• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති අපේක්ෂකයාත් සමග 61 දෙනෙක් එකතැන මරාදැමූ 1994 ජනාධිපතිවරණය! (Sri Lanka Latest News)

October 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති අපේක්ෂකයාත් සමග 61 දෙනෙක් එකතැන මරාදැමූ 1994 ජනාධිපතිවරණය! (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

1994 ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයට විශාල උණුසුමක් එක්කළ ජනාධිපතිවරණයක්. 17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලන ක්‍රමය තවදුරටත් ඉස්සරහට ගෙනියනවද, වෙනස් කරනවද කියන එක තමයි ජනතාව ඉදිරියේ තිබුණු ප්‍රශ්නය. මේ වෙද්දී රට දෙකොන විලක්කුවක් වෙලා තිබුණේ. උතුරේ අරගලය සැරට නැගිලා තිබුණා. දකුණේ ජවිපෙ අරගලය 60,000ක් ජීවිත මතින් මර්දනය කරලා උණුසුම පහවෙලා තිබුණෙත් නෑ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බයකට අහුවෙලා පාරෙම ඝාතනය වෙලා අවුරුදු එකහමාරයි ගතවෙලා තිබුණේ. (Sri Lanka Latest News)

තීරණාත්මක ජනාධිපතිවරණයක් වුණේ මේ මැතිවරණය ලංකාවේ තුන්වැනි ජනාධිපතිවරණය වුණා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගෙන් පස්සේ ජනාධිපති බවට පත්වුණු එවක අගමැති ඩී.බී. විජේතුංග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන්න තීරණය කළා. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ඒ කාලේ එජාපයේ ජනප්‍රිය නායකයෙක්. ප්‍රබල දේශපාලකයෙක් වුණු ගාමිණී දිසානායක. පොදු විපක්ෂය නියෝජනය කරමින් තරග වැදුණේ නූතන විහාරමහාදේවිය ලෙසින් නම්කරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. ස්වාධීන අපේක්ෂකයෙක් විදියට හඩ්සන් සමරසිංහ, සිංහලේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ හරිස්චන්ද්‍ර විජේතුංග, සෙරෙප්පු සුප් කතාවක් කියලා කුප්‍රකට වෙච්ච ඒ.ජේ. රණසිංහ, එවක ජවිපෙ නියෝජනය කරපු ප්‍රගතිශීලී පෙරමුණේ නිහාල් ගලප්පත්ති යන අය සෙසු තරගකරුවන් වුණා. මේ 2024 ජනාධිපතිවරණය වගේ 40ක් විතර අපේක්ෂකයෝ හිටියේ නෑ. ඔක්කොම අපේක්ෂකයෝ 5 දෙනයි හිටියේ.

පොදු පෙරමුණෙන් තරගයට ආපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට රැල්ල හැදිලා තිබුණු බව හොඳටම පේන්න තිබුණා. රටේ ඉතාම ලොකු දේශපාලන වෙනසක් ඉල්ලමින් තිබුණු වෙලාවක්. ඒත් එජාපයෙන් තරග කරපු ගාමිණී දිසානායක ලේසියෙන් පරාජය භාරගැනීමට සූදානම් වුණේ නෑ. රට පුරා දේශපාලන කටයුතු කරමින් ඔහු තම පෙරමුණ සංවිධාන කළා. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ නිර්මාතෘ විදියට මිතුරු පක්ෂ ගාමිණීව හැඳින්නුවත් මහවැලියෙන් සෑහෙන්න කොමිස් ගත්තා කියලා තමයි විරුද්ධ පක්ෂයෙන් කිව්වේ. කොහොම වුණත් එවක ගාමිණීගේ සහාය නිලධාරියෙක් විදියට බැසිල් රාජපක්ෂ වැඩ කළ බවත් සඳහන් වෙනවා. 1994 ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම වෙන්නේ නොවැම්බර් 09 වැනිදා. සමාජ මාධ්‍ය වගේ දේවල් නොතිබුණු මේ කාලේ රූපවාහිනිය, ගුවන් විදුලිය සහ පෝස්ටර් ව්‍යාපාරය තමයි ක්‍රියාත්මක වුණේ. අදටත් වඩා ජන රැලිවලට අපේක්ෂකයන් ලොකු බරක් තිබ්බා. 1994 ඔක්තෝබර් 23 වැනිදා උදාවුණා. එදා තමයි තොටලඟ එජාප රැලිය පැවැත්වෙන්නේ. දැන් කුල්ල කුජීත වුණාට ඒ කාලේ කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බළකොටුවක්. තොටලඟ රැස්වීම කියන්නේ විශාල රැලියක්. රැස්වීම් ගණනාවක් කරමින් මධ්‍යම රාත්‍රියේ වගේ තමයි විදුලි ආලෝක මධ්‍යයේ තොටලඟ රැස්වීම පැවැත්වෙන්නේ. ඒක තමයි ජනාධිපතිවරණයට අදාළව ගාමිණීගේ අවසන් රැස්වීම විදියට සූදානම් කරලා තිබුණේ. ගාමිණී දිසානායකගේ මැතිවරණ සටනේ කොළඹ දිස්ත්‍රික්කයේ කටයුතු එක්ක උරෙන් උර ගැටිලා හිටියේ එවක හිටපු ඇමැති වීරසිංහ මල්ලිමාරච්චි, හිටපු මහ ඇමැතිවරයෙක් වුණු ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, විජයගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකර වගේ අය. මේ සියලු දෙනා තොටලඟ රැලියට සූදානම් වෙලා හිටියා. අවසන් රැලිය නිසා උපරිම උත්කර්ෂවත්ව එය පවත්වන්න සියලු දෙනා මහන්සි වුණා.

ගාමිණී දිසානායක ඊට එන්න නියමිත වෙලා හිටියේ නුවරඑළිය රැලියක් අවසන් කරලා හෙලිකොප්ටරයෙන්. අයහපත් කාලගුණය නිසා ඔහුගේ පැමිණීම මඳක් ප්‍රමාද වෙමින් තිබුණා. මධ්‍යම රාත්‍රියත් ඉක්මවා යද්දී ජනපති අපේක්ෂක ගාමිණී දිසානායක තොටලඟ රැස්වීමට සම්ප්‍රාප්ත වුණා. පැමිණි විගසම ගාමිණීට සිය කතාව පැවැත්වීමට ආරාධනා ලැබුණා. ඔල්වරසන් මැද කතාව ආරම්භ කරපු ගාමිණී ජනතාව අමතමින් මෙහෙම කිව්වා.

‘මා ඒ ගමන යන්නේ තමුන්නාන්සේලාගේ බුද්ධියත්, තමුන්නාන්සේලාගේ දැනුමත්, තමුන්නාන්සේලාගේ උපදෙස්, සඟ වෙද ගුරු ගොවි කම්කරු මේ හැම බලවේගයක් එක්කම අත්වැල් බැඳගෙනයි. එකට ගමන් නොකරනකොට පක්ෂය වැටෙනවා. අද අපි ටිකක් වැටිලා තියෙන්නේ. නමුත් අපි නැගිටිනවා. නැවත වරක්. කවදාකවත් අපේ පක්ෂය නැවත වරක් පරාජය නොකරන්න. අන්න ඒකයි අපේ පරමාර්ථය. එම නිසා මේ රෑ 12ට මම හිතන්නේ මේ විදියේ රැස්වීම් තියන එකම දේශපාලන පක්ෂය යූ.ඇන්.පී.ය. මම 12ට ඉස්සෙල්ලා කතා කළා නම් මම තමුන්නාන්සේලාට කියන්න හිටියේ සුබ රාත්‍රියක් කියලයි. දැන් මම තමුන්නාන්සේලාට කියනවා සුබ උදෑසනක් වේවා කියලා. බොහොම ස්තුතියි….’

රතිඤ්ඤා සද්දේ මැද්දෙන් තවත් බිහිසුණු හඬක් නැඟුණා. ‘බෝම්බයක් ගැහුවෝ’ කියලා මර හඬක් ඒ එක්කම නැගිලා ආවා. මිනිස්සු සීසීකඩ දුවන්න ගත්තා. ලේ වැකි මස් වැදලි ගොඩනැගිලිවල බිත්ති පවා වහගත්තා. තුවාලකරුවන් හැම තැනම. අන්තිම බරපතළ ඛේදවාචකයක්. ජනාධිපතිවරණය කටේ ඉතා ඉක්මනින්ම ගාමිණී දිසානායක රෝහල වෙත ගෙන යන්න ජනතාව කටයුතු කළත්, රෝහලට ගෙනියන්නත් පෙරම ඔහු ජීවිතයෙන් සමුඅරන් තිබුණු බව තමයි සඳහන් වුණේ.

මෙම බිහිසුණු බෝම්බ ප්‍රහාරයෙන් ගාමිණී දිසානායක, වීරසිංහ මල්ලිමාරච්චි, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, ඔසී අබේගුණසේකර ඇතුළු එජාප දේශපාලන නායකයන් ගණනාවක් ඇතුළුව 61 දෙනෙක් මරුමුවට පත්වුණා. 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

මේ කාලේ එක්සත් ජාතික පක්ෂයේ සෑහෙන දේශපාලන අර්බුද තිබුණු කාලයක්. ජනපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවෙත් ලලිත්-ගාමිණි දෙපළ. ඒ නිසා ප්‍රේමදාස ඝාතනය දක්වාම මේ දෙදෙනා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවාගෙනයි වෙනම කටයුතු කළේ. ප්‍රේමදාස ඝාතනයෙන් පස්සේ තමයි නැවත ඔවුන් එජාපයට ආවේ. ප්‍රේමදාස ඝාතනයට සතියකට පෙර ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වුණා. සෑහෙන භීෂණමය කාලයක් වුණු මේ කාලය රනිල් වික්‍රමසිංහ සහ ගාමිණී දිසානායක අතරත්, එක්සත් ජාතික නායකත්වයට ගැටුමක් තිබුණා. මේ සියල්ල ජයගෙන තමයි ගාමිණී ජනපති අපේක්ෂකත්වය වෙත ආවේ. ගාමිණී දිසානායක ඝාතනයට මේ දේශපාලන අර්බුදය හේතු වුණා කියලත් කතාබහක් පැතිර ගියත්, පසුව හෙළිදරව් වුණේ කොටි සංවිධානයේ අති ප්‍රබල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කියලා.

ඉන්දු-ලංකා ගිවිසුම සම්බන්ධයෙන් ගාමිණී දැරූ සාධනීය ස්ථාවරයත් මෙම ප්‍රහාරයට හේතුවක් බව පස්සේ කාලෙක කියැවුණා. කොන්සර්වේටිව් ජාත්‍යන්තරය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ජනප්‍රිය නායකයන් ගොන්නේ අවසන් පුරුකක් විදියට ගාමිණී දිසානායක ජීවිතයෙන් සමුගත්තා. ඔහු වෙනුවට ඔහුගේ බිරිය ශ්‍රීමා දිසානායක අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂිකාව විදියට නම් කළත්, ජනාධිපතිවරණයෙන් ඇයට ලබාගැනීමට හැකි වුණේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 35.91%ක් පමණයි. වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් වුණු 62.28%ක් ලබාගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකාවේ 4 වැනි විධායක ජනාධිපති ධුරයට පත්වුණා.

Sandun Priyankara Vithanage යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඉම්රාන් ඛාන් හිරේ ඇතුළේ ඉඳන් මාර වැඩ කරන්නේ! ඉම්රාන් ඛාන් සිරගෙදර සිටම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල කුලපති ධුරයට ඉල්ලුම් කරයි! හිටපු අගමැතිගේ බිරියට සිරගෙදර තුළදී අයුතු බලපෑම් කරලා! වසර 14ක් සිර දඬුවම් විඳින හිටපු අගමැති සහ බිරිය හමුදා රජයෙන් අගමැති යුවලට ගැළවීමක් නැහැ! Sri Lanka Latest News

Next Post

මම වැඩිහිටියෙක්..! මේ දේ හොඳට අහගන්න! හිරුණිකාට මාන්නප්පෙරුමට සජබ සභාපති කවුරුත් ගරු කරන ඉමිතියාස් බාකීර් මාකාර්ගෙන් වැදගත් ඔවදනක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.