දුෂේනි මියුරංගි, ඈ හැඩකාරයි. දක්ෂයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඒ වගේම ඈ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිහින් අවසානයි කියලා කියන්න ඕනෙත් නෑ. ඒ කොටින්ම කියනවා නම් දුෂේනි මියුරංගි ගැන හැමෝම හැම දේම දන්නවා. (Sri Lanka Latest News)
එහෙම නම් ඉතින් දුෂේනි ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙමද?
ඇයි නැත්තේ. දුෂේනි වගේ හිට් වෙච්ච තරුවක් ගැන හොයන්න මොන තරම් ඕපාදූප තියෙනවයි කියලද?
ආරංචියක් තියෙනවා. දුෂේනියි සචිනුයි හෙට අනිද්දම මැරි කරන්න යනවා කියලා. ඒ දෙන්නගේ ආදර කතාව හරිම සුන්දරයි. හැබැයි සමහරු කියනවා සචින්ට වැඩිය හොඳ කෙනෙක් දුෂේනිට හොයාගන්න තිබුණාය කියලා. සචින් ශලනි තාරකා එක්ක යාළුවෙලා හැම තැනම රට රටවල ගිහින් රෝන්දේ ගැහුවලු. ඉන් පස්සේ ශලනි කෝටිපති හස්බන්ඩ් කෙනෙක් හොයාගත්තට පස්සේ සචින්ව අතහැරියට පස්සෙලු එයා දුෂේනිව හොයාගෙන ආවේ…
දුෂේනි මොනවද ඒ කටකතා ගැන කියන්නේ? දුෂේනිට ඒවා ගැන වගක් නැහැ. ඈ කියන්නේ සචින් තමයි තමා හොයපු හොඳම ලයිෆ් පාට්නර් කියලයි. සචින් හරිම අන්ඩස්ටෑන්ඩින්ලු. බ්‍රෝඩ් මයන්ඩඩ්ලු. ඒ වගේම ඔහුගේ ආදරය හරිම කූල් කියලත් දුෂේනි කියනවා. ඒ වගේම එයා කොතැනකදී හරි කියලා තිබුණා තමන්ගේ රංගන හැකියාව ගැන සචින් අගය කරන අවස්ථා අඩුයි කියලා. එයා එහෙම කියලා තිබුණේ ‘සිහින නෙළුම් මල්’ ෆ්‍රෙෂ් ෂෝ එක දවසෙයි. එහෙම කියන්න හේතුව,
‘කොහොමද දුෂේනිගේ රඟපෑම්…?’ කියලා එදා ප්‍රසන්ටර් කෙනෙක් අහපු ප්‍රශ්නයට සචින් සැහැල්ලුවට හිනාවෙලා ‘හොඳයි කියලා තනි වචනයකින් උත්තර දුන්න නිසාලු. ඉන් පස්සේ යූටියුබර් කෙනෙක් ඒ සීන් එක අල්ලගෙන,
‘සචින් ඔයාව වැඩිය අගය කරන්නේ නැත්තේ ඇයි?’ කියලා ඇහුවලු.
‘සචින් බොරුවට මූනිච්චාවට වචන නාස්ති කරන කෙනෙක් නෙවෙයි. එයා හොඳයි කිව්වා කියන්නේ ඉතින් ඒක තමයි දෙන හොඳම අගය කිරීම. මට ඒ ටික හොඳටම ඇති’ කියලා දුෂේනි උත්තර දුන්නලු. ඒත් ඔය සීන් එක අල්ලගෙන අපේ ගොසිප් කට්ටිය කතාවක් අරන් ගියා. දුෂේනි ‘සිහින නෙළුම් මල්’ එකේ හේමාල් එක්ක රඟන රොමැන්ටික් සීන් දැකලා සචින්ට හරි ජෙලස් හිතිලලු. ඒ හින්දයි අර විදියට ඔහේ යන්තමට ‘හොඳයි’ එකක් දුන්නේ කියලා.
ඉතින් ඒ කතාව ඇත්තක්ද?
ඒක නම් දන්නේ නැහැ. ඉතින් කොහොමත් ඒ රොමැන්ටික් ආලිංගනය දැක්කම ඕනෙම ලවර් කෙනකුට ජෙලස් හිතෙනවා තමයි. කොහොම නමුත් නුදුරේදී එක පවුලක් වෙන්න ඉන්න දුෂේනි-සචින් පෙම්වතුන් ලව් බර්ඩ්ස්ලා වගේ සෝෂල් මීඩියාවල සැරිසරන්නේ. එයාලා යන එන තැන් ගැන හැමෝටම ඉඟි දෙන ගමන්මයි. ඒ අතර දුෂේනි සටහනක් මුදාහැරලා තිබුණා. අම්මට තාත්තට පස්සේ එයාට මුණගැහුණු වටිනාම කෙනා සචින් කියලා. තවත් කතාවක් මෙතැනදී මතක් වෙනවා. ඒ තමයි දුෂේනි කියලා තිබුණා දවසක් ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙක් එක්ක සුබවාදී යැයි හිතෙන සමහර කරුණු කාරණා හරියටම හරි යනකල් ගෙදර අයට විතරක් කියන්නේ, ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියලා.
තවත් ටිකක් විස්තර කරනවා නම් ප්‍රවීණ නිර්මාණකරු ආචාර්ය සෝමරත්න බාලසූරිය ‘සිංහබාහු’ චිත්‍රපටයේ සිංහ සීවලීට තමාව තෝරගත්ත බව ඇය මාධ්‍යයට දුන්නේ බොහොම පරිස්සමට කල්යල් බලලලු. ඒ කියන්නේ සුබ කාරණා හරියටම හරියනතුරු ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ කියන මිථ්‍යාව තුළ ඈ තදින් ඉන්නවා.
ඒත් ඈ සචින් සමග තියෙන පෙම් පලහිලව්ව නම් මුල ඉඳලම ප්‍රසිද්ධ මාධ්‍යයට දුන්නා. ඒකට හේතුව සචින්ව හෝ ඔහුගේ ආදරය තමාට කවදාකවත් අහිමිව යන්නේ නැහැ කියන විශ්වාසය එයා තුළ මුල ඉඳලම තිබුණා. ඔව්. ඒ ලස්සන ආදරයට දුෂේනි-සචින් ආදර අන්දරයට ඇස්වහක් වදින්න එපා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











