ඊශ්‍රායල රජයේ නියෝජිතයකු වැඩබලන පොලිස්පතිවරයා හමුවීමට පැමිණීම සම්බන්ධයෙන් පොලිස් වෙබ් අඩවිය නිල නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News
එය පහත දැක්වේ.
2024-10-23 වන දිනයට ආසන්න දින තුලදී ආරුගම්බේ සංචාරක කලාපය ආශ්‍රිතව ඇතිවුන ආරක්ෂක වාතාවරණය යටතේ ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙරට සංචාරයට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින් ප්‍රධානව විදේශික සංචාරකයින් සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භකළ අතර ගෝලීය යුධමය තත්වයන් මත එම සැලසුම් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මකය.
ඊශ්‍රායල ආරක්ෂක අංශ හා විදෙස් කටයුතු අංශ හා සහසම්බන්ධ වෙමින් තොරතුරු හුවමාරුව විධිමත්ව සිදුවන අතර ඊට ස්තූතිය පළකිරීම සඳහා මෙන්ම නව ආරක්ෂක සැලසුම් පිළිබඳව සාකච්ඡා සිදුකිරීම සඳහා ඊශ්‍රායල රාජ්‍යයේ නියෝජිතයෙකු වන Regional Security officer, Counselor Roi vaknin මහතා ඊයේ (05) දින වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවීමට පොලිස් මූලස්ථානය වෙත පැමිණියේය.










