• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රට හදන හැටි: මේ සතියේ මරික්කාර්

May 24, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
රට හදන හැටි: මේ සතියේ මරික්කාර්
Share on WhatsAppShare on Facebook

දෙපයින් නැගී සිටීමට කොයි කවරදාත් වෙර දරන අපේ රටට එල්ල වූ අනපේක්‍ෂිත කොරෝනා හෙවත් කොවිඞ්-19 මාරක ප්‍රහාරය එක දිගට සත් වසරක් එක වැහි බිංදුවක් හෝ නො වැටුණු නියං සමයක මහ දවල් කඩා වැටුණු හෙණ ගෙඩියක් වැන්න.
මේ දිනවල රජයත් මහජනයාත් වෙහෙස නොබලා දිවා රාත්‍රි කෙරෙන සටන රෝගය පැතිරීම වළක්වා ගැනීමටත්, වෛරසය ආසාදිතවූවන් මුදා ගැනීමටත් කෙරෙන සටනකට සීමා වූවකි.
මේ රටේ සෑම සියලු දෙනාගේම විශේෂයෙන් සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශවල අනූපමේය මෙන්ම අප්‍රතිහත ධෛර්ය සහ කැපවීම නිසා ඉදිරි සති දෙක තුනක හෝ මාසයක හෝ කාලය තුළ මේ ව්‍යසනය දුරින්ම දුරීභූත කරගැනීමට සියලු දේවාරක්‍ෂාව නිරන්තරයෙන්ම ලැබෙන බව සක් සුදක් සේ පැහැදිලිය. මේ රටේ පමණක් නොව සමස්ත ලෝකවාසීන්ගේම ඒකායන ප්‍රාර්ථනාවද එසේම වේවා යන්නම වේ.
එහෙත් කොවිඞ්-19 පැතිරීම වළක්වා ආසාදිතයින් සුවපත් කළ පමණින්ම ව්‍යසනය තුරන් වූවේ යැයි කිසිසේත්ම සිතිය නොහැක්කේය.
අනතුරුව එළඹෙන්නේ අනතුරේ බරපතළම කාල පරිච්ඡේදයේ ආරම්භයයි. එහි අවසානය අද ද හෙටදැයි කිව නොහේ. එහි අවසානය රඳාපවත්නේ නෙතට නින්දක් ඉණට වස්ත්‍රයක් කුසට අහරක් නැතිව මේ රටේ දරුවන් (අනාගතය) වෙනුවෙන් දෙකාංශයෙන් දහඩිය මුගුරු, ලේ කඳුළු දිවා රාත්‍රි හෙළන මිනිසුන්ගේ (ඔවුනට නමස්කාර වේවා) යෝධබල, යෝධ ශක්තිය මත යැයි කිව යුතුව තිබේ.
රටේ ආර්ථිකය සංවර්ධනය උදෙසා, රටේ අභිවෘද්ධිය උදෙසා නිවැරැදි දිසානතියකට යොමු නොකොට යොමු නොවී මනා අවබෝධයකින් තොරව ශ්‍රමය දහඩිය හෙලුවේ නම් ඒ සියලු අභිප්‍රායන් ගඟට කැපූ ඉනි මෙන් නොවන්නටද බැරිකමක් නැත.
අපේ නිවැරදි ආර්ථික ගමන් මග කොයි ආකාරයකට සකස් විය යුතුද යන්න පිළිබඳව බලධාරීන් සහ මේ රටේ මහ ජනතාව දැනුවත් කිරීමේ අපේක්‍ෂාවෙන් මව්රට ආරම්භ කළ ලිපි පෙළේ පළමු ලිපියෙන් පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු එකම වරලත් ගණකාධිකාරවරයා වූද මුදල් ඇමැතිවරයා වූද රවි කරුණානායක මහතාගේ අදහස් ඉදිරිපත් කෙළෙමු.
මහබැංකුවේ හිටපු අධිපතිවරයකු වූද වර්තමාන ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදේශකවරයකු වූද නිවාඞ් කබ්රාල් මහතාගේ අදහස් දෙවැනි ලිපිය වශයෙන් පසු ගිය සතියේ ඉදිරිපත් කෙළෙමු.
පසුගිය ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වූ එමෙන්ම මහජන ප්‍රසාදය දිනාගත් අයකු වශයෙන් හා වර්තමාන විපක්‍ෂයේ කැපීපෙනෙන චරිතයක් වන එස්.එම්. මරික්කාර් මහතා මෙවර සංවාදයට අපි එක් කර ගතිමු.

කොරෝනා වසංගතය අපේ ආර්ථිකයට බලපාන්නේ කොයි ආකාරයට දැයි ඔබ දකින්නේ කෙසේද?
කොරෝනා වසංගතයෙන් ආර්ථිකය කඩා වැටෙමින් තියෙන්නේ අපේ රටේ පමණක් නොවේ. එය ලෝකයේ සියලුම රටවලට එල්ල වූ ප්‍රහාරයක්. අපේ කලාපීය බලවතකු වන ඉන්දියාව පවා වැටිලා. කියන්න කනගාටුයි මාධ්‍යවලින් ඔබ දකින්න ඇති ඉන්දියාවෙ මිනිස්සු පාරවල් පාරවල් ගානෙ මැරිල හිටියා. අගමැති මෝඩි ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලනවා. ඉතාලියේ ජනතාව කෑමබීම නැතුව මහ පාරේ ළතෝනි දෙන හැටිත් ඔබ මාධ්‍යවලින් දකින්න ඇති. ඒ වාගෙ ලෝකයේ බලවත් රටවල් එහෙම නම් අපේ මේ පුංචි රටේ ආර්ථිකය කොහාම වෙයිද?

සමස්තයක් වශයෙන් එහෙම වුණත් එක එල්ලේම අපට කියන්න පුළුවන්ද මොන ආර්ථික ක්‍ෂේත්‍ර කියලද?
අපේ රටේ ආර්ථිකය ඈත අතීතයේ රඳාපැවතුණේ කෘෂි භෝග මතයි. ප්‍රධාන වශයෙන් තේ, පොල් රබර් කුරුඳු ගම්මිරිස් කරාඹු නැටි සහ එනසාල් වාගේ කුළු බඩු ප්‍රධාන කොට ගෙනයි. මුතු මැණික් වාගෙ දේවල්වලිනුත් විදේශ විනිමය නොලැබුණා නොවෙයි. ඒත් ඒ ආර්ථික රටාව මේවන විට උඩු යටිකුරු වෙලා ගිහින්. දැන් අපේ රටට පොල් ආනයනය කරන්නත් වෙන තත්ත්වයක් ඇති වෙනවා.
දැන් අපේ රටට ලැබෙන ප්‍රධාන ආදායම විදේශගතව සිටින අපේ ශ්‍රම බළකායයි. වාර්ෂික ආදායම රුපියල් බිලියන අටක් හෙවත් කෝටි අටසියයක් (8,00,00,00,000) තරම්.
දෙවැනි තැන හිමි වෙන්නේ සංචාරක කර්මාන්තයටයි. අපේ ඉදිරි වාර්ෂික ටාගට් එක (ඉලක්කය) රුපියල් බිලියන පහයි. ඒ කියන්නේ රුපියල් කෝටි පන්සියයි (5,00,00,00,000).
තුන්වැන්න ඇඟලුම් කර්මාන්තයයි.
කොරෝනා වසංගත තත්ත්වය යටතේ විදේශ ගත ශ්‍රමය ස්ථාවරව රැකගත හැකිදැයි යන්න ගැටලුවක්. බොහෝ රටවල් රැකියා කප්පාදුවකට නොගිහින් සිටියිද කියන්න බෑ. ඊට සූදානමක් තියෙනව. එහෙම වුණොත් රටට ආදායම අහිමි වෙනවා පමණක් නොවෙයි ලක්‍ෂ ගණනාවකට රැකියා අහිමි වෙනවා. ඒ අය ආපහු ගම්බිම් බලා එනවා. එතකොට ප්‍රශ්නය කොහොම හිටියිද?
කොරෝනා වසංගතය නිසා බියට පත් විදේශ සංචාරකයින්ගේ පැමීණීම ශීඝ්‍රයෙන් පහත වැටිලා. බිලියන පහක් අපේක්‍ෂා කළ වාර්ෂික ආදායම රුපියල් බිලියනයකටවත් කිට්ටු කරන්න බෑ. ඒ අනුව අප ඉලක්ක කළ ආදායමෙන් අපට අහිමි වන ප්‍රමාණය රුපියල් කෝටි හාරසියයක් (400,00,00,000) තරම්. ඒ අනුව සංචාරක කර්මාන්තයෙන් යැපුණු පිරිසට රැකියා අහිමිවීමෙන් මහ මගට වැටෙන පවුල් සංඛ්‍යාව සුළුපටු නෑ.
තුන් වැන්න ඇඟලුම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීම. දැන් අපේ නිෂ්පාදන පිටරටට යවා ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. ඉදිරියේදී ඇමෙරිකාව යුරෝපය වාගෙ රටවලට එන්නෙ සීත කාලෙ. ඒ අයට ඇඳුම් අවශ්‍යයි. අපේ නිෂ්පාදන ගොඩගැහිල. සහන ක්‍රමයට හරි යවා ගත්තොත් හොඳයි.
අපේ අනිත් ආදායම් මාර්ගය මත්ස්‍ය අපනයනය. පසුගිය සමයේ පැවති ආණ්ඩුව සාකච්ඡා කරල ජී.ස්.පී. ප්ලස් යටතේ මත්ස්‍ය අපනයනය කිරීමේ අවස්ථාව ලබා ගත්තා. කොරෝනා වසංගතය නිසා ඒ ආදායම් මාර්ගයත් හීනවෙලා.
මේ තත්ත්වය යටතේ රටේ විශාල පිරිසකට රැකියා අහිමි වෙලා තියෙනවා. ඉදිරි තතත්ත්වයත් අනතුරුදායක එකක් විය හැකියි. ආණ්ඩුව ඒ ගැන හිතන්නෙ නැද්ද?
මේ රටේ රාජ්‍ය සේවකයන් ලක්‍ෂ පහළොවකට (15,00,000) ආසන්න පිරිසක් සිටිනවා. පෞද්ගලික අංශයේ ලක්‍ෂ fදාළහක් (12,00,000) තරම්. එදිනෙදා රැකියා කරන සහ ස්වයං රැකියාවල නිරත සංඛ්‍යාව ලක්‍ෂ හතළිස් දෙකකට (42,00,000) වැඩියි.
ඉස්සර කවුරුත් හදිස්සියකට රුපියල් සියයක් (100) දීල බොහෝ දෙනා ත්‍රීවීල් එකක යනවා. දැන් එහෙම යන්නෙත් නෑ. ඒකෙනුත් විශාල පිරිසකගේ ආර්ථිකය පහත වැටිලා. ත්‍රීවීල් මහත්තුරු තමන්ගෙ වාහන අරන් තියෙන්නෙ අතේ සල්ලි දීල නෙමෙයි. ලීසිං ක්‍රමයට. දැන් ඒ අයට ලීසිං ගෙවා ගන්නත් බෑ.
යම් හෙයකින් විදේශ රැකියා කප්පාදුවකට අහුවෙලා එන පිරිස වැඩි වුණොත් ශක්‍රයගෙ පුතා වෛමා ආවත් මේ තත්ත්වය සමනය කිරීම පහසු වෙන එකක් නෑ. ආණ්ඩුවේ ඇතැමුන්ගේ මතය හැත්තෑ හතට පෙර තිබූ සංවෘත ආර්ථික ක්‍රමයට යන්න ඕනෑ කියන එකයි. ඒ ක්‍රමය අනරියෝ අනත්ත සංහිතෝ කියල ඇතැම් රටවල් අත්ඇරල දාල තියෙනව. එහෙව් එකේ අපේ රට ඒකම බදා ගන්න යන එක විහිළුවක්.
කෙසේ වෙතත් ආණ්ඩුව මේ වන විට සාධනීය ක්‍රියාමාර්ගයක් අරන් තියනවා. ඒ අනවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කිරීමයි. ඒකට අපි එකඟයි. ඒත් ඒක හැමදාම කරන්න බෑ. ආණ්ඩුව සාමාන්‍ය මහජනයා දෙස බැලිය යුතු තවත් පැත්තක් තියෙනවා. ලොක් ඩවුන් වෙලා ගෙදර බිත්ති හතරටම කොටුවෙලා හිටපු දවස්වල වැඩි දෙනා තමන්ගෙ නෑදැැ මිත්‍රයන්ට දුරකතනයෙන් කතා කළා. ටීවී ඉන්ටර්නෙට් බැලුවා. ගේම් ගැහුවා. වෙනදට වැඩියෙන් ජලය පාවිච්චි කළා. ඒ මාසෙ දෙකේ ඒ බිල් ආවෙ නෑ. දැන් ඔක්කොම එකපාර ගෙවන්න බිල් එනවා. ඒක මහජනයාට හරි දුෂ්කරයි. එක මාසෙක ගෙවා ගන්0නත් බැරුව හිටපු අය දැන් එකවර මාස දෙක තුනක ගෙවන්නෙ කොහොමද? මේව රාජ්‍ය ආයතන නිසා බිල්පතෙන් සියයට පනහක් (50%) ගෙවන්න අවස්ථාව දෙන්න ඕනෑ. නැත්නම් අවම වශයෙන් මාස හයකින් (6) වාරික වශයෙන් ගෙවන්න හෝ අවසථාව සලසා දෙන්න ඕනෑ.
මොනවා වුණත් කොරෝනා වසංගතයෙන් වාසි වෙච්චි කට්ටියකුත් ඉන්නවා. ඒ තමයි දුරකතන කොම්පැනිකාරයො.

කවදාවත් නැති විදිහට ගෙවතු වගා උද්‍යෝගයක් ඇතිවෙලා තියෙනවා. මදි නොකියන්නම මාධ්‍යවලිනුත් සහය ලැබෙනවා. ඔබේ අදහස මොකක්ද?
කෙටිම කෙටි පිළිතුර බොහොමත්ම හොඳයි කියන එකයි. වහින කාලෙට වඳුරු රංචුව එකට ගුළි වෙලා ගෙවල් හදන්න ප්ලෑන් කරනවා. පවුලෙ නැත්නම් රැලේ නායකයා එක එකාට කළ යුතු වැඩ කොටසත් පවරනවා. කූඩු හදන්න ඕනෑ කෝටුනෙ. ඒ හින්ද නායකයා කියනවා මං කෝටු මිටියක් ගේන්නං, තෝත් එකක් ගෙන කියල. ඒකට කියන්නෙ තෝ මිටියයි. මං මිටියයි කියල. වැස්ස පායපුවාම ඒක කාටවත් මතක නෑ. ඒ ක්‍රමයට අපේ අය කියන්නෙ තෝමිටියයි, මං මිටියයි කියන සිද්ධාන්තය කියලයි. ඉතින් මේකත් තෝ මිටියයි. මංමිටියයි කියන සිද්ධාන්තයෙ වැඩක්.
අනිත් අතට අපි මේ ටිකත් අමතක කරන්න හොඳ නෑ. අපේ ගොවියන්ගෙ මිරිස් අස්වැන්න තියෙද්දි පිටරටින් ගේන කොට උද්ඝෝෂණය කරපු ගොවීන් හිරේට ගිය ලෝකෙන් උතුම් රට මේක. කොළදිං (ගොයම් කපන) කාලෙට පිටරටින් හාල් ඉම්පෝට් කරද්දි වී විකුණ ගන්න බැරිව ගොවියො වහ බීල මැරුණු රටත් මේ සිරි ලංකාවයි. ඇයි මාතලේ දඹුල්ලෙ ලූනු ගොවියො ලූනු ගොඩවල් පාර අයිනෙ තියා ගෙන ඇඟේ අමාරුවට බ්‍රේක් ඩාන්ස් දැම්ම කියල හිතනව?
කරනවා නම් වැඩ කෝටියක් තියෙනවා. රට වටේ මූද ඒත් කරෝල කෑල්ල, මාළු ටින් එක ගේන්නෙ රටින්. ඇයි ඔය ටික මේ රටේ කරන්න බැරිද? ඕව කරන්න පුළුවන් විශේෂඥ දැනුම් තේරුම් ඇති උගත්තු අපේ රටේ ඕනැ පදම් ඉන්නවා. ඒ මිනිස්සු පැත්තකට දාන එකයි මේ රටේ විනාසෙට මුල.

පසුගිය කාලෙ කඩා වැටුණු පුද්ගලික ව්‍යාපාර යාවත්කාලීන කරල නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවල රැකියා සුරක්‍ෂිතභාවය තහවුරු කරන්න බදු සහන ණය සහන දෙනව කියල ඇතැම් ඇමැතිවරුන් පොරාන්දු දුන්න. ඔබ කියන්නෙ මොකක්ද?
ණය සහන ඉල්ලා ඉල්ලුම් පත්‍ර හත් දහසක් (7000) ලැබී තියෙනවා. වෙන් කර තියෙන්නෙ රුපියල් බිලියන තුනයි. ඒ කියන්නෙ, රුපියල් කෝටි තුන්සියයි. (300,00,00,000) ඒ දෙන්නෙ සියයට හතරෙ (4%) පොලියට. මේ අනුව එක් අයෙකුට ලැබෙන්නෙ රුපියල් ලක්‍ෂ තුනත් (3,00,000) හතරත් (4,00,000) අතර ප්‍රමාණයක්.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ වැටිලා. ආණ්ඩුව ඒ සහනය මහජනතාවට දෙන්නෙ නෑ. ඉන්ධන මිල රුපියල් පහකින් වැඩි කරලලු. ඔබ මේ ගැන කියන්නේ කුමක්ද?
අවම වශයෙන් අපට ඉන්ධනවලට වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් බිලියන පහක් වැය වෙනවා. දැන් තෙල් බැරලයක මිල ඩොලර් දාසයකට (16) බැහැලා. ඒ කියන්නේ තෙල් මිල සියයට අසූවත් (80%) අනූවත් (90%) තරම් අඩුවෙලා. ඒ කියන්නේ ඒ අනුව අපට වාර්ෂික රුපියල් බිලියන හත්සිය අසූවක (7,80,00,00,00,000) ඉතුරුවක් කර ගත හැකියි.
රුසියාව, ඩෙන්මාර්කය වාගෙ රටවල් කරල තියෙන්නෙ ඒ පහසුකම පුද්ගලික අංශයට දෙන එකයි. පුද්ගලික අංශය සේවක රැකියා සුරක්‍ෂිතතාවය සථිර කර තියෙනවා. වැටුප් අඩු කිරීමක් කරල නෑ.
අපට කරන්න තියෙන්නෙ ඉන්ධන මිලට ගන්න රටවල් සමග සාකච්ඡා කරල ලබන වර්ෂයටත් එක්ක ගිවිසුම් ගත වෙන එකයි. අප වාර්ෂිකව අවශ්‍ය තෙල් තොගය එකවර ලබා ගත්තත් ගබඩා කර ගන්න ගබඩා පහසුකම් නැති නිසා එකවර නොව කාර්තු වශයෙන් ලබා ගැනීම සඳහා ගිවිසුම්ගත වෙන එකයි.

දැන් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙ වැටුපෙන් සතියක කොටසක්වත් පරිත්‍යාග කරන්න කියල ඉල්ලීමක් කරනවා?
ඔව්. ඔව්. ඔය එන්නෙ පෙරහැරේ මල් බයික්කාරයා. කාවඩිකාරයා එන්නෙ ඉලැක්ෂන් එකෙන් පස්සෙ. එතකොට ඉල්ලීම් කරන්නෙ නෑ ඩිරෙක්ට් චක්‍රල්ඛනේ එන්නෙ අඩු කරන්න කියල. රජයෙ සේවකයන් වැඩි දෙනා ගෙයක් හදාගන්න ඉඩමක් ගන්නයි, ගෙවල් හදන්නයි, දරුවන්ට උගන්වන්නයි නැත්නම් ලෙඩට දුකටයි දරුවන්ගෙ මඟුල් තුලාවලටයි ලෝන් ගහල ගහල ඉන්නෙ. හතර පස් දෙනා ඉන්න පවුල්වල අය මම දන්නවා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. කැපිල කැපිල අතට ලැබෙන්නෙ රුපියල් විසි තිස් දාහයි. ලයිට් බිල්, වතුර බිල්, ගෙවල් කුලී. ඔය ඔක්කොම ගෙවන්න ඕනෑ. ඉතින් කොහොමද ඒ අය සතියක වැටුපක් දෙන්නෙ.
අපේ ආණ්ඩුව 2015 ආපු හැටියෙ රජයේ සේවකයන්ගෙ වැටුප රුපියල් දහ දාහකින් වැඩි කළා. මේ අවුරුද්දෙ 2020 ජනවාරි මාසෙ ඉඳල වැඩි කරන්න කැබිනට් අනුමැතිය දීල තිබුණු වැටුප් වර්ධකයත් මේ ආණ්ඩුව ඇවිල්ල නැවැත්තුවා.

දැන් ඇමෙරිකාවයි චීනෙයි අතර පොඩි ගැටීමක් තියෙනවා. චීනෙ තියෙන තමන්ගෙ කර්මාන්ත ශාලා අයින් කර ගන්නවා කියලා ඇමෙරිකාව කියනවා. ඉන්දියාව ලෑස්තිය ඒ කර්මාන්තශාලා ටික තමන්ගෙ රටට ගන්න. අපිත් මොන මොනව හරි ඉල්ල ගන්න දැඟලුවොත් නරකද?
අපෝ මම ඕවට කැමති නෑ. අලි දෙන්නෙක් ගහ ගන්න කොට බළලෙකු මැද්දට පැන්නොත් මොකද වෙන්නෙ.

මොන කරදර මැද්දෙ වුණත් ආණ්ඩුව ඇමෙරිකන් ඩොලර් මිලියන හතළිහකට (40) හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න යනවා. ඔබේ අදහස මොකක්ද?
මේ රටේ ඇති වෙන්නම ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙද්දි මේ කරන්නෙ විකාර වැඩක් කියල ක්‍රිකට් ක්‍රීඩාව ගැන විශේෂඥයින්ම කියැද්දි තමයි මේ වැඬේ කරන්නෙ. සූරියවැව, අස්ගිරියෙ දඹුල්ලෙ කීයක් ක්‍රීඩාංගණ තියෙනවද? මේ අය හදන්නෙ ක්‍රිකට් ගහන්න නෙමෙයි. පිට්ටනියෙන් ගහන්න.

මේ වාගෙ තත්ත්වයක් ඔබලගේ ආණ්ඩුව කාලෙ සිද්ධ වුණා නම් මුහුණ දෙන්නෙ කොහොමද?
දේශපාලනඥයින් හිතන්නෙ ඒ අය තමයි මේ රටේ හැමදේම දන්න ගැලවුම්කාරයො කියල. නෑ. මේ රටේ දක්‍ෂයො ඉන්නවා අප්‍රසිද්ධියේ. ඔවුන් විශේෂඥයො. අපි ඒ අයගෙන් අවවාද අනුශාසනා ගන්නව. අපි අවශ්‍ය පහසුකම් සපයනවා. ඒක සියයට සියයක් ස්ථිරයි.
සජිත් ප්‍රේමදාස මහත්තයා දුප්පතාගෙ හිතවතා. එතුමා දුප්පතා වෙනුවෙන් අසරණ අය වෙනුවෙන් එතුමාගේ පියා වගේම කැපවෙන කෙනෙක්. කොළඹ හතේ (7) ඔය ටයි කෝට් අඳින අය වාගෙ නෙමෙයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කවුරුත් දන්නෙ නැති-කවුරුත් දැකල නැති-ඇතුළෙ ඉඳන් ගේම ගහන ගෝඨාගේ තුන්වැනි ඇහැ: කවුද මේ ‘සුරේෂ් සලෙයි’

Next Post

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා… බුදු හාමුදුරුවනේ…

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.