• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මුම්බායි ගිය නයනතාරා බොලිවුඩයත් අල්ලයිද?

October 14, 2024
in Heart
Reading Time: 4 mins read
A A
මුම්බායි ගිය නයනතාරා බොලිවුඩයත් අල්ලයිද?
Share on WhatsAppShare on Facebook

නයනතාරා ගැන කතාබහකට එකතු වෙන්නයි යන්නේ. කොයි නයනතාරා ගැනද දැන් මේ කතා කරන්න යන්නේ? එහෙම අහන්නේ නයනතාරාලා කිහිප දෙනෙක්ම කලාවට සම්බන්ධ නිසයි. කොලිවුඩ් සිනමාවෙත් ඉන්නවා ප්‍රසිද්ධ නයනතාරා කෙනෙක්. එතකොට තෝඩු එකේ කෙල්ල නයනතාරා සෙව්වන්දි. අනෙක් නයනතාරා දෙවෙනි ඉනිමේ දෙව්මි වෙච්ච නයනතාරා වික්‍රමආරච්චි. දැන් කතාකරන්න යන්නෙත් ඒ නයනතාරා ගැන තමයි. මේ කියන නයනතාරාව ‘හාට්’ එකට සෙට් කරගන්න කෝල්ස් නම් කීයක් ගත්තද? ඒත් වැඩක් වුණේ නැහැ. අන්තිමේදී දැනගත්තා එයා මේ දවස්වල ලංකාවේ නැතිය කියලා. මැසෙන්ජර් එකට පණිවුඩයක් තිබ්බත් උත්තර නැහැ. හැබැයි ඈ ගැන හොයන ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය අලුත්ම තොරතුරු සෝෂල් මීඩියාවල නම් ඕනෙ තරම් තිබුණා. මොනවද ඒ අලුත්ම තොරතුරු? කියවලා බලමු වංහුං ටිකක් මේ විදියට. (Sri Lanka Latest News)

නයනතාරා ලංකාව දාලා ගියේ ඇයිද දන්නේ නැහැ?
ලංකාව දාලා ගිහින් නැහැ. ලංකාව දාලා කවදාවත් යන්නෙත් නැහැ. මේ දවස්වල ඉන්නේ ඉන්දියාවේ කියලයි ඈ කියා තිබුණේ.

ඉන්දියානු ෆිල්ම් එකක රඟපාන්නවත් ගිහින්ද?
තවම එහෙම අයිඩියා එකක් නැතිලු. එහෙම යෝජනාවක් ආවෙත් නැතිලු. ඉන්දියාවට ආවේ මුම්බායිවල තියෙන අනූපම් ඛේයර් රංගායතනයට ඇතුළු වෙන්නලු.

ඒක සුවිශේෂ ඇකඩමියක්. අතිදක්ෂ රංගනවේදිනියක් වීමට අවශ්‍ය දැනුම් සම්භාරයක් දෙන තෝතැන්නක් ඒක. රංගන ශිල්පිනියකට ඒ ඇකඩමියට යන්න චාන්ස් එක ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්ලු. ඒ වාසනාව ඇයට ලැබුණා. ඒ භාග්‍යය ලැබුණු පළමු ශ්‍රී ලාංකික නිළිය තමා වීම ගැන අහිංසක ආඩම්බරයක් දැනෙනවලු.

අලුත් ටෙලි සඳහා ලැබුණු ආරාධනා කිහිපයක්ම නයනතාරාට අතහැරිලා කියලයි ආරංචිය. ඒක ඇයට ලොකු දුකක්, කනගාටුවක්ලු. ඒත් මේ භාග්‍යය මඟහැර දාන්න හිතන් ආවේ නැතිලු. ඒක හීනයක් හැබෑවීමක් වාගෙයිලු.

මුම්බායි ජීවිතේ කොහොමද නයනතාරාගේ?
ඒක හරිම ආශ්වාදනීයයිලු. ඇකඩමියේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා, අලුත් යාළුවෝ මීට් වෙනවා. ඉඩ තියෙන වෙලාවල මුම්බායි නගරයේ ඇවිදිනවා, ෂොපින් කරනවා. එහෙමයිලු දවස ගෙවෙන්නේ නයනතාරාගේ.

ඉන්දීය සිනමා තරු මුණගැහෙන්න ලැබුණද දන්නේ නැහැ ඇයට?
තවම නැහැලු. ඉස්සරහට බලමු කියලයි ඈ කියන්නේ.
‘ජීවිතයේ එක දවසක්’ ටෙලි කතාවේ ශාරදා ගැන කතාකරන්න නයනතාරා හුඟක් ඇල්මයි. අමතක කරන්න බැරි චරිතයක්ලු කවමදාවත්ම එය ඇයට.
දෙව්මි තුළින් ජනප්‍රිය වෙන්න වාසනාව ලැබුණා වුණත් ඒ වගේම දෙවෙනි ඉනිමේ දෙව්මි එයාව තරුවක් කළත් ශාරදා කියන්නේ ඇගේ ටර්නින් පොයින්ට් එකලු. ඈ ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළාලු. ශාරදාගේ නිරූපණය තමාට ඇබ්බැහියක් වුණා කියලයි ඇය කියන්නේ.

නයනතාරා ලස්සනට පුරුදු කෙනෙක් වගේ දෙමළ උච්චාරණය කළාලු. මාසයලු ලැබුණේ දෙමළ ඉගෙන ගන්න. පුදුමය කියන්නේ තමන් දෙමළ කතාකරන අපූරුව ඇයටවත් අදහන්න බැරි වුණාලු.

ප්‍රවීණ සම්මානනීය නිළි අනෝජා වීරසිංහ ලොකු ක්‍රෙඩිට් එකක් දුන්නාය කියනවා නයනතාරාට.
නයනතාරා හිතන විදියට ඒක තමයි ඇයට ලැබුණු හොඳම සම්මානය. ප්‍රවීණ සම්මානනීය නිළි අනෝජා, ‘අනේ මේ ළමයගේ දක්ෂකම විටිනාකම තවම කවුරුත් අඳුනගෙන නැහැනේ. කවදා හරි අඳුනගන්න දවසක් ඒවි. එදාට මේ කෙල්ල යන දුර හිතාගන්නවත් බැරි වේවී‘ කියලා එක අවස්ථාවක කිව්වලු.

ශාරදාට සම්මාන ගනිද්දී ඒ කතාව මතක් වෙන්න ඇති ඇයට?
හැම මොහොතකම ඒ කතාව මතක් වෙනවලු. ඈ දුන් අගය ගලක කෙටුවා වගේ තමයි. කවදාවත් අමතක වෙන්නේ නැහැලු.

මුම්බායි ජීවිතයත් එක්ක ලංකාවේ සිනමාව ටෙලි කලාව ඇයට අමතක වෙලා යයිද?
කවදාවත්ම නැහැ. ඒකට මැරිලා උපදින්න වෙයි කියලයි ඈ කියන්නේ.
හීන, බලාපොරොත්තු ඉලක්ක ගැනත් නයනතාරා කිව්වලු.

ලොකු ලොකු බලාපොරොත්තු දැනට නෑ. මෙහෙමය කියලා ප්ලෑනින් නැහැ. රංගන ජීවිතය තුළ මහ දුරක් යන්න තමයි දැනට හිතේ තියාගෙන ඉන්නේ. එහෙම ඈ අවසානෙට කිව්වාය කියන්නේ.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෙන්න මාලිමාව රටට කියපු ලොකුම බොරු දෙක දැන් එළියට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

සුහානාගේ කොහොමත් ඉතින් ලොකු සීන්!

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.