ. දැන් හොඳ දෙයක් කළොත් දාගන්න බැහැ. මේකට රජය අනිවාර්යයෙන් මැදිහත් වෙන්න ඕනෑ.

SendShareShare
Previous Post

හමුදා නිලධාරියකුට කොරෝනා: හොරණ කඩ 4ක් වහයි

Next Post

ශ්‍රීපාදේ කොටින්ට අපලයක්…

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.