නිබඳව විදෙස් සම්පත්වලින් පෝෂණය වන ත්‍රස්තවාදීන් සිටින විටෙක රටක අභ්‍යන්තර යුද්ධයක් ජයගන්නේ කෙසේද? මෙවන් යුද ගැටුම් පවතින රටවල් බොහොමයක ආණ්ඩු පිළිතුරු සොයන්නේ එම ප්‍රශ්නයටයි. වසර 30කට ආසන්න කාලයක් දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති අවි ගැටුම නිමා කරමින් විශිෂ්ට යුද ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකාව සාර්ථකව ත්‍රස්තවාදීන් පරදවන ආකාරය සොයාගත් රටවල් අතර කැපී පෙනෙන්නේ අන් රටවල් ත්‍රස්තවාදයට සාර්ථක විසඳුම් සොයා ගත නොහැකිව සිටින නිසාවෙනි. මුදලින් සහ තාක්ෂණයෙන් පිරිපුන් බළඇණි සහිත ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදීන් දශකයකට අධික කාලයක් තුළ වුවද පරාජය කිරීමට නොහැකිව තිබෙන විටෙක, එවන් සම්පත්වලින් තොර ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මර්දනය කළ අයුරු කැපී පෙනන සුලුය. ලොව භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙස හැඳින්වූ, මරාගෙන මැරෙන බෝම්බ මුල්වරට නිර්මාණය කළ ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ කෙසේද?
නිබඳව විදෙස් සම්පත්වලින් පෝෂණය වන ත්‍රස්තවාදීන් සිටින විටෙක රටක අභ්‍යන්තර යුද්ධයක් ජයගන්නේ කෙසේද? මෙවන් යුද ගැටුම් පවතින රටවල් බොහොමයක ආණ්ඩු පිළිතුරු සොයන්නේ එම ප්‍රශ්නයටයි. වසර 30කට ආසන්න කාලයක් දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති අවි ගැටුම නිමා කරමින් විශිෂ්ට යුද ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකාව සාර්ථකව ත්‍රස්තවාදීන් පරදවන ආකාරය සොයාගත් රටවල් අතර කැපී පෙනෙන්නේ අන් රටවල් ත්‍රස්තවාදයට සාර්ථක විසඳුම් සොයා ගත නොහැකිව සිටින නිසාවෙනි. මුදලින් සහ තාක්ෂණයෙන් පිරිපුන් බළඇණි සහිත ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදීන් දශකයකට අධික කාලයක් තුළ වුවද පරාජය කිරීමට නොහැකිව තිබෙන විටෙක, එවන් සම්පත්වලින් තොර ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මර්දනය කළ අයුරු කැපී පෙනන සුලුය. ලොව භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙස හැඳින්වූ, මරාගෙන මැරෙන බෝම්බ මුල්වරට නිර්මාණය කළ ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ කෙසේද?
උපායමාර්ගික අරමුණ
පළමුවෙන්ම සතුරාට ගැළපෙන පරිදි උපායමාර්ගික අරමුණු හඳුනාගත යුතුය. 1983 කොටි ත්‍රස්තයන් සමඟ ඇරඹුණු ගැටුමේ ආරම්භයේ සිට වසර 22 ක් පුරාවට යුද වැදුණු රජයේ ආරක්ෂක අංශවල උපායමාර්ගය වූයේ කොටි සංවිධානය සාම සාකච්ඡාව සඳහා ගෙන ඒමට හැකි වනතෙක් ඔවුන්ව දුර්වල කිරීමය. ඊනියා විදෙස් ආරක්ෂක උපදේශකයන් සහ විශේෂඥයන් හොඳම සහ එකම විසඳුම ලෙස යෝජනා කළේ කොටි සංවිධානය සාකච්ඡා මේසයට ගෙන ඒමට හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමයි. 2006 වසරේදී විශ්‍රාමික ඉන්දීය හමුදාවේ ජෙනරාල් සහ ඉන්දීය සාම සාධක හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ ඒ.එස්. කල්කට් ප්‍රකාශ කළේ “මේ ගැටලුවට යුදමය විසඳුමක් දෙන්න බෑ. ශ්‍රී ලංකා හමුදාවට කොටි සංවිධානයට එරෙහිව යුද්ධයක් ජයගන්න බෑ. කොටි සංවිධානයත් දන්නවා හමුදාවට එරෙහිව යුද්ධය දිනන්න බෑ කියල. ඒ නිසා (ඒ වනවිට නෝර්වේ රජයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පැවති) සාම ක්‍රියාවලියට විකල්පයක් නෑ.” යනුවෙනි.
කොටි සංවිධානය ඒ වන විට නෝර්වේ රජයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමඟ පස් වන වරටත් සාකච්ඡා පවත්වමින් තිබුණි. කෙසේ හෝ එම සාම සාකච්ඡා අතරමඟ බිඳ වැටුණේ 2003 වසරේ එජාප රජය යටතේ අත්සන් කළ සටන් විරාම ගිවිසුම අතරතුර තවදුරටත් මුදලින්, ආයුධවලින් සහ සටන්කරුවන්ගෙන් පෙරටත් වඩා කොටි සංවිධානය ශක්තිමත් වී තිබියදීය. මින් පෙර තුන් වතාවක් මෙන්ම, සාම සාකච්ඡා අතරතුර ශක්තිමත් වූ කොටි සංවිධානය සිවුවන ඊළාම් යුද්ධය ඇරඹුවේ මෙවර රජයේ හමුදා පැරදවිය හැකි බවට හොඳ විශ්වාසයකින් යුතුවය. රජයේ ආරක්ෂක අංශද සටනට පිවිසුණේ වෙනස් අරමුණකිනි. පෙර වතාවල සාම සාකච්ඡා මේසයට කොටින්ව ගෙන ඒමේ උපායමාර්ගික අරමුණ වෙනුවට, සතුරා විනාශකර දැමීමේ අරමුණ පෙරදැරි කොටගෙන ආරක්ෂක අංශ කොටි සංවිධානයට එරෙහිව සටනට එළඹුණහ.
ඒ සඳහා සතුරාගේ ස්වභාවය හඳුනාගැනීම වැදගත් විය. වසර 22ක් පුරා රජයේ ආරක්ෂක අංශ අනුගමනය කළ උපායමාර්ග ඊට උචිත නොවුණි. 2005 වසරේ තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කොටි සංවිධානයේ දුර්වලතා මනාව හඳුනාගෙන ඊට ගැළපෙන ලෙස උපායමාර්ගික සැලසුම් සකස් කළේ කොටි ත්‍රස්තයන්ගේ ශක්තීන් මැඩලිය හැකි අයුරිනි.
කොටි සංවිධානයේ මූලිකම ගැටලුවක් වූයේ සීමිත මානව සම්පතයි. ලංකාවේ ජනගහනයෙන් උතුරු-නැගෙනහිර ජීවත්වන 12% පමණ වන දෙමළ ජනයාගෙන්, කොටි සංවිධානයට ක්‍රියාකාරීව සහයෝගය දැක්වූයේ 3,00,00 පමණ පිරිසකි. නමුත් කොටි සංවිධානයට දෙමළ ජනයා තුළ තිබූ කැමැත්ත පිරිහෙමින් තිබුණි. දෙමළ ජනයාගේ විමුක්තිකාමී සංවිධානය ලෙස තමන්ව හඳුන්වාගෙන තිබූ කොටි සංවිධානයට මුල් අවදියේ ස්වකැමැත්තෙන්ම දෙමළ ජනයා සටන්කාමීන් ලෙස එක් වුවද, 2006 වකවානුව වෙද්දී එලෙස ස්වේච්ඡාවෙන් එකතු වන පිරිස අඩුවෙමින් පැවතුණි. ඒ නිසා තම සේනාව තර කරගැනීම වෙනුවෙන් එක පවුලකින් අඩුම වශයෙන් එක් අයෙක් කොටි සංවිධානයට බැඳීම අනිවාර්ය කර තිබුණි. ඇතැම් විට එලෙස බඳවාගත් සොල්දාදුවන් පිරිස අතර පාසල් වියේ පසුවූ ළමුන්ද විය. දැඩි නීති සහිත ව්‍යුහය, ගරිල්ලා වර්ගයේ ගොඩබිම් සටන්වලට පුහුණුව, විදෙස්ගත දෙමළ ඩයස්පෝරාවගේ සහ නීති විරෝධී ක්‍රමවලින් උපයාගත් මුදල් මත යැපීම වැනි දේ කොටි සංවිධානය මෙහෙයීමේ ශක්තීන් වුවද, ඒවා පසු කලෙක ඔවුන්ටම විරුද්ධව යොදා ගත හැකි දේවල් බවට හඳුනා ගැණින.
සමස්ත උපායමාර්ගය
සාර්ථකත්වය සඳහා සමස්ත උපායමාර්ගයක් අත්‍යාවශ්‍යය. එම සමස්ත උපායමාර්ගය හමුදාමය පියවර පමණක් නොවේ. ආර්ථිකය, හමුදාමය ක්‍රියාමාර්ග, බුද්ධි මෙහෙයුම්, තානාපති උපාය ඥානය, සහ රටක් ලෙසට සාර්ථක වීමට අවශ්‍ය සංවර්ධන ක්‍රියාමාර්ග එකමුතුව ගත් සමස්ත උපායමාර්ගයක් දීර්ඝකාලීන සාමයක් සහතික කරයි. මහින්ද රාජපක්ෂ රජය ඉන් පෙර පැවති රජයන් අනුගමනය කළ පටු දේශපාලන අරමුණු තකා කෙරුණු යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ අසාර්ථක අරමුණින් බැහැරව යුද්ධය නිමැවීමේ සහ මුළු රටම සංවර්ධනය කිරීමේ සමස්ත සැලසුමකට අනුව බිම් මට්ටමේ කටයුතු ඇරඹීය.
සමස්ත සැලසුමේ ආර්ථික සැලසුමට අනුව මහින්ද රාජපක්ෂ රජය පළමුවෙන් ආරක්ෂක වැය ශීර්ෂය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%කට ආසන්න ප්‍රමාණයක් වෙන් කළේය. එය පෙර වසරවල ආරක්ෂක අංශ වෙනුවෙන් වෙන් කළ මුදලට සාපේක්ෂව 40%ක පමණ වැඩි කිරීමකි. එය රටේ ආර්ථිකයට දැරිය නොහැකි වූ වියදමක් නිසාවෙන් රජයට විදෙස් ණය ලබා ගැනීමට සිදුවිය. ඩොලර් බිලියන 1ක ණය මුදලක් චීනයෙන් ලබා ගැනීමට සහ ඛනිජ තෙල් සහ අවි ආයුධ පසුව ගෙවන පදනමක් යටතේ ලබා දීමට ඉරානය, ලිබියාව, රුසියාව සහ පාකිස්ථානය එකඟ කරගැනීමට රජය සමත් විය.
කොටි සංවිධානයේ ආදායමෙන් 60%ක පමණ විදේශ කොටි හිතවාදීන් හරහා ලැබුණි. එපමණක් නොව, අවි ආයුධවලින් වැඩි ප්‍රමාණයක්ද විදේශයන්හි අවි ජාවාරම්කරුවන් හරහා ලැබෙමින් පැවතුණි. විදෙස් තානාපති අංශ හරහා ක්‍රියාත්මක කළ දැනුවත් කිරීම මඟින් කොටි සංවිධානය ජාත්‍යන්තරව හුදෙකලා කිරීමට රජය සමත් විය. රටවල් 32ක් මඟින් තහනම් සංවිධානයක් ලෙස නම් කෙරුණි. මින් පෙර කොටි සංවිධානයේ උන්නතියට කටයුතු කළ, ලංකාවේ අභ්‍යන්තර සටනට සෘජුව බලපෑම් කළ, එමෙන්ම කොටි සංවිධානය පරාජය කිරීමේ වැඩපිළිවෙළට දැඩි බලපෑම් එල්ල කළ හැකි ප්‍රබලම රට වූ ඉන්දියාව සමඟ සාර්ථක තානාපති සබඳකමක් ඇති කරගැනීම මහින්ද රාජපක්ෂ රජයේ ජයග්‍රහණයක් විය.
එමෙන්ම, 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් බැට කෑ ඇමෙරිකාවේ දැඩි ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්තියද කොටින්ට විරුද්ධ තානාපති අංශ සටනට උදව්වක් විය. කොටි ත්‍රස්තයන් විසින් අවි ජාවාරම්කරුවන් හරහා මිසයිල ඇතුළු අවි මිලට ගැනීම අවහිර කිරීම, බුද්ධි අංශ තොරතුරු හුවමාරු කරගැනීම, වෙරළාරක්ෂක නෞකාවක් සැපයීම, සහ ජාතික නාවික අණදෙන සහ පරිපාලන පද්ධතියක් සැපයීම ආදී ක්‍රමවලින් ඇමෙරිකාවද කොටි ත්‍රස්තයන්ට එරෙහි රජයේ වැඩපිළිවෙළට සහාය දුන්නේය.
කැනඩාව සහ යුරෝපීය සංගමයද යුද්ධයේ අවසන් භාගයේ වුවද කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීම මඟින් කොටින්ගේ ජාත්‍යන්තර අරමුදල් ජාලය අඩපණ විය. 2006 වන විට වසර 22ක යුද්ධයෙන් බැට කා සිටි ශ්‍රී ලාංකිකයෝ මින් පෙර රජයන්ට නොහැකි වූ කොටි සංවිධානය පරාජය කිරීම මහින්ද රාජපක්ෂගේ රජයට කළ හැකිදැයි දෙගිඩියාවකින් පසු වූහ. ජාත්‍යන්තරව පමණක් නොව, කොටි සංවිධානය තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා රට තුළ මහජනයාගේ සහයෝගය දිනා ගැනීම සඳහා රජය ක්‍රියාත්මක කළේය.
ඒ සඳහා යුද්ධය ක්‍රියාත්මක වෙන අතරතුර වුවද ආර්ථික සංවර්ධන ක්‍රියාදාමය නොනවත්වා කළ යුතු බවට රජය තේරුම් ගෙන තිබිණි. උදාහරණයක් ලෙස පොහොර සහනාධාරය ලබාදීම වැනි වැඩපිළිවෙළක් නොකඩවා ක්‍රියාත්මක කෙරුණි. ආර්ථික සංග්‍රාමය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම හේතුවෙන් යුද්ධය වෙනුවෙන් මුදල් වෙන් කිරීම ඉතා අපහසු කරුණක් විය. තිරසාර සාමයක් සඳහා මහජනතාවට බලාපොරොත්තුවක් ඇතිකිරීමට නම් නොකඩවා ක්‍රියාත්මක වෙන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ අත්‍යාවශ්‍ය වීම හේතුවෙන් විදෙස් ණය ලබා ගැනීම අතිශය තීරණාත්මක විය. කෙසේ වෙතත්, ලබාගත් යුදමය ජයග්‍රහණ සහ ආර්ථික ජයග්‍රහණ නිසාවෙන් මහජනතාවට යුද්ධයේ නිමාව පිළිබඳ බලාපොරොත්තුවක් ජනිත විය. (ආරක්ෂක අංශවල සාමාජිකයන්ට “හමුදාකාරයා” යහ සමාජ මතයෙන් මිදී ප්‍රෞඪත්වයක් ලබාදෙන “අපි වෙනුවෙන් අපි” වැනි වැඩ ව්‍යාපෘතිවල) ප්‍රතිඵලයක් ලෙසට, 2005 වසරට පෙර වසරකට සෙබළුන් 3000ක් බඳවා ගැනීම අසීරු අඩියක පැවතියද, 2008 වසරේ අග භාගය වෙද්දී මසකට නවක සෙබළුන් 3000ක් පමණ හමුදා සේවයට එක් වෙමින් පැවතුණි. ආරක්ෂක වැය වැඩිකිරීමේ සහ ජනතාවගේ උද්‍යෝගයේ ප්‍රතිඵලයක් ලෙස 2005 වසරේ 120,000ක් පමණ වූ සමස්ත සෙබළ ප්‍රමාණය, 2009 වසර වෙද්දී 200,000 දක්වා ඉහළ ගියේය.
ශූර යුද්ධෝපක්‍රම
සමස්ත උපායමාර්ගික සැලසුම සාර්ථක වීමට නම් සතුරාගේ ශක්තීන්වලට මුහුණ දෙමින් දුර්වලතාවලට පහර දෙන බිම් මට්ටමේ යුද්ධ උපක්‍රම තිබිය යුතුය. කොටි සංවිධානයට සිටි 20,000-30,000 පමණ වූ සටන්කරුවන් පිරිස තීක්ෂණ යුද්ධෝපක්‍රම භාවිතයෙන් සම්පූර්ණයෙන් විනාශ කර දැමීමේ හැකියාව තිබුණි. 2006 වසරේ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භයට පෙරම එම ක්‍රියාව පහසු කරවන සිදුවීමක් සිදුව තිබුණි.
2004 වසරේ අවසානයේ, කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෙක් සහ නැගෙනහිර ප්‍රදේශයේ අණ දෙන්නා වූ කර්නල් කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් වෙන් විය. කොටි සංවිධානයේ හොඳම සටන්කරුවන් යැයි විරුදාවලි ලද නැගෙනහිර ප්‍රදේශයේ සටන්කරුවන් 6,000ක් පමණ කරුණා සමඟ කොටි සංවිධානයට එරෙහිව කැරැල්ලට එක් වූහ. එමඟින් කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ බලය දැඩි ලෙස හානියට පත් විය. මෙම වෙන් වීම නිසා කොටි සංවිධානයේ අතිශය රහස්‍ය බුද්ධිමය අභ්‍යන්තර කරුණු රජයේ හමුදා බුද්ධි අංශවලට ලබා ගැනීමට පොටක් පෑදුණේය. කොටි සංවිධානය මඟින් පාලනය වූ ප්‍රදේශවලට ගොස් නිරීක්ෂණය කර ඔත්තු සැපයීමට කැමැත්ත පළ කළ දෙමළ ඔත්තුකරුවන් ලැබීම රජයේ බුද්ධි අංශවලට තීරණාත්මක විය. මෙම සුවිසල් අභ්‍යන්තර කැරැල්ල දෙමළ ජනයා සහ එහි සටන්කරුවක් වෙත කොටි සංවිධානයේ තිබූ බලාධිකාරය හීන වෙමින් පවතින බවට පැහැදිලි සාක්ෂි සැපයීය.
සිව්වන ඊළාම් යුද්ධය ආරම්භයේදී කොටි සංවිධානයට ලංකාව පුරාම ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබුණි. රටේ ඕනෑම තැනක ඕනෑම මොහොතක බෝම්බයක් පිපිරිය හැකි අනාරක්ෂිත වාතාවරණයක් තිබුණි. සුවිශේෂී ප්‍රභූන් වෙත ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩකඩක් තිබුණි. විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පාකිස්ථාන මහකොමසාරිස්, හමුදාපති සරත් ෆොන්සේකා ආදී ප්‍රභූන් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඉලක්ක විය. කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ඇතුළු ඕනෑම ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව මර්දනයට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ප්‍රමාණාත්මකව වැඩි වෙමින් තිබූ හමුදා සහ පොලිස් සේවා අභ්‍යන්තර ආරක්ෂක සේවා සඳහා යොදාගැනීම සහ සිවිල් ආරක්ෂක බළකාය පිහිටුවීම ඉන් ප්‍රමුඛ විය. ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක වූ කොටි සංවිධානයේ ත්‍රස්ත ඒකක සැලසුම් සහගතව සොයමින් විනාශ කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කළේය. ආරක්ෂක අංශවල මෙම ක්‍රියාමාර්ග ප්‍රභූ ඉලක්ක විනාශ කිරීමේ සහ මහජනයා ඉලක්ක කරමින් ආර්ථික මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට කොටි සංවිධානයේ හැකියාව අඩපණ කිරීමට සමත් විය.
දකුණේ ක්‍රියාත්මක වූ ආරක්ෂක වැඩපිළිවෙළ නිසා උතුරේ සහ නැගෙනහිර කොටි සතුරන්ට එරෙහිව සැලසුම් සහගතව හමුදා උපායමාර්ග ක්‍රියාත්මක කිරීමට ඉඩකඩක් ලැබුණි. එහි මූලික අරමුණ වූයේ සාම්ප්‍රදායික බටහිර මතය වන ‘මහජනතාව ආරක්ෂා කිරිමේ මූලික අරමුණින් ක්‍රියාත්මක වන හමුදා ක්‍රියාමාර්ගවලින් බැහැරව කොටි ත්‍රස්තයන් වෙතට සටන ගෙනයාමයි. සමගාමීව ක්‍රියාත්මක වූ පෙරමුණු කීපයක් කොටි සංවිධානය යටතේ පාලනය වූ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කෙරුණි. ත්‍රස්තයන් වික්ෂිප්ත බවට පත් කර, දරාගත නොහැකි මට්ටමේ ප්‍රහාරයන්ට ලක් කර, ඒ ඒ ප්‍රදේශ ආරක්ෂා කළ ත්‍රස්තයන් තුරන් කිරීමට ආරක්ෂක අංශවලට හැකි විය. එය උපායමාර්ගිකව හමුදාවට නොකඩවා බඳවා ගැනීම් සිදු කරමින් ආරක්ෂක අංශ පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් විය.
මෙම මෙහෙයුම්වලදී මනාව පුහුණුව ලත්, ජංගම, කුඩා කණ්ඩායම් විශාල මෙහෙවරක් ඉටු කළේය. එම කණ්ඩායම් කොටි ත්‍රස්තයන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල පසුකර කොටි සංවිධානයේ අතිශය සංවේදී මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කළ අතර, ත්‍රස්තයන්ගේ සැපයුම් මාර්ග සහ සන්නිවේදන බිඳ දමමින් සතුරන් පිළිබඳ යථාකාලීන දත්ත සපයමින් මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. ත්‍රස්ත ඉලක්ක වෙතට රහසිගතව ළඟා වී එම ස්ථාන නිරීක්ෂණයෙන් අනතුරුව සූක්ෂ්ම ගුවන්, කාලතුවක්කු, සහ මෝටාර් ප්‍රහාර ඉල්ලා සිටීමට සෙබළුන් සහ නිලධාරීන් 6-10කින් සැදුම් ලත් මෙවන් කුඩා කණ්ඩායම්වලට අවසරය සහ පුහුණුව ලැබී තිබුණි. ඉදිරි ආරක්ෂක වළලු වෙත දිශා කීපයකින් එල්ල වන ප්‍රහාරවලට අමතරව පසුපස මර්මස්ථාන වෙත සමගාමීව ප්‍රහාර එල්ල කිරීමේ උපායමාර්ගය නිසා කොටි ත්‍රස්තයන්ට පසු බැසීමේ හැකියාව අහිමි වූ අතර ආරක්ෂක අංශවලට කොටු වූ ත්‍රස්තයන් පරාජය කිරීමේ හැකියාව ලැබුණි.
ඉගෙනුම ලබන හමුදාවක්
සංකීර්ණ වන සටන් මෙහෙයුම් පිළිබඳ උසස් පුහුණු තුළින් දැනුවත් වූ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයෝ හැකියාවෙන් වැඩිදියුණු වූ, වඩාත් වෘත්තීය, වැඩි විශ්වාසයක් සහිත සෙබළු බවට පත් වූහ. එවන් සෙබළුන්ගෙන් පිරිපුන් හමුදාවට, ත්‍රස්තයන්ට එරෙහි දැඩි අසීරු මෙහෙයුම් වුවද දිවා රෑ භේදයකින් තොරව වැඩි වේගයකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණි. උපායමාර්ගික මූලික සැලසුම් සහ නව අදහස් සාර්ථක වෙද්දී, ඒ ජයග්‍රහණ යොදාගනිමින් නව උපායමාර්ග සැලසුම් කරන “ඉගෙනුම ලබන හමුදාවක්” බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව පත් විය.
ලොව ක්‍රියාත්මක වූ විවිධ වර්ගයේ ත්‍රස්ත සංවිධාන අතර කොටි සංවිධානය සුවිශේෂී එකක් විය. ඒ ඔවුන්ට නාවික බලයක් හිමිව තිබුණ නිසාවෙනි. මුහුදු කොටි අංශය රජයේ ආරක්ෂක අංශවලට එරෙහි දෙයාකාරයක මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. ඒ රජයේ ආරක්ෂක අංශවල වෙරළාසන්න සැපයුම් මාර්ග අවහිර කිරීම සහ කොටි සංවිධානයට නාවික සැපයුම් ලබාදීමයි.
රජයේ ආරක්ෂක අංශවල වෙරළාසන්න සැපයුම් මාර්ග අවහිර කිරීම සඳහා කොටි ත්‍රස්තයන් කුඩා සහ වේගවත් බෝට්ටු වර්ග දෙකක් නිපදවූහ. ෆයිබර්ග්ලාස් බඳකින් නිමවූ ස්වයංක්‍රීය තුවක්කු සහ ග්‍රෙනේඞ් විදිනයන්ගෙන් සන්නද්ධ කළ වේගවත් පහරදෙන යාත්‍රා එක් වර්ගයකි. උසින් අඩු, ශක්තිමත් බඳකින් යුත්, ගැටීමකදී පුපුරා යන බෝම්බ පිරවූ මරාගෙන මැරෙන යාත්‍රා අනිත් වර්ගයයි.
සිව්වන ඊළාම් යුද්ධය අතරතුර මුහුදු කොටි අංශය රජයේ නාවික යාත්‍රා වෙත ප්‍රහාර එල්ල කළේ ඉහත දෙවර්ගයේම යාත්‍රා පොකුරු ලෙස පැමිණෙමිනි. ප්‍රහාරක යාත්‍රා 30ක් පමණ සහ මරාගෙන මැරෙන සන්නද්ධ යාත්‍රා 8-10 අතර ප්‍රමාණයක් පොකුරක් ලෙසට පැමිණ ප්‍රහාර එල්ල කළහ. නාවික හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම අසීරු වූයේ මුහුදු කොටි පැමිණියේ ධීවර ට්‍රෝලර් යාත්‍රා පිරිවරාගෙන බැවිනි. මුහුදු කොටි ප්‍රහාර මැඩලීමට නාවික හමුදාව සමත් වූයේ, ක්ෂණික විහිදුම් බලගණය ක්‍රියාත්මක වූ කුඩා අධිවේගී ප්‍රහාරක යාත්‍රා 60 -70 අතර ප්‍රමාණයක් පොකුරක් ලෙසට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙනි. මුහුදු කොටි ඉලක්ක හඳුනාගැනීමට වෙරළේ ස්ථාපිත රේඩාර් 20ක් පමණ සහ ඇමරිකානු රජයෙන් ලබා දුන් රේඩාර් පාලන පද්ධතිය බෙහෙවින් උපකාරී විය.

ආචාර්ය පීටර් ලේටන් – වසර 35 කට අධික අත්දැකීම් ඇති ආරක්ෂක සමස්ත සැලසුම් පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. 2015 අප්‍රේල් මස ‘ද ඩිප්ලොමැට්‘හි පළවූ ලිපියක පරිවර්තනයකි











