• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉම්රාන් ඛාන් හිරේ ඇතුළේ ඉඳන් මාර වැඩ කරන්නේ! ඉම්රාන් ඛාන් සිරගෙදර සිටම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල කුලපති ධුරයට ඉල්ලුම් කරයි! හිටපු අගමැතිගේ බිරියට සිරගෙදර තුළදී අයුතු බලපෑම් කරලා! වසර 14ක් සිර දඬුවම් විඳින හිටපු අගමැති සහ බිරිය හමුදා රජයෙන් අගමැති යුවලට ගැළවීමක් නැහැ! Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉම්රාන් ඛාන් හිරේ ඇතුළේ ඉඳන් මාර වැඩ කරන්නේ! ඉම්රාන් ඛාන් සිරගෙදර සිටම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල කුලපති ධුරයට ඉල්ලුම් කරයි! හිටපු අගමැතිගේ බිරියට සිරගෙදර තුළදී අයුතු බලපෑම් කරලා! වසර 14ක් සිර දඬුවම් විඳින හිටපු අගමැති සහ බිරිය හමුදා රජයෙන් අගමැති යුවලට ගැළවීමක් නැහැ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘වර්තමානයේදී ඉතා උග්‍ර ලෙස පාකිස්තානය ප්‍රදේශවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් පීඩා විඳිද්දී කිසිවකුත් පාකිස්තානය තුළ ආයෝජනය කිරීමට කැමැති වන්නේ නැහැ. මෙම අවදානම ඉතා තදබල ලෙස පවතිනවා. දේශපාලන අස්ථාවරත්වය සහ ත්‍රස්තවාදය රටෙහි ආර්ථිකය කඩාවැටීමේ අද්දරටම ගෙනගොස් තිබෙනවා. දේශපාලන පක්ෂවලට ජාතිය එක්සත් කළ හැකි නමුත්, රට පුරාම සිටින ප්‍රබල එකම පක්ෂය වූ පී.ටී.අයි. පක්ෂය ඉතා දුර්වල වෙමින් තිබීම හරිම උත්ප්‍රාසාත්මකයි. මූල්‍යමය පරිහානියෙන් පාකිස්තානයේ ආර්ථිකය මුළුමනින්ම බිඳෙනසුලු තත්ත්වයකට පත්ව තිබෙනවා. විදේශීය කිසිදු පාර්ශ්වයක් මේ නිසා රට තුළ ආයෝජනයන් සිදුකරන්නේ නැහැ. මෑතකාලීන ත්‍රස්තවාදී රැල්ල පිළිබඳ රජය අපගේ ‘පී.ටී.අයි.’ පක්ෂයට චෝදනා කරනවා. එහෙත් අප එවැන්නකට සම්බන්ධ නැහැ. ත්‍රස්තවාදීන් පැමිණියේ දේශසීමාවට පිටතින් බව ඔප්පු වී තිබෙනවා. (Sri Lanka Latest News)

ශ්‍රී ලංකාවට යාබද රටක් වන පාකිස්තානයෙන් අසන්නට ලැබෙන මෙම කතාව කුමක්ද? පාකිස්තානයේ වත්මන් ආර්ථික අර්බුදයකට අදාළව මෙම ප්‍රකාශය සිදුකරන්නේ කවරකු විසින්ද? මෙයට දින කිහිපයකට ඉහතදී මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකළේ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසිනි. ඉම්රාන් ඛාන් යනු කවරකු දැයි ලොව බොහෝ දෙනෙක් හඳුනති. එහෙත් ඔහු අද බොහෝ ඛේදනීය තත්ත්වයකට ඇදවැටී ඇති පුද්ගලයෙකි. එනම් පාකිස්තානයේ හිටපු අගමැතිවරයා මේ වනවිට සිර දඬුවම් විඳිමින් සිටින දේශපාලකයෙකි. ඔහුගේ විවිධ තොරතුරු පසුගිය කාලයක් පුරාම අපට විවිධ විදේශීය මාධ්‍ය හරහා අසන්නට ලැබුණේය. කලින් කලට ඔහු ගැන වූ පුවත් අලුත් වෙමින් අසන්නට ලැබුණේය. දැන් එසේනම් ඔහුගේ අලුත්ම වතගොත කුමක්ද? ඉහත මෙම ලිපියේ ඔහු සඳහන් කළ ප්‍රකාශය සිර මැදිරිය තුළ සිටියදී ප්‍රකාශ කළ එකකි. හිටපු අගමැති ඉම්රාන් ඛාන් මෙලෙස තම ප්‍රකාශයන් සිදුකරනු ලබන්නේ තමන් නියෝජනය කිරීමට පැමිණෙන නීතිඥයන් වෙතය. ඉන් පසු එම ප්‍රකාශයන් මාධ්‍යයන් වෙත නිකුත් කරනු ලබයි. එසේම තමන්ට එරෙහිව විභාග වන නඩුහබවලදී සිදුකෙරෙන තමාගේ ප්‍රකාශද මාධ්‍ය විසින් ප්‍රකාශයට පත්කරනු ලබයි. මෙහිදී හෙළිකළ යුතු අනෙක් සුවිශේෂී කරුණ නම් හිටපු අගමැතිවරයා සමග ඔහුගේ බිරිය බුෂ්රා බිබී නමැති කාන්තාවද සිර දඬුවම් විඳිමින් සිටියි. මෙම යුවල පසුගියදා තමන්ට ඇප ලබාගැනීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කළද එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙම යුවලට එල්ල කර ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ රජයේ නීතිරීති උල්ලංඝනය කරමින් රාජ්‍ය ත්‍යාග රඳවා තබාගෙන අලෙවි කිරීමයි. මෙම ත්‍යාග විදේශීය ප්‍රභූවරුන්ගෙන් ලැබුණු ඒවාය.

කුමක්ද මේ ඇසෙන කතාන්දරය? ඉම්රාන් ඛාන් නමැති මිනිසා ලොව බොහෝ දෙනකු විසින් හඳුනන්නේය. මුලින් ඔහු ප්‍රවීණ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත්, පසුව පාකිස්තානය පාලනය කළ අගමැතිවරයකු ලෙසත් හඳුනන්නේය. අද ඔහුට අත්වී ඇති ශෝචනීය ඉරණම ගැනද ජනතාව බොහෝ කරුණු දන්නේය. එනම් පසුගිය සමයේදී ඔහුට එරෙහිව එල්ල කෙරුණු දූෂණ වංචා චෝදනාවන් මත අද ඔහු සිරගත කර ඇත. අධිකරණයක් විසින් ලබාදුන් වසර 14ක සිර දඬුවමකට යටත්ව පාකිස්තානයේ දැඩි රැකවල් ඇති බන්ධනාගාරයක ඔහු සිරගත කර ඇත. දැන් එසේ නම් මේ ලිපියේ ඉහතින් ඔබට ලියා තැබූ වදන් ප්‍රකාශ කර සිටින්නේ කවුරුන් විසින්ද? මෙම ප්‍රකාශය සිදුකරන්නේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් නායකත්වය දරනු ලබන ‘පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ නමැති පක්ෂය විසිනි. එම පක්ෂය විසින් තමන්ගේ නායකයාගේ වත්මන් තත්ත්වය ආශ්‍රිත කරගෙන පසුගියදා යට කී ප්‍රකාශය සිදුකර ඇත. ඉම්රාන් ඛාන් අගමැති ධුරය දැරූ සමයේදී තමන්ට විවිධ රටවල රාජ්‍ය නායකයන් විසින් පිරිනමන ලද විවිධ වටිනා ත්‍යාග ගණනාවක් නැවත විකුණා මුදල් උපයා ගත්තේ යැයි චෝදනා කර තිබිණි. ඒ අනුව ඔහුට එරෙහිව රාජ්‍ය පාර්ශ්ව විසින් අධිකරණයේ නඩුවක් ගොනුකළ අතර, එය පසුගිය කාලයේදී විභාගයට ගැනිණි. එම නඩුවේ තීන්දුව පසුගියදා අධිකරණය විසින් ලබාදුන් අතර, එය වසර 14ක සිර දඬුවමක් විය. එසේම ඔහුට ඉදිරියට වසර 05ක් යනතුරු පාකිස්තාන දේශපාලනයේ නිරත වීමද තහනම් කෙරිණි. මේ ආකාරයට ඉම්රාන් ඛාන් මෙම මොහොතේදී එම දඬුවම් විඳිමින් සිටියි. ඉම්රාන් ඛාන් දැනට 71 වැනි වියෙහි පසුවන අතර, මෙයට වසර එකහමාරකට පමණ පෙර පාකිස්තාන පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් හරහා ඔහුගේ අගමැති ධුරය අහිමි විය. 2018 අගෝස්තු 18 සිට 2022 අප්‍රේල් 10 දක්වා ඔහු අගමැති ධුරය දැරීය.

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටා ඇති ඇටොක් නමැති නගරයේ පිහිටි ‘අඩියාලා’ බන්ධනාගාරයේ මේ වනවිට ඉම්රාන් ඛාන් සිරගත කර ඇත. බි්‍රතාන්‍ය පාලන සමයේ සිටම පවත්වාගෙන එන මෙම බන්ධනාගාරය බොහෝ පැරැණි එකකි. මෙහි විශේෂත්වය වන්නේ බොහෝ විට ප්‍රකට දේශපාලකයන් කිහිප දෙනකුම එහි කලින් කලට සිරගත කර තිබීමය. ඒ අනුව මෙයට පෙර පාකිස්තානය පාලනය කළ අගමැතිවරුන් තිදෙනෙක්ම මෙහි සිරගත කර තිබුණේය. පාකිස්තානයේ රාජ්‍ය පාලනය උදෙසා ජනාධිපති ධුරයක් තිබුණද එරට වඩාත් බලගතු රාජ්‍ය නායකයා වන්නේ අගමැතිවරයායි. එහෙයින් පාකිස්තානය තුළ වඩාත් බලගතු වූ පාලනය ගෙනගිය අගමැතිවරුන් තිදෙනෙක් වන නවාස් ෂරීෆ්, අසීෆ් අලි සර්දාරි සහ ෂෙබාස් ෂෙරීෆ් යන දේශපාලකයන් විවිධ චෝදනා මත දඬුවම් ලබා මෙම බන්ධනාගාරයෙහි සිර දඬුවම් වින්දේය. ඒ අනුව දැනට සිවුවැනි අගමැතිවරයා වන්නේ ඉම්රාන් ඛාන්ය. පසුගිය කාලයක් පුරාම ශ්‍රී ලංකාවේද දේශපාලකයන් සිදුකළා මෙන්ම, පාකිස්තානයේ රාජ්‍ය පාලකයන්ද එරට මැතිවරණයන් පැවැත්වීම අතපසු කළේය. තවද එරට පළාත් මැතිවරණයන් පවා නිසි කලදී පවත්වා නැත. ඉදිරි ඔක්තෝබරයේදී මහ මැතිවරණයද පැවැත්වීමට නියමිතය. මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය වසරක කාලය තුළදී ඉම්රාන් ඛාන්ගේ පක්ෂය විසින් ඉතා ප්‍රබල උද්ඝෝෂණ සහ ජන අරගලයන් පවත්වන්නට ගත්තේය. එය කෙතරම් ප්‍රබල වූයේද යත් මෙයට මාස කිහිපයකට පෙරදී ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයන් විසින් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථාන වෙතටද පහර දුන්නේය. එම උද්ඝෝෂණවලට ඉම්රාන් ඛාන් පවා මූලිකත්වය ගෙන සහභාගි විය. මෙවැනි තත්ත්වයක් යටතේ එවිට පාකිස්තාන රජයේ පාලන කාලයද නිමවුණු අතර, අගමැති ෂෙබාස් ෂෙරීෆ් අගමැති ධුරයෙන් ඉවත් විය. එවිට රාජ්‍ය පාලනය සඳහා භාරකාර අගමැතිවරයකු පත්කළේය.

ඉම්රාන් ඛාන් වසර 04කට ආසන්න කාලයක් පුරා පාකිස්තානයේ 22 වැනි අගමැතිවරයා ලෙස කටයුතු කළේය. තමාගේ නායකත්වයෙන් යුතුව තමන් විසින්ම නිර්මාණය කරන ලද පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය ආරම්භ කරන ලද්දේ 1996 අප්‍රේල් 25 වැනිදාය. ඔහු මුලින්ම පාකිස්තානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්වන්නේ 2002 වසරේ ඔක්තෝබර් 10 වැනිදාය. මේ අනුව ඉම්රාන් ඛාන් දැනට වසර 27ක් පුරා ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරතව සිටියි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත උසස් පාසලක ඉම්රාන් ඛාන් අධ්‍යාපනය ලැබුවේය. විද්වත් පරිචයක් ඇති ඔහු 2005 වසරේ සිට 2014 දක්වා එංගලන්තයේ බ්‍රෙඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කළේය. ඉම්රාන් ඛාන්ගේ ලොව බොහෝ හඳුනන අනෙක් සුවිශේෂත්වය වන්නේ ඔහු අතිදක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු වීම හේතුවෙනි. ඔහු පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 1971 සිට 1992 දක්වා නොකඩවා වසර 21ක් පුරා නියෝජනය කළේය. අවසානයේදී ඔහු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද වසර ගණනාවක් කටයුතු කළ අතර, 1992 වසරේදී ලෝක ක්‍රිකට් කුසලානය දිනාගැනීමටද නායකත්වය දෙමින් කටයුතු කළේය. ඉන් පසුව ඔහු එම වසරේදීම ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබුවේය. 2022 නොවැම්බර් 03 වැනිදා පන්ජාබයේ පැවැත්වුණු දේශපාලන රැලියකදී යම් පුද්ගලයකු විසින් ඉම්රාන් ඛාන්ට වෙඩිතබනු ලැබීය. එහෙත් එහිදී ඔහුගේ පාදයකට පමණක් වෙඩි වැදුණු අතර, ඝාතන සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. දැන් මේ දිනවල ඉම්රාන් ඛාන්ට පනවා ඇති සිර දඬුවම්වලට ප්‍රථම මෙම 2023 මැයි මාසයේදීද ඉම්රාන් ඛාන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය. එහිදී මහත් සේ කෝපයට පත් ඔහුගේ පාක්ෂිකයන් රට පුරා දැඩි කලබල සිදුකරන්නට ගත්තේය. පසුව ඔහු නිදහස් කෙරිණි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හිටපු පාලකයෝ බිලියන ගණන් රටට පාඩු කරපු විගණන වාර්තා ගොන්නක් තියෙනවා! ඒවා ගැන කවුරුවත් තවම ඇහැක් ඇරලා බලලා නෑ! හිටපු විගණකාධිපති මේ කරන හෙළිදරව්ව ගැන හොරු අල්ලනවා කියලා බලයට ආපු අනුරගේ ආණ්ඩුව ඇහැ ඇරලා බැලුවොත් නරකද? VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති අපේක්ෂකයාත් සමග 61 දෙනෙක් එකතැන මරාදැමූ 1994 ජනාධිපතිවරණය! (Sri Lanka Latest News)

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.