• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන මුදල් ගිල්ල රාජගිරියේ කෘෂිකර්ම ගොඩනැගිල්ල! අලුත් ආණ්ඩුවෙන්වත් මේ ගැන හොයමුද? Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මහජන මුදල් ගිල්ල රාජගිරියේ කෘෂිකර්ම ගොඩනැගිල්ල! අලුත් ආණ්ඩුවෙන්වත් මේ ගැන හොයමුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ මහජන මුදල් කොල්ලකන ප්‍රධාන ක්‍රමයක් ලෙස දූෂණය හඳුනාගෙන තිබෙනවා. කොහොමද අපි රටේ හිටපු ඉහළම බලධාරීන් මේ මහජන මුදල් දූෂණයට සහ නාස්තියට ලක්කළේ? මෙන්න ඒකට හොඳම උදාහරණයක්.

මතකද මහජන මුදල් ගිලගත්ත රාජගිරියේ කෘෂිකර්ම ගොඩනැගිල්ල?
එතෙක් බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයේ පිහිටුවා තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියට ගෙනයන්න 2015 යහපාලන ආණ්ඩුවේ ඉහළම නායකයන් තීරණයක් ගත්තා. ඒ, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරකසභාව ඇතිකිරීමට ගොවිජන මන්දිර ගොඩනැගිල්ල අවශ්‍ය බව කියමින්. මේ කටයුත්තේදී එවක හිටපු අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර, අනතුරුව එවක හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව පසුව 2015-2018 වසරවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවුණා.

ඒ තීරණයට අනුව මේ ගොඩනැගිල්ල 2015 ආණ්ඩුවේ කුලියට ගත්තේ මාසෙකට රුපියල් මිලියන 21ක් එනම්, මාසෙකට රුපියල් දෙකෝටි දසලක්ෂයක කුලියකට. හැබැයි රජයේ තක්සේරුව මාසෙකට රුපියල් මිලියන 13.4යි. ඒ කියන්නේ එක්කෝටි තිස්පන් ලක්ෂයක්. නියමිත වටිනාකමට වඩා මිලියන හතහමාරක් වැඩියෙන් ගෙව්වා. ඒ විතරක් නෙවෙයි. අවුරුදු 5ක කාලයක් සඳහා ගොඩනැගිල්ල වෙනුවෙන් ගිවිසුමකට එළඹී තිබුණේ මුදල් රෙගුලාසිවල දැක්වෙන උපරිම බදු කාලය වසර 3ක් වියයුතුයි කියන නියමයන්ද කඩකරලා. මාසෙකට ගෙවූ කුලිය රුපියල් මිලියන 21 බැගින් මුල් අවුරුදු 3 සඳහා ගෙවපු මුළු මුදල රුපියල් මිලියන 756ක්. ගොඩනැගිල්ලකට වසරකුත් මාස 4ක් කුලී වියදම් ගෙව්වේ එය භාවිතයටද නොගෙන. තුන්වැනි අවුරුද්දෙන් පස්සේ තවත් 15%ක් මාසෙ කුලියට එකතු වුණා. ඒ අනුව ඉතිරි වසර දෙක සඳහා ගෙවීමට සිදුවූ මුදල රුපියල් මිලියන 579.6ක්.

ඇතිවුණු සමාජ විරෝධය හමුවේ පෙර අමාත්‍යාංශය පැවැති ගොවිජන මන්දිරයටම මෙම කාර්යාලය ගෙනයෑමට කටයුතු කළේ 2020 ජනවාරි 31 වැනිදා. ඒ අවස්ථාව වන විටත් 2020 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා රුපියල් මිලියන 28.05ක මුදලක් බදු කුලී හා සේවා ගාස්තු ලෙස ගෙවා තිබුණා. මේ මුදල් අවභාවිතය පිළිබඳ කෝප් කමිටුව හමුවේ මෙන්ම වංචා දූෂණ විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේද කරුණු අනාවරණ වුණා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ ගොඩනැගිල්ලට රජය කළ මුළු වියදම රුපියල් බිලියන 2යි මිලියන 100කට ආසන්නයි.

මේ වියදම කොයි තරම් විශාලද?
ගිය මාසේ 29 වැනිදා රටේ වී ගොවීන්ට දෙන කෘෂි පොහොර සහනාධාරය වෙනුවෙන් වෙන්කළ මුදල රුපියල් මිලියන 57ක්. මේ වැඩකට නැති නාස්තිකාර කෘෂිකර්ම ගොඩනැගිල්ල කුලියට ගන්න නාස්ති කළ මුදලින් 36 වතාවක් පොහොර සහනාධාරය දෙන්න තිබුණා. ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම් සඳහා නීතිපති අනුමැතිය පවා ලැබිලා තිබුණේ නැහැ. මේ ගොඩනැගිල්ල තෝරාගෙන තිබුණේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව. මේ ගොඩනැගිල්ලේ තාක්ෂණික සහ නීතිමය ගැටලු රැසක් ඇති බවද ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වුණා.

පාඩුව එච්චරද?
නැහැ. පසුගිය මාසේ 21 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා හෙළිකළේ මේ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාගැනීමේදී ගොඩනැගිල්ලේ හිමිකරුවන් භාරයේ තැබූ කෝටි 66ක තැන්පත් මුදල තවමත් රජයට ලැබී නොමැති බවයි. එවිට අහිමි වුණු මුදල රුපියල් මිලියන 2760ක් පමණ වනවා. ඒ මුදලින් මේ කන්නය වගේ කන්න 48කට පොහොර සහනාධාරය දෙන්න තිබුණා. ඉතින් රටේ ගොවි ජනතාවට සේවය සලසන්න තිබුණු ප්‍රකෝටි ගණන් මුදල් නාස්ති කරපු මේ නායකයන් බත් කන අය නම් වෙන්න බෑ. හැබැයි මේ නාස්තිකාර වැඩේ නිසා තුන්වේල නැති වුණේ මේ නාස්තිකාරයන්ට නෙවෙයි. එදා වේල හොයාගෙන කන සාමාන්‍ය ජනතාවට.

රටේ ගොවීන්ට යනඑන මං නැතිව අසරණව සිටිද්දී අමාත්‍යාංශ ගොඩනැගිලිවලට බිලියන ගණනින් මහජන මුදල් යටකළ අයට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුණාද?

Newsfirst.lk ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

Next Post

රනිල්-අනුර ඩීල් එක මොකද්ද? මහඡන්දය කට ළඟ තියෙද්දී IMF ගිවිසුම ගැන සජිත් ප්‍රේමදාස ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! ළහිරු සමග සජිත්ගේ විශේෂ දේශපාලන සංවාදය බලන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.